31 🌹

1.4K 160 265
                                    


ඇදේ ඉදගෙන ඉන්න ටෙරාන්ගේ උකුලෙන් ඔලුව තියාගෙන අභිත් phone එකෙන් reports වගයක් බල බල හිටියා.

"මේ ඒයි... ඔයා වැදගත් වැඩක් නෙමේ නම් phone එක චුට්ටකට දෙන්නකෝ. "

අභිත්ගේ ඔලුව අතගාන ගමන් හිටිය ටෙරාන් කියද්දි අභිත් phone එක ටෙරාන්ට දික් කරා. Note pad open කරපු ටෙරාන් තව ටිකක් පිටිපස්සට වෙලා හොදට head board එකට හේත්තු වෙලා ඉදගත්තා. 

" මේ අපි ලබන සතියෙ ඉදන් උයමු ."

" හා. "

" මට කියන්නකෝ මොනාද කුස්සියට ඕන බඩු කියලා. මන් මේකේ note down කරන්නම් ."

" මගෙන් අහන්නේ ?"

" මන් දන් නෑ ඉතිං මොනාද ඕන කියලා. Spices වර්ග වල ඉදන් හාල් , පොල් වෙනකන් ඕන ඔක්කොම කියන්න. මාසෙටම එක පාර බඩු ගේමු. "

" මාත් දන්නෑ බන්. "

" එහෙනම් උයල කමු කිව්වේ ?"

" මන් හිතුවෙ ඔයාට උයන්න පුළුවන් ඇති කියලා. "

"වෙන වෙලාවට කියන්නේ මන් පොඩී එකා ඔයා මහ එකා ගගා... ඔහේ දැන් මේ පොඩි එකා ලව්වා උයවගෙන කන්නද බලන් හිටියේ..."

" අනේ මේ රන් මන් අවුරුදු 6 යි වැඩිමල් 60 ක් විතර වැඩිමල් වගේනේ තමුසෙ කතා කරන්නේ. "

" තමුසෙ තමුසෙ ගාන් එන්න එපා. "

ටෙරාන් ඇගිලි දෙකෙකින් අභිත්ගේ නහය මිරිකද්දි අභිත් ටෙරාන්ගේ අත එහාට කරා.

" දැන් එතකොට හැමදාම අපිට කඩෙන්ද බබා කන්න වෙන්නේ ?"

" අවුරුදු 8 ක් රට හිටිය නේද ? එතකොට එක දවසක් වත් උයන් කාල නැද්ද ? "

" නෑ බන්. ඔය පොඩියට මොනා හරි හදා ගන්න පුළුවන් ඉතින්. ඒ උනාට බත් උයල නෑ . එහෙ ඉන්නකන් මන් එළියෙන්මයි කෑම ගත්තේ. "

" දැන් ඉතින් You tube එකෙන් බලලවත් උයන්න පුරුදු වෙමු . හැමදාම කඩෙන් කකා ඉන්නත් බෑනේ . "

" හෙන ආතල් වැඩේ හැබැයි 😂 මන් ඔයා උයල දෙනකන් බලන් හිටියා. ඔයා මන් උයල දෙනකන් බලන් ඉදලා . "

" දැන් ඉතින් දෙන්නම එකට උයන්න ඉගෙන ගමු. "

" ඒකත් මරු. "

අභිරන් | Sinhala BLWo Geschichten leben. Entdecke jetzt