episode 06

1.9K 251 62
                                    

හද දිහා බලන් උන්න උන්ටත් අමාවක දවසක් එනවා.එතකොට තරු දිහා බලන් ඉන්න උන්ටත් වැහි වලා හරස් වෙනවා..
වස්සානය දිහා බලන් ඉන්න උන්ටත් නොදැනී සෘතු මාරු වෙනවා.
අද මැරෙයි හෙට මැරෙයි
කියලා බලන් ඉන්න මටත්.
..
.................................................

ආසාවෙන් ජීවත් වෙන්න දවසක් ඒවී ..
මම බලන් ඉන්නවා..

අම්මා හදල ගෙනත් තිබුන මැකරෝනී එකෙ ලීක්ස් කෑල්ලක් වත් ඉතුරු නොකර මම කෑවා ..
එක අතකින් බඩගිනි.අනික ඒක රහයි.
ආයෙත් ඉතින් කවදා හම්බ වෙයිද කවුද දන්නෙ. ඒක නිසා ලැබුන දවසෙ ඒක රසකරකර කනවා.

ඇගට මහන්සි වගේ තිබුනත් ඒ හින්දම ඇහි පිහාටු බර උනත් නින්ද කියන්නෙ බයෝ කරන එකෙක් ට හීනයක් ඉතින්.
මැරෙනවා නෙවෙයි බාගෙට මැරි මැරි ඉපදෙනව..
හෙට පන්තිත් එක්ක .ඉස්කෝලෙ ඇරිලා යන්නත් ඕන ..
ඒ ගමන් මතක් උනේ පන්තියේ එක දවසක් මිස් උනු නෝට් වගයක් තියෙනවා කියලා.
මම ඉතින් ඒක ලියන්න ගත්තා.
මේ ටිකේම ගොයම් කපලා අතේ කරගැට ඇවිත්. දියපට්ට නම් දැන් ටිකක් හොදයි. පෑන තදින් අල්ලන්න බෑ ඇගිලි පවා රිදෙනවා.
මම පුලුවන් උපරිම සැහැල්ලුවෙන් පෑන අල්ලන් සීගිරි කැටපත් පවුරේ අකුරින් මට විතරක් ගානට කියවන්න පුලුවන් තරමට නෝට් එක ලියන්න ගත්තා ..
ගෙදර මොන ප්‍රශ්න තිබුනත් ඒවා වලින් මගේ ඔලුවේ අංශුවක් නෑර පිරුනත් ඉගෙන ගන්න වෙලාවට මට ඒ ඔක්කොම අමතක කරන්න උනා ..
නැතුව මට මේ ගේම අදින්න බෑ ..
ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද කියලා මම දන්නෙ නෑ මම මේක තෝරාගත්තේ ඇයි කියලත් මම දන්නෙ නෑ. වෙන උන්ට වගේ මට මහලොකු target නෑ ...
මේ උන්දට වයසට ගිහින් ඉන්න ගෙයක් හදලා දීලා මැරුණත් සැපයි.කොච්චර ගැහුවා බැන්නා කියලා බත්පත අඩු කරේ නෑනේ .අවුරුදු දහ අටක් වෙනකන් ම ගගහා හරි හැදුවනෙ. කුණු ගොඩකට විසික් කරල ගියේ නෑනේ ..
අම්මා වෙනස් වෙනවනම් මම ඕන වෙලාවක රෙඩී හැමදෙයක් ම අමතක කරන්න. මොකද මට මගේ කියන්න ඉන්නෙ අම්මා විතරයි.
නෑයෙක් තියා වේයෙක්වත් නැති කොට සමහර වෙලාවට උන් නැති තරමටම ඇගට හොදයි කියලා මට හිතුනා ..
මට නම් දැන් නැති වෙන්න දේකුත් නෑ මැරෙන්න කලින් විදපු දුකට හරි යන්න සතුටක් සැනසීමක් ලැබිලා මැරෙනවනම් ඒ ඇති ...

නිදුක් Where stories live. Discover now