නවවන ස්වරය ♥

909 40 20
                                    

"Ohh what a hectic day ..ඌෆ්ෆ්"

"හෙක්ටික් ඩේ නෙවෙයි...තාම දවස ඉවර නෑ...ඇඳුම් ගත්තා විතරයි...ඔයා පුන්චිට කිව්වා නේද දවල්ට කෑම උයන්න කියලා...ඒ නිසා රෙස්ට් කර කර ඉන්න වෙලාවක් නෑ ...මේ ගැම්මට ම යමු."

"අයියෝහ්හ්හ්....යමු ඒනම්...අහන්නකො...දැන් අපි පුන්චිලයි ගෙදර ගිහින් එහෙ දවස් දෙකක් ඉන්නවනෙ...ආයෙ එන්නෙ සඳුදා උදේ...ඔයා එහෙමම පානදුර හොස්පිට්ල් යනවා...මම බස් එකෙන් ගෙදර යනවා...ඒ නිසා ඔයාගෙ ස්ක්‍රබ් එකයි ස්තෙත් එකයි ගන්න මතක ඇතිව."

"හරේ...මම ඒ සේරම රෙඩි කරගෙනත් ඉවරයි."

"යමු එහෙනම්."

අන්තිමට මුලු කොලඹම ඇවිදලා බොරැල්ල , කඩවත , කිර්බත්ගොඩ , නුගේගොඩ , රාජගිරිය , හැඳල , ජාඇල සේරගෙම ඇවිද්දා...දැන් දවල් එකයි වෙලාව...මම පුන්චිට කිව්වා දවල් කෑමට එනවා ක්‍යලා ...ආ කියනකොටම පුන්චි කෝල්.

"හෙලෝ පුංචි"

"ඕ සුදූ..හෙලෝ...එන්නෙ නැද්ද ලමයෝ"

"මේ එන්න හදන්නෙ පුන්චි..පුන්චිල කන්නකො...අපි ඇවිත් හෙමින් සැරේ කන්නම්."

"හරි එහෙනම් පරිස්සමින් එන්න...යාලුවත් එනවනෙ."

"ඕ පුංචි."

"හරි මැනික...පරිස්සමින් එහෙමනම් හොඳේ...බුදුසරණයි "

"බුදුසරනයි පුංචි."

...........................................................................................................................

අඟුලානෙන් පානදුරට බස් එකේ ඇවිත් ආයෙම එතනින් රත්නපුර බස් එකකට අපි නගිනකොට 1.40 යි...දැන් ඉතින් තව යන්න එපැයි...අපේ පුංචිත් හද්ද ඩොටේනෙ අනේ.

"######## හන්දියට දෙකයි...අයියෙ පොඩ්ඩක් කියන්න හොඳේ."

"හරි මල්ලි...ඔතනින් ඉස්සරහට යන්නකො..මෙතන හිරවෙලානෙ."

කොහොමහරි වෑකඩ ,බන්ඩාරගම ,  එලුවිල , පොකුනුවිට එකී මෙකී හන්දි  පහුකරන් ### හන්දියෙ බැහැලා අපි පුංචිලයි ගෙදරට එද්දි අපි දෙන්නගෙම හතර හන්දි කැඩෙන්න ඔන්න මෙන්න .

පුන්චිලයි ගෙදරට යන්න තියෙන්නෙ අඩි හතරක විතර දෙවැටක් මැදින්..එතනින් යද්දිම මම ඈත තියා ම දැක්කා නංගියි මල්ලියි මග බලන් ඉන්නවා...පව් අනේ මට උන්ව මගෙ ම නංගියි මල්ලියි තමා...උන්ටත් මාව එහෙමයි.

තත් 🔞Waar verhalen tot leven komen. Ontdek het nu