බිග් මැච් එක ඉවර වෙනකොට හයත් පහුවෙලා. ජය සමරලා කට්ටියම ග්‍රවුන්ඩ් එකෙන් එලියට එනකොට ඒ අයගෙ පාර හරස් කරලා නැවැත්තුවේ රතුපාට කවසාකි බයික් එකක්.
අදුරන්නෙ නැති බයික් එකක් හින්දා කට්ටියම ටිකක් උනන්දුවෙන් බැලුවෙ කවුද කියලා. ආව කෙනා ෆුල්ෆේස් හෙල්මට් එක ගැලෙව්වට පස්සෙ තමා හැමෝම අදුනගත්තෙ කවුද කියලා.
" එයෝන් "
ඒ ෆුල් ෆේස් හෙල්මට් එක පිටිපස්සෙ තිබ්බ මූණ දැක්ක ගමන් නමත් කියලා අඩියක් පස්සට ගත්ත ආයු ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියෙ ඒ කෙනාගෙ මූණ දිහා. මෙච්චර බයක් , ආයුගෙ මූණෙ මේ වගේ වෙනසක් අනිත් තුන්දෙනානන් කවදාවත් දැකල නැතිව ඇති.
" හැමදාම හැංගෙන්නද හැදුවෙ ම්ම් "
" හැංගෙන්න බෑ කියල දැන දැනත් ඇයි ඒනාශ් හැන්ගෙන්නෙ "
ඒ කෙනා බයික් එකේ ටෑන්ක් එක උඩින් හෙල්මට් එක තියලා බැහැලා බයික් එකට හේත්තු වෙන ගමන් ආයුගෙන් ඇහුවා. කින්ඩියට කට කොනේ හිනාවක් දෙන්නත් අමතක කරේ නෑ. ආයු තොල් දෙකත් තද කරගෙන අඩියක් පස්සට තිබ්බෙ අත් දෙක මිට මොලවන ගමන්. ආයු හැන්ගිලද හිටියෙ. නෑ එයෝන්ගෙන් පුළුවන් තරන් ඈත් වෙලයි හිටියෙ. එයා දකින්නාකමැතිම කෙනා මග ඇරලා හිටියෙ. දවස් තුන හතරක්ම ටවුන් එකේ එහෙට මෙහෙට ගිය රතු කවසාකි බයික් එකේ අයිතිකාරයා අදුනගන්න තරන් ආයු බබෙක් නෙමේනෙ. දැක්කත් නොදැක්ක ගානට යන්න ආයු දෙපාරක්තුවෙ නෑ. දවසක් යෙනුජ හම්බව්‍ර්න්නක්ලබ් එකට ගිය වෙලාවෙ ක්ලබ් එකේ හිටිය කෙනා. ටුවුන් එකේ කලර් ලයිට් එක ලගදි එහා පැත්තෙ බයික් එකේ හිටිය කෙනා ඒ වගේම දවස් දෙකකට කලින් ආයුට හිනාවුන ඒ ෆුල්ෆේස් හෙල්මට්කාරයා අමතක වෙන්න බෑනෙ. නවත්තලා කියලා හිතිවත් එහෙම නෑ වගේ.
YOU ARE READING
ආයු ( Non fiction )
Non-Fiction" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්