10 කොටස

15 5 3
                                    

'ම්ම්ම්ම්.....'

"ම්ම් නෙමෙයි නැගිටින්න දැන් වෙලාව කීයද බලන්න.. ඔය මොකද බෙල්ල රතු වෙලා.."

ඒක ඇහුනා විතරයි මට ඉද්ද ගැහුවා වගේ ඉන්දවුනේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් හපපු තැනක්වත් රතු වෙලා ඇති කියලා හිතලා.. දෙයියනේ කියලා අම්මම ඒ පාර මදුරුවෙක් කාලා නේද කියලා ඇහුවට පස්සෙයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ..

"නැගිටලා එන්න කෑම කන්න.. අම්මා යන්න ඕනෙ කෝ නැගිටින්න.."

අම්මගෙන් බේරෙන්න බැරි තැන මං ගාට ගාට බාතෲම් එකට ගිහින් මූණ හෝදගෙන ඇවිත් කෑම කාලා අම්මා ගියාට පස්සෙ ආයෙත් දවල් වෙනකන්ම නිදාගත්තා.. දොළහටත් ළං වෙලා තියෙද්දි මාව එක පාරටම ඇහැරුනේ ෆෝන් එකට කෝල් එකක් එනවා ඇහුන නිසා...

'හෙලෝ....'


"හෙලෝ.. මොකද නිකම් අමාරුවෙන් වගේ කතා කරන්නෙ.. තාම නිදිද ළමයො.."

'ම්ම්ම්...'

"නැගිටින්න..ඉස්සරහට පාඩම් කරන්න පාන්දර ඇහැරෙන්න ඕනෙ..ඔහොම පුලුවන්ද පාඩම් කරන්න.."


.......



"යෝහ් නැගිටිනවකො කොල්ලො..මං මේ දොර ඉස්සරහට වෙලා හිටගෙන කෝල් කීයක් ගත්තද..."

මොකක්.. මේකා උදේ පාන්දර මෙහෙ ඇවිත්ද.. උදේ පාන්දර මටනෙ.. දොළහත් වෙන්න එනවා.. මං ඉක්මනට නැගිටලා මූණත් හෝදගෙන දුවලා ගිහින් දොර ඇරලා බලද්දි මේ ගෝතයා ඉන්නවා දත් ටිකත් එලියට දාගෙන හිනාවෙවී..

"ශෝක් කොල්ලො නැගිටින වෙලාව.. කියද්දිනම් කොහොමද.. මච ජවල් වෙනකම් නිජෑගෙන පුරුජ්ජක් ඥැහ්.. යැයි යැයි තමයි..."



'අනේ මේ නිකම් ඉන්න.. එක දවසක් ඇහැරෙන්න පරක්කු වුනා කියලා එනවා මෙතන කියවන්න.. දැන් මොකද කියන්නෙවත් නැතුව එක පාර මෙහෙ ආවෙ..."


"මට මගෙ කොල්ලව බලන්න හිතුනා ඉතින් මං ආවා..කැමති නැත්තම් මං යන්නම්.."

එහෙම කියලා එයා ආයෙ යන්න හැරෙද්දි මං එයාගෙ අතින් ඇදලා ගේ ඇතුළට අරන් දොර වහලා එයාගෙ තොල අල්ලගත්තා.. විනාඩි ගානක් එහෙම හිටපු එයයි මායි හයියෙන් හුස්ම ගන්න ගමන් සෝෆා එකට වැටුනෙ එකිනෙකාගෙ මූණු දිහා බලාගෙන හිනාවෙන ගමන්.. කරන්න වැඩකුත් නැති එකේ සින්දු කියන්න පුලුවන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මට හිතුනා.. මම ඉක්මනට මගෙ ගිටාර් එක අරගෙන එයා ළගට ආවා.. එයාට වැඩේ තේරුනාද කොහෙද මට රවලා අහක බලාගත්තා..ඒවා කොහෙද මාත් එක්ක..



නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now