🌼 මල්සර
කාලෙකින් ඉරිදා දවස නිවාඩුවක් සෙට් වුනා. වෙනදට නැත්තං ඉරිදත් කම්පැනි එකේ මොනාම හරි වැඩක් අනිවා වැටෙනවමයි මට. කැම්පස් වැඩයි, ඒ වැඩයි වෙලාවකට බැලන්ස් කරගන්නත් අමාරු තරම්. එ වුනත් නොකරත් බැහැනෙ. එක්සැම් වැටෙන කාලේට විතරයි මාව ටිකකට හරි රිලිස් කරන්නෙ. ඒකත් අයියා කම්පැනියෙ මහතැන නිසා හොඳයි. සිරාවටම ඉගෙන ගන්න ගමන් වෙන තැනක පාට් ටයිම් එකක් අදින එකෙක්ට මට තරම් කීයටවත් නිදහසක් ලැබෙන්නෙ නැ.
ඉතිං නිවාඩුව අර්ථවත්ව ගත කරන්න කියලා හිතන් සැප නින්දක් දාපු එක කරෙ මං. නින්ද තරම් සැපක් කොහෙද තව මට.....
ඒ වුනාට පෙන්ස් නින්ද චුට්ටක්වත් මිස් නොවෙන්න කියලා ෆෝන් එකත් සයිලන්ට් දාලා, වැඩිහොඳට දොරත් ලොක් කරගත්තට උදේම ටොනැඩො එකක් මගෙ කාමරෙ ඉස්සරහට කඩා පාත්වුන එකයි වුනෙ. අර හෙනහුරා කියලා ඉන්න පගයගෙ බැල්ම වැටෙනවා වැඩියි මට දැන් දැන්.
" රනුවෝ........ සුදුමාත්තයා නැගිටපාාාාන්.... "
" රනුවෝ.............. රනුවො...හ් නැගිටපන් යකෝ........ දොරත් ලොක් කරන් තෝ ලබ්බක් කරනවද............ ඇරපන් මේක "
ඔය ඇහෙන්නෙ එ ටොනැඩො එකේ සද්දෙ තමා. සද්දෙට උඩ ගිහින් ඇහැරුනත් තාමත් මං නිදිමත විකාරෙන් දොර දිහා බලන් හිටිය එක කරෙ.
" නැගිටපන් යකෝ......... එකෙක් මලත් මූ නිදි. කතා කරපන්කො ඉමා ගල්ඉබ්බා වගෙ මූන බුකවන් ඉන්නැතුව "
ඔව් ඔව්.... ඔය වෙන මොකාවත් නෙවේ. සද්දවිද්දපලඟපතිර රයන්.. අනිත් බාගෙත් ඉන්නවා. මේ උදෙන්ම මුන් මොකට ඇවිල්ලද මෙහෙ. අනෙ බැ රෙද්ද..... නිදාගන්න ඕන මට... නිදිමතාාායි
" දොර ගලවන් එන්න කලින් ඇරපන් යකෝ මේක.... "
" මොකද බං උදේ පාන්දර ඇවිත් වහලෙ උඩ යන්න කැ ගහන්නෙ... නිදාගනිල්ලකො ගිහින් වද නොදි...... ට #කන්න ආාාා.... "
දැන් මොන මගුල කිව්වත් දොර අරිනකන්ම ඕකගෙ කට වැහෙන්නැති නිසා මම එහෙම කියනගමන්ම ඇදෙන් බැහල දොර ගාවට යන්න ගියත් නිදිවිකාරෙ හිටිය මගෙ කකුලෙ සුලැගිල්ල ගිහින් ඇද කකුලක වැදුනෙ උදේම කුනුහර්ප වැලක් කටෙන් පනිද්දියි. නිදිමතත් ගියා යකෝ ඒකට....
YOU ARE READING
🌼 මල්සර ( Non - Fiction )
Non-Fictionමගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎