chapter 3

132 40 7
                                    

රුම් ඒක ඇතුලට ගියපු මට දකින්න හම්බුනේ මැශින් ගොඩකට මැදි වෙලා හරිම අමාරුවෙන් හුස්ම ගන්න මගේ ප්‍රානසම යාලුවාව. වෙනදාට හරිම ලස්සන හිනාවකින් පිරිලා තියෙන ඒ මූණ අද හරිම මහන්සි පාටයි. වෙනදාට අපි කාටත් වඩා ක්‍රියාශීලීව ඉන්න මගේ යාළුවා අද ඇදම ඔහේ වැතිරිලා ඉන්නවා. මටත් නොදැනිම මගෙන් ලොකු හුස්මක් පිට උනා.

ඇයි හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ

මොකද්ද අපි තුන්දෙනා කරපු වැරැද්ද

ඇයි හෝබ්බා වෙනුවට මන් එතන නොහිටියෙ

මන් දැන් මොනා හිතුවත් වැඩක් නෑ වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. දැන් කරන්න තියෙන එකම දේ මෙයාට සිහිය එනකන් බලන් ඉන්න එක. හොබ්බට සිහිය ඉක්මනට එයි කියලා මන් හිතනවා. කොහොමත් එහෙම වෙයි.

දවස් තුනක් විතර වෙනවා ඇක්සිඩන්ට් එක වෙලා තාම හොබ්බාට සිහිය නෑ. තවත් නම් බලන් ඉන්න බෑ මට ඒත් මොනා කියලා කරන්නද මට මේක ඉවසන් ඉන්නම වෙනවා. අදත් මායි යුන්ගියි උදේම හොස්පිටල් එකට ගිහිල්ලා එයාව බලලා තමා ආවේ. ඩොක්ටර්ස්ලා කියන්නේ හොබීට සිහිය එන දවසක් හරියටම කියන්න බෑ කියලා. එතකන් ඉවසීමෙන්  බලන් ඉන්න කියලා තමා එයාලා කියන්නේ. ඒත් මෙයා මට හිටපු හොදම යාලුවෙක් ඉතින් මන් කොහොමද එයා කිසිම හෙළවීමක්වත් නැතිව ඇදක වැතිරිලා ඉන්නවා තවත් බලන් ඉන්නේ. මන් මෙතනට ඇවිල්ලා කොච්චර ඇදුවත් එයාට ඇහෙන්නේ නෑ.

" මින් මින් එයාට සිහිය එයි නේද "

මන් ඇහුවෙ මට හරියටම ඒක ගැන අහන්න කෙනෙක් නැති හින්දා වගේම මගේ හිතේ තියෙන කලබලේ නැති කරගන්න. මන් මෙහෙම එයා ගැන කලබල වෙද්දී ඕනෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ හිතේ හොබී ගැන යාලුකමකට වඩා දෙයක් තියෙනවා කියලා ඒත් එහෙම නෑ මං හිතන විදිහට ඒක මට ඒ විදිහටම යුන්ගිටත් දැනෙනවා.

මන් එහෙම ඇහුව ගමන් යුන් මන් දිගට හැරිලා එයාගේ ලස්සන ගමී ස්මයිල් එක දැම්මා. මේකට තමා කෙල්ලෝ මෙයාගෙ පස්සෙන් එන්නේ. එකේ ඉතින් වැඩිය පුදුම වෙන්න දේකුත් නෑ. මොකද යුන්ගි කියන්නේ ලස්සන කෙනෙක්.

FRIENDS (COMPLETED) Where stories live. Discover now