🍂 02 කොටස

374 41 5
                                    


🌼 මල්සර





වැඩි වෙලාවක් නොගිහින් කොහොමහරි වලව්වට නම් එන්න පුලුවන් වුනා. ලොකුවටම මහන්සියක් නැතත් යකෙක් කන්න බඩගින්නක් නම් ලෝඩ් වෙල තිබ්බෙ මට. ගෙදරට යද්දිම වගෙ සීයා ඉස්සරහට වෙලා පාර දිහා බලාගෙන හිටියෙ අපෙ හපොයියා කියලවත්ද දන්නැ සීන් එක.

" අහ් මෙ එන්නෙ කොල්ලා... මං එත් බැලුවා පරක්කු වෙද්දි මොකද කියලා පාන්දරින්ම එහෙන් පිටත් වුන මනුස්සයා. මට දැන් ටිකකට කලින් මනුර කතා කරල කිව්වෙ කොල්ලට පාර අමතක වෙලාය කියලා. මං හැදුවෙ පොඩි පුතාව එවන්න කියලා පාර ලඟට "

හරි හරියටම හරි අපෙ එකා ඔය පත්තු කරල තියෙන්නෙ. ඇයි යකඩො විනාඩි 10 ක් 15 ක් එහෙමෙහෙ වුන එකටද මෙ පරක්කු වුනයි ගාන්නෙ. මම ඉතිං ස්මයිල් ඉන් පේන් හිනාවක් දැම්මා.

" පාර පටන් ගන්න අතුරු පාර ලාවට අමතක වුනා මට සීයෙ හෙ හේ.... "

" හා හා.. දැන් කාරි නැ ආවනෙ ⁣කොහොමහරි. මනුර එන්න රැ වෙනව කිව්වාය නෙ. එමුකො එමුකො ගෙට කාලා නැනේද "

" නෑ සීයෙ මගින් කන්න කියලා නතර වුන්නැ මං.. ⁣හයිවෙ එකෙන් බැහැල එහෙම්ම අකුරැස්ස බස් එකක නැග්ගා "

" ඒක හොඳයි ඔය කඩකැම කාලා ලෙඩරෝග හදාගන්නය. වසවිස ජරාව . එ කාලෙ අපි කාපු බිපුවගෙ සවිශක්තියට තමා තාම මෙ පය ගහල ඉන්නෙ. අපි කැවෙ ⁣මෙ ගමෙ ගොඩෙ හැදෙන ස්වබාවික කැම තමයි."

අමො අමො මෙක එච්චර හොද පොටක් නෙවෙයි. ලොකු බණ දෙසනාවකින් නතර වෙන වැඩක්. සීයගෙ දැනුම් සම්බාරෙ එලියට දාන්න කලින් මෙතනින් මාරුවෙන එක සරිරෙට හොඳයි. හමුදාවෙ හිටියා කියලා නැ පරම්පරාවෙන් එන පම්පොරි ගැහිල්ල නම් අනෙ හම්මේ කතා කරල වැඩක් නැ.

" එකනෙ එකනෙ සීයෙ... මං නම් ඔව්ව කන්නැ. බඩගිනි අනෙ හොඳටම හම්මෙහ් "

සතියක කාලා නැති ටයිප් එකෙ රංගනයක් දාන්න ඔනෙ නැත්තං බැ. සැගවුනු කුසලතා එලියට ගනින් රනුඝයො.

" හරි හරි මුන කට ටිකක් හොදන් එන්ඩ. මං පොඩි කෙල්ලට කියලා එන්නං පුතා ආව කියලා. උඹලගෙ බාප්පල දෙන්නත් එනගමන් කියලා දැන් කොල් කරෙ. හෙට උදෙම මෙව්ව පිලිවෙලක් කරල ඉවර කරාම සැනසිමයි මට. එකාට එකා කා කොටා ගන්නව නැත්තං..... "

 🌼 මල්සර ( Non - Fiction )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ