ඊටපස්සෙ ඉක්මනට කරලා ඇදේ බෙඩ්ශීට් අයින් කරලා අලුත් ඒවා දාලා නිදිමතේ වැනි වැනි ඉන්න එයාවත් ඇද උඩින් තියලා මං ලයිට් එකත් ඕෆ් කරා.... ඇදෙන් තිබ්බගමන් එයාට නින්ද යද්දි මං එයා ලගින්ම ඇදේ ඇලවුනෙ බ්ලැන්කට් එක අපි දෙන්නවම වැහෙන දාගෙන එයාව මගෙ පපුව උඩට අරගෙනයි....
*
*
*ලාවට ඉර එළියක් මුහුණට වැටෙනවා වගේ දැනෙද්දි මං හෙමීට ඇස් දෙක ඇරලා ඇස් දෙකට උඩින් පේන සිවිලම දිහා මොහොතකට බලන් හිටියා..... කර්ට්න්ස් අතරින් කාමරේට වැටිලා තිබුන ආලෝකය නිසා තේරුම්ගත්තා අද මං ඇහැරෙන්න පරක්කුයි කියල..... සිවිලිම දිගේ මගෙ ඇස් පහලට ඇවිත් ඊලගට මගෙ ඇස් නැවතුනෙ බිත්ති ඔරලෝසුව ලග... 7:00ත් පහු වෙලා.... ඇගෙ එක පැත්තක් හිරි වැටිලා වගේ රිදෙනකොට ඒත් එක්කම මගෙ ඇස් ගියෙ මගෙ පපුව උඩ සනීපෙට නිදන් ඉන්න මැණිකගෙ මුහුණට....... එයා දැන් මට හීනයක් නෙමෙයි.....ඇත්තටම එයා මං ලග.... හීනෙකින්වත් නොලැබෙයි කියල හිතපු සුරදූතයයා අද මගේම වෙලා මගෙ ලග.....
ඒ ඇස් සාමකාමීව පියවිලා.... එයාට ඊයෙ රෑ ගොඩාක් රිදෙන්න ඇති.... මං උදෙන්ම දකින්න බලාපොරොත්තු උනෙ වෙහෙසකාරි වේදනාවෙන් පිරුණු මුහුණක්....ඒත් ඒ මුහුණෙ තියෙන්නෙ තෘප්තිමත් බවක්.... නින්දෙන් උනත් ඒ දෙතොල් අග තිබුනෙ ලස්සන හිනාවක්...එයාගෙ නලලට වැටිලා තිබුන කෙහෙරැලි හෙමීට පස්සට කරලා පහත් වෙලා මං ඒ නලල සිපගත්තා....
"ම්හුක්....අ..නේහ්..දැන්ම දා..න්නකෝ.... .අය්..යේ.."
"ආහ්........."
දෙයියනේ මේකා හීනෙනුත් කියවන්නෙ ඒ ගැනද....? දාගෙන හිටියම ඔක්කොම හරිද දන්නැ....එයා එහෙම කියනගමන් කෙදිරිගාගෙන මගෙ බෙල්ල අස්සට මුහුණ ඔබා ගද්දි මට පනින්න ආපු හිනාව දෙතොල් විකාගෙන නවත්තගත්තා....
"මගෙ වස්තුව.... දැන් ගොඩාක් උදේ වෙලා.....නැගිටින්නෙ නැද්ද.... ම්ම්...?"
ඒ කොපුලකට මං හෙමීට හාදු තිබ්බෙ එයාව නැගිට්ටගන්නයි....
එයා ටික ටික හෙමීට ඇස් අරින්න හදනවා කියල දැනෙද්දි ඒ ඇස් දෙකටත් මං ආදරෙන් උණුසුම් හාදු තියද්දි ඒ මුහුණෙ ඇදුනෙ මං දකින්න ආස ලස්සනම හිනාවක්.....
आप पढ़ रहे हैं
මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
फैनफिक्शनඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi