14

2.6K 360 223
                                    

ඇප්ලිකේශන් එක ඔෆිස් එකට භාර දීල ජිම් එකට ආව ආවමයි කෝච්කාරය අපිව ඒක අස්සේ හිරකර ගෙන හිටියේ හරියට රපුන්සල් එක්ටැම් ගේක හිරකරන් ඉන්නවා වගේ.මේ මනුස්සයා ගෙදර යන්න දෙන්නෙත් නැනේ අප්ප.මෙහෙම ගියොත් අන්තිමට හීනෙනුත් ටෙනිස් ගහන සීන් එකක් තියෙන්නේ.අන්තිමට එකා දෙන්න බිම පත බැවෙනෙකොට පේලියට බොලේට ගහන්න තියෙන ඒව මිස් වෙනකොට අන්තිමට සර් කාරය අපිටත් බැනල සර්ලගේ කාලේ නම් අරහෙම කරා මෙහෙම කරා කියල පම්පෝරියකුත් ගහල මේ පාර එකෙක් හරි පැරදුනොත් ටීම් එකටම නෙලනවා කියල වෝනින් එකකුත් දීල තමයි අන්තිමට ප්‍රැක්ටිස් නැවැත්තුවේ.

නවත්තපු ගමන් යන්නත් බැනේ.මෙහෙම ගියොත් බස් එකකටවත් ගන්නෙ නැ.මගෙ ලග ඉදන් කිලෝමීටරයක් ඇතින් ඉන්න එකෙක්ටත් මගේ දාඩිය සුවද දැනෙනවා ඇති.සර්ට් එක ඇගටම ඇලිලා.මේස් දෙක බුදාම්මෝ යන ගමන් විසික් කරන් යන්න වෙයි.පොඩි එවුන් ඇතුලේ ස්ටෝල් වලින් නාගන්නකන් ලොකු පන්තිවල එවුන් ජිම් එකට වෙලා කදයක් දාගෙන හිටියා.මොකො යන්න හදිස්සිය තිබබ්ට නාගෙන කරගෙන යන්න කියල හැමෝටම ස්ටොල් එක ගානේ නැනෙ.පොඩි එවුන් ඉවර වෙන වෙලාවක තමයි ඉතින් ලොක්කන්ට.අන්තිමට ඉක්මනට වොශ් එකකුත් දාගෙන ගෙදරින් ගෙනාවා එක්ස්ට්‍රා ස්කූල් ටී එකට බොටමත් දාගෙන බැග් දෙකත් උස්සන් එලියට බහිනකොටත් 5.30 පහුවෙලා.

පයින් ස්ටැන්ඩ් එකට ගාටල අන්තිමට පොල් පටවන් යන මඩගල්ලකට නැග ගත්තා.මේ වෙලාවට ලගට දුවන බස් නැ.තිබ්බත් ඒ වගේ ගෙදර යන්න ගියොත් වරුවක්.ඊට වඩා මේකක එල්ලිලා ඇවිල්ල ගෙදරට එනකොට හයයි.අම්ම නම් ඔෆ් වෙන්නේ හතටනේ.ඒ හින්දා අම්මට එන ගමන් පාන් ගේන්න කියල මම ආපහු පාරක් නාල කරල පොල් ටිකක් ගාල තිබ්බ.ඊට පස්සේ ලූනු මිරිස් කපල තිබ්බේ බිත්තර ඔම්ලට් එකක් දාගන්න.බිත්තර ලූනු මිරිස් කැලි මිරිස් එක්ක හොදට ඔම්ලට් එකක් දාල ඊට පස්සෙ කැළි කපල තක්කලි හොදිත් එක්ක සුපිරී.

අම්මා එනකන්ම මම ටීවි එකේ චැනල් එහෙටයි මෙහෙටයි මාරු කර කර බල බල හිටියා. ටීවි එකේ නාටය බලනවට වඩා හොදයි නොබල ඉන්න එක.අද බැලුවොත් ඉන්න එකා ඊලග සතියේ බලද්දි නැ.මාසකින් විතර අලුත් එවුන් ටිකක්.අවුරුද්දකින් බැලුවොත් කතාව පටන් ගද්දි හිටපු එකෙක්වත් නැ.ප්‍රධාන චරිතත් වෙනස් කරලා.නොවෙනස් වෙන එකම දේ ඒවගෙ නම විතරයි.ඒ කතා බලනකොට වෙලවකට දුකත් හිතෙනවා.අපිටද යකෝ ප්‍රශ්න තියෙන්නෙ.මුන්ටනේ යකෝ ප්‍රශ්න.අපේ ප්‍රශ්න අමතක කරන්න හොදම විසදුම ලන්කන් නාට්ටියක් හරි ඉන්දියන් නාට්ටියක් හරි බලන්න.

නසරාණියාWhere stories live. Discover now