🌸 My Brother

97 19 19
                                    

මින්හොගෙ ගෙදර තිබුනෙ සෝල්වල මැද්දට වෙන්න නිසා එයාලට සුඛෝපභෝගී ජීවිතයක් තමයි ගත කරන්න ලැබුනෙ..
මින්හොගෙ හොස්පිට්ල් එකේ වැඩ නිසා එයාලට ටවුන් එකේ ජීවත් වෙන එක ගොඩක් ලේසි වුණා..

maya : අප්පා ! මං පුස්තකාලෙට ගිහින් එන්නම්..!!

හැමදාම වගේ මායා පුස්තකාලෙට යනවා..ඒක නිකන් එයාගෙ දින චර්‍යාවෙම කොටසක් වගේ හරියට..

minho : හරි..පරිස්සමෙන් යන්න..මමත් ඔෆිස් එක පැත්තෙ යන්නයි ලෑස්ති දැන්..යොන්ජියා ! මමත් මායා එක්කම යන්න එහෙනම්..ගුඩ් බායි..

මින්හොත් මායා එක්කම යන්න හිතාගෙන කැබ් එකට නැග්ගා...

එදා සෙනසුරාදා දවසක් නිසා ටේ හිටියෙත් ගෙදර..
එදා නිවාඩු දවස නිසා මායා හිතුවා ටේට ටිකක් දවල් වෙනකන්ම නිදා ගන්න දෙන්න ඕනි කියලා..මොකද හැමදාම වගේ කොලේජ් යන්න ඕනි නිසා ටේ වෙනදට උදේම ඇහැරෙනවා..

මේ වෙලාවෙ ගෙදර හිටියෙ ටේයි,යොන්ජියි,ඩොබියි සවන්ට්ලා දෙතුන් දෙනෙකුයි විතරයි...

yeonji : මේක මාර වැඩක් වුනනෙ !!? බලන්න එපෑ මගේ ඩොබී වගේ නෙවෙයි මේ කවුරුත් !! මදෑ අප්පලා පුතාලා හැදිලා තියෙන හැටි..පස්ස පැත්තටම ඉර පායනකන් ඔහේ නිදියන් ඉන්නවා..!! අනේ අම්මපා මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ ! මෙහෙමද ළමයි හැදෙන්න ඕනි??

dobby : ඔහ් ! ඔම්මා !!! කෑ ගහන්න එපා අයියෝ ! අද එයාට නිවාඩු දවසනෙ.ඔහෙ නිදා ගත්තුදෙන් !

යොන්ජිගෙ කෑගැහිල්ල ඉවසගන්න බැරිම තැන ඩොබී එහෙම කීවෙ හොදට නිදාගෙන ඉන්න ටේගෙ රූම් එකෙන් යොන්ජිව එලියට ඇදන් එන ගමන්..

yeonji : අහ් ! මගෙත් එක්ක කට ගහන් ආවද ඒ පාර ?? ඩොබී ! ඔයත් මගෙන් බැනුම් අහන්නැතුව යනවද යන්න..මං හදලා ගන්නම් මේ දේවල් මගේ විදියට !!

යොන්ජි කියන්නෙ ගොඩක් නපුරු කෙනෙක්..ඒක එයාගෙ ආඩම්බරකම කීවත් වැරදිම නෑ...

අනේ ඉතින් කොහොමහරි එදා යොන්ජි අසරණ ටේට නිදා ගන්න නම් ඉඩ දුන්නෙ නෑ..

Tae : ඔහ් ! ඔම්මා !! තව ටිකක් නිදා ගන්න දෙන්නකෝ..

ටේ එහෙම කියාගෙන ඇස් දෙක මිරිකන් ඇහැරෙන්න පටන් ගත්තා..

Be With Me [ Brotherhood ] ☑Where stories live. Discover now