_26_

1.8K 267 23
                                    

එදා සිද්ධියෙන් පස්සෙ දවස් දෙකක් ගෙවිලා යද්දි යුග්ම ඉස්කෝලෙ ගියත් වැඩි හරියක් ම හිටියෙ ප්‍රිෆෙක්ට් රූම් එක අස්සට වෙලා. ස්පෝර්ට්ස් මීට් එකටත් තිබ්බෙ තව දවස් ගානක් නිසා ඒලෙවෙල් සෙක්ෂන් එකට කොහොමත් වැඩිය ඉගැන්නුවෙ නෑ ප්‍රිෆෙක්ට්ස් ලා ඇරෙන්න අනිත් උන් වැඩිය ඉස්කෝලෙ ආවෙත් නෑ මේ ටිකෙ. යශ් තාත්තා එක්ක  මේ දවස් දෙකේම නුවර ගිහින් කියලා අභී කිව්වා ඒ නිසා යුග්ම ට එදයින් පස්සෙ යශ් ව මීට් වුනෙත් නෑ. ආරෝන් නම් නිතරම වගේ ග්‍රවුන්ඩ් එකෙදි මූනට මූන හම්බුනත් යුග්ම ඒ ඇස් මගැරලා යන්න හැමතිස්සෙම බලාගත්තා. කොල්ලට ඕන වුනෙ නෑ යශ් කරපු දේම කරන්න. ඒ දෙන්නා අතරෙ තිබ්බෙ මොන වගෙ සම්බන්ධයක්ද කියලා හරියටම දන්නෙ නැතත් ඒක අතරට නොයා ඉන්න යුග්ම හිතාගත්තා. මොකද යශ් අමතක කරපු සහෝදරකම යුග්ම අමතක කරෙ නෑ. අදත් පුරුදු විදියට උදේ ඉදන් ග්‍රවුන්ඩ් එකේ තිබ්බ උස පැනීමෙ තරග තියෙන හරියෙ හිටිය යුග්ම අකීෂ් වත් එක්කන් ජිම් එක අස්සට පැනගත්තෙ තව ප්‍රිෆෙක්ට්ස් ලා දෙන්නෙක්ව අතනට යවලා.

" යුග්ම මේක දනුජි මිස් උබට දෙන්න කිව්වා. ප්‍රින්සිපල්ගෙන් මේ ලෙටර් එකට සයින් එකක් දාගෙන ඒක මේ අවුරුද්දෙ හදපු ෆයිල් එකට දාන්න කියන්න කිව්වා.."

කොල්ලෙක් ඇවිල්ලා යුග්ම ට කොල වගයක් දිග් කරෙ කොල්ලගෙ මූන නරක් වෙලා යද්දි. ජිම් එකට වෙලා තව දෙතුන් දෙනෙක් එක්ක පත රයිස් එකකට වැඩේ දෙන ගමන් හිටිය යුග්ම කෑම එකත් අනිත් උන්ට කන්න කියලා අත හෝදන් ඔෆිස් එක ට යන්න හැරුනා. ඒක සයින් කරන් ඉවර වෙලා එද්දි හය වසරෙ පොඩි එකෙක් ගෙ ඔලුවක් පැලිලා ඒකටත් දුවලා ඔක්කොම වැඩ ටික ඉවර වෙද්දි ඉන්ටවල් එකත් පහුවෙලා.චනෙරු යි අභී නුයි දෙන්නවම හොයාගන්න හිටියෙ නැති නිසා යුග්ම තනියෙන්ම කැන්ටිම ට ගිහින් කල්කිරි බෝතලයක් අරගෙන කැන්ටිම ට පිටිපස්සෙ බිමට පහත්වෙලා ගිහිල්ලා තිබ්බ ගහක අත්තක් උඩින් කකුලක් දාලා වාඩිවුනා.ඔය අත්ත උඩ තමයි සාමාන්‍යයෙන් කොල්ලො කැන්ටිමට ආවම වාඩි වෙන්නෙ. හයිය ට තිබ්බ ඕක උඩින් දෙතුන් දෙනෙක්ට පේලියට වාඩි වෙන්න පුලුවන් නිකන් තියෙන එකෙ ඔතන කොල්ලො වාඩි වෙලාම ලස්සනට පස්ස තියාගන්න පුලුවන් විදියට ඒක ෆ්ලැට් වෙලා දැන් හැදිලා තියෙනවා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now