"ඇයි එක මලක් විතරක් කඩන්නෙ අනිත් මලුත් කඩාගමුකො " එතකොට අම්මා හිනා වෙලා මගේ කම්මුලකින් අල්ලලා කිව්ව දේ මට අදටත් මතකයි. "මේ බලන්න සුදු පුතා..! ඔයාට පේනව නේද... මේ මල් කොච්චර නම් ලස්සනද , සුවඳද... ඒත් මේ මල් පිපෙන්නෙ කාලෙකට විතරයි , ඒකත් මැදියම් රෑට... හරිම ආඩම්බරයි... මේ මල් පිපෙනකල් අපි වගේම මේ මල් වැලත් කොච්චර නම් කාලයක් මඟ බලන් ඉන්නව ඇතිද... බලන්න කොච්චර කල් බලන් හිටියත් මල් පිපුනම මේ මල් වැලේ තියන ලස්සන.ඉතින් මේ මල් ඔක්කොම අපි කඩාගත්තොත් මේ මල් වැල ආයම පාලුවට යාවි... ආයම මලක් පිපෙනකල් එයාට ගොඩාක් කාලයක් බලාගෙන ඉන්න වේවි... ඒක නිසා අපි මේ මල විතරක් බුදු සාදුට තියමු... අනුන් ගැනත් හිතන්න අපි පුරුදු වෙන්න ඕන . තේරුනාද ....?
14 parts