" සයාෂ්.."
ඉස්කෝලෙන් එලියට යන්න හදපු මම නතරවුනේ පිටිපස්සෙන් කෞරුහරි මට කතා කරනවා ඇහුන නිසා..
අහ් ත්-තේව් අයියා.. බෑග් එකත් සයිඩ් එකට දාගෙන මගෙ ලඟට එන ගමන් හිටපු අයියගෙ මූණෙ තිබ්බෙ හරි ලස්සන හිනාවක්..
" මොකෝ ගෙදර යන්න පරක්කු උනේ.."
මං ලඟටම ඇවිත් අයියා එහෙම ඇහුවා..
" ගාථා කියන්නෙ නැතුව ඉඳලා දෙපාරක් ගාථා කියන්න උනා අයියෙ.."
" අපේ ප්‍රිෆෙක්ට් එක්ක බෑ අනේ.."" අහ්.. මිහිදුම් නේ.."
" ඕ ඕ.."
" එයා හෙන නපුරුයි අයියෙ.. අනේ මිහිදුම් අයියව අයින් කරලා ඔයා ගන්නකො අපේ ක්ලාස් එකේ ඩියුටි.."" එච් පීට වෙනම ඩියුටි ක්ලාස් එකක් දෙන්නෙ නෑ පැටියො.."
ම්හුක්.. ඔව්නෙ..
වැඩක් නෑ අප්පා.. මං මූන කජු ලෙල්ලක් වගේ කරන් අයියා දිහා බැලුවා..
" හරි හරි.. දැන් අවුල් ගන්න එපා.."
" මම ගාථා කියන වෙලාවට ඔයාගෙ ක්ලාස් එක පැත්තෙ එන්නම්කො.."" ආ හා.. මොකක් හරි කමක් නෑ.."
" හෙට ඉඳන් එන්නකො අනේ.."" හ්ම්ම්.. මම එන්නම්.."
" දැන් යමු ගෙදර.."අයියා එහෙම කියලා ඉස්සර උනාම මම ඒ පස්සෙන් දුවගෙන ගියා.. හහ්හ්.. දැන් කරයි මිහිදුමා පුපක්..
අපි දෙන්නම හෝල්ටෙකට ඇවිත් නවත්තලා තිබ්බ බස් එකට නැග්ගා.. අයියා මාව ජනේලෙ ලඟට දාලා මගෙ එහාපැත්තෙන් වාඩි වුනේ බෑග්ගෙකත් උඩ රැක් එකට දාලා.. මං නම් බෑග්ගෙක ඔගොට්ටුවෙන් තියාගත්තා.. සල්ලිත් මේකෙනෙ..
මේ ඉස්කෝලෙ ඇරුනට පස්සෙ යන දෙවෙනි බස් එක.. කලින් එක යන්නෙ එකයි හතලිහට.. ඒකෙ යන්න බැරූනා මිහිදුමා අපිව වැඩිපුර විනාඩි දහයක් විතර තියාගත්ත නිසා..
අපරාදෙ.. !! ගර්ල්ස් එකේ ලස්සන කෙල්ලො ටික්කුත් නගිනවා එකයි හතලිහෙ බස් එකට..
ВЫ ЧИТАЕТЕ
සුදු අරලිය...
Документальная проза" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...