episode 7

248 37 7
                                    

"අප්පටසිරි...ඉතින් ඉතින්..ඊටපස්සේ මොකද උනේ??"

කවීට විස්තර දැනගන්න කම් ඉවසිල්ලක් නෑ

"ඉතින් කිතුල් නාකි පතුල්...ඒ නාකියාගේ රෙදි මම ලෙෆ්ට් කරලයි ආවේ"

මම කිව්වේ හෙන ගැම්මෙන්...කාටද ඉතින් ආඩම්බර පුහ්....

"නෑහ්...සිරාද...උබට් ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ඕයි..කසාද මිනිහගේ රෙදි ගලවන්න තරම්"

රවී කියද්දි මම හොද ටොක්කක් දුන්නා උගේ ඔලුව හිල් වෙන්නම...

"පිස්සුද ඕයි...එහෙම දෙයක් නෙමෙයි මම කිව්වේ...උබටත් තියෙන්නේ හෙන වල් හිතක් ඕයි...මම කිව්වේ, මම එයත් එක්ක කට ගහගෙන ගියා කියලා..ඒකෙන් එයාගේ නම්බුව කොම්බුව වෙලා බම්බුව උනා 🤣

"අම්මටසිරි...සිරාද??"

"නෑ මිනිහෝ ධමනි 😒 "

"උබ ඔහොම කියන්න එපා රුවේන් සර්ට..එයා හොද කෙනෙක් බන්..එයා අනික උන පොරොන්දුව මතකනේ..."

"හරි හරි බන්..මට මතකයි...මාත් දන්නවා රුවේන් සර් හොද මනුස්සයෙක් කියලා..."

"හම්ම්,දැන් අපි ක්ලාස් එකට යමු..ඊලගට මොනාද බන් අපිට තියෙන්නේ..මතකත් නෑ ඕයි...ඊලග පාර ඔය කාලසටහන මගේ පස්සේවත් අලවගන්න ඕනේ"

" මටනම් තියෙන්නේ මීඩියා...අහිංස උබත් මීඩියනේ..යමු බන් පරක්කු උනොත් සර් කාරයා අපිව පණ පිටින් එල්ලියි"

" මේ...අහිංස, උබට අරක කේස් එකක් වෙයිද හලෝ"

"මම හිතන්නේ නෑ...රුවේන් සර්ව මට විශ්වාසයි...මම නිර්දෝශි කියලා මම දන්නවනේ"

" මේ ඒක නෙමෙයි උබලය මීඩියා නම්..මට අම්....ආ..ජපන්...තියෙන්නේ...ඒත් අද මිස් ආවෙ නැති කතාවක් ගියා..."

"මිස් නාවට ශෝක් එකට නෝට් එක දීලා ඇති බන් ගිහින් බලනව...මෙතන ඉදන් කාලේ කන්නේ නැතුව..."

රවීදු සහ මමයි මීඩීයා වලට multi media room එකට ගියා...

යද්දි සර් කාරයානම් ඇවිල්ලා හිටියේ නෑ....ඇති යාන්තම්...

අපි පිටිපස්සම පේළියේ ඉදගත්තා

විනාඩි 5ක් විතර ගියාට පස්සෙ සර් ආවා..හැබැයි එයාගේ මූණ කලබලයෙන් තිබ්බේ...

අහිංස 🤗 | zhanyi sinhala bl love ( Completed )Where stories live. Discover now