මගෙ ඔලුව විකාරයි වගෙ අප්පා......අපරාදෙ එක අතකට මගෙ කට ඉස්සර උන හන්දනෙ මේ ඔක්කොම...ම්හුක්....එක නූලෙන් හාච්චිය මිස් උනානෙ පුතාට......
ඊටත් අර මෝගන් මොනාද ඔය හැටි කෙකර බාන අපබ්රංස මන්අහන්නෙ....
අර නපුරත් මගෙන් අහනවා ඔයා එයාද කියලා ..මං එයාද අහන්නෙ මම කියන්නෙ මටනෙ නැතුව වෙන කාටද ....
මට පේන්නෙ මුන්ට පිස්සුද කොහෙද අඩෙ..බාප්පට කියන්න ඕනෙ නෙස්ටමෝල්ට් කාරයව ඕනාවට වඩා කරට ගන්න එපා කියලා ...ඔහොම ගිහින් බාප්පටත් පිස්සු හැදුනොත් ...
.මට පොකට් මනී දෙන්නෙ කව්ද ??
ඔලුවත් කස කස එහා මෙහා හැරි හැරි දගල දගල උන්න මං අනිත් පාර ආයම නැගිට්ටා ....
වැස්ස පායලා .....!
මෙච්චර වෙලාම ඉකි ගගහා මක්කදෝ මන්දා හේතුවකට අඩාපු අහස් ආගාදෙ ඇඩිල්ල නවත්තලා තිබුනා.......
සෝෆාවෙ උන්න මං අනිත් පාර නැගිටලා ගිහින් ගෙදර ඉස්සරහාම තියන වීදුරු බිත්තය ගාව හිටගන මගෙ මූන වීදුරුවට හේත්තුකරගත්තා...
සීතලයි ....
වැහැපු වැහිකදටම වීදුරු බිත්තිය සීතල වෙලා තිබුනා......
කොලම කොලපාට ෆයින්ස් කැලෑවම තෙත බරියන් වෙලා......ගස් පාමුල පිපුන කැලෑ මල් අහුරුවලට පීනස හැදිලදෝ මන්දා ඒ මල් බිමට බරවෙලා තිබුනා.......
.විහිලුවටඅන් එයාට ශ්රෙක් වෙන්න කිව්වත් මොකද කාත් කවුරුත් නැති මනුස්ස පුලුටකට ලේසියෙන් හොයා ගන්නත් බැරි එයාගෙ මේ පාලු ගෙදරත් හරියටම සුරංගනා කතාවෙ ඉන්න කොල රාස්සයගෙ ගෙදර වගේමයි.....
හතර වටම බැලුවත් තියෙන්නෙ කොල පාට.......වයසට ගියපු ෆයින්ස් ගස් මලවුන්ගෙ ලෝකෙට පියෑඹුවත් මොකද මල කදෙන් පවා තවත් ඇත්තො පන ගැහුවා...
මලගම් ගියපු ෆයින්ස් ගස් කදන් වල පුංචි පුංචි හතු දුසිම් ගනන් පිපිලා........
ඒ විතරක්ද...ඉදහිටක ගස් කදක් දිගෙ එහා මෙහා බඩ ගාන ඇල්වින් කෙනෙක් .......සින්දුවක් දෙකක් කියාගන අහසට පියාඹන පුංචි කුරුල්ලෙක් එක්ක මේ හතර දිග්බාගෙම මට මතක් කෙරුවෙ සුරංගනා කතාවක්...
![](https://img.wattpad.com/cover/366497934-288-k461644.jpg)
YOU ARE READING
❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )
Fanfiction.......ජීවිතේට, ආදරෙ කියන්නෙ මොකක්ද කියන එක කියලා දෙන්න මනුස්සයෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕන අභි...💚 ජේලෝ මේක තනිකරම FAIRYTALE එකක් වගේ....ඔයත් එක්ක මේ හිම උඩ ලෙස්සන එක.......❤️