18.

1.3K 269 104
                                    

අයියෝ අම්මේ එකපාරක් කිව්වනෙ මට යන්න බෑ එහෙ"

"ඒක තමා මාත් අහන්නෙ මේ කවදාවත් නැතුව පියසීලි අක්කලෑ දිහා යන්න බෑ කියන්නෙ ඇයි කියල. ඇරත් අද සහන් පුතත් ගෙදරනෙ ඇත්තෙ"

ඒකා ගෙදර නිසා තමා අම්මෙ බෑ කියන්නෙ.. අම්මා දැන් වරුවක ඉදන් මට හිච්චාව සිස්සත්ත පන්ති දාලා එනගමන් සහන්ලෑ ගෙදර ගිහින් මැල්ලුමක් හදන්න මඤ්ඤොක්කා කොළ ටිකක් ඉල්ලන් එන්න කියල මැරෙන්න හදනවා. මං තියා මගෙ බල්ලා බඩිල්ලාවත් යන්නෑ ඕකාගෙ ගෙදර..

"අනේ අම්මේ මගෙ ඔලුව කැක්කුමයි. කිව්වම අහන්නකෝ"

"ඔව් ඔව්.. මටත් පේනව ලඟකදි ඉදන් උබේ එහෙ මෙහෙ කැක්කුං අල්ලනව කියල නිතරම"

අම්මා ආඩපාලිත් කිය කිය හිච්චාගෙ කොන්ඩෙ පීරනවා. ඒ අදින ඇදිල්ලට තව ටිකකින් උගෙ බෙල්ලත් ගැලවිලා යයි වගේ..

"ආව් අලේ ලිදෙනවා මගුල!!"

මගෙත් එක්ක තියන කේන්තියට අම්මා හිච්චා ගෙ කොන්ඩෙ පනාවට අල්ලලා පස්සට අදිද්දි මේ පාරනම් ඌට රිදිලාද කොහෙද ඌත් කෑගැහුවා.. ඒ එක්කම අම්මා උගෙ පස්සට පනාවෙන්ම එකක් දීලා ඇරිලා. පව් යකෝ.. මට හිනත් යනව හැබැයි..!!

"ඔව් උබත් අලි එකා කරන එක බලන් ඉදල මටම සත්තම දාපං! කරදඩු උස්මහත් වෙච්ච ඉලන්දාරියෙක් ඉන්නව. උට කියල වැඩක් කරගන්න අපි උගෙ පුකට වදින්නෝනෙ.."

අම්මා කුටු කුටු ගගා බැන බැන හිච්චාගෙ ඔලුව පීරලා ඌඩ පව්ඩර් ටිකක් දැම්මා.. මූ නිකන් ශාරුක් ඛාන් වගේනෙ යකෝ සිස්සත්ත පන්ති යන්නෙ. මාත් එහෙම්ම නැගිටල ශර්ට් එකක් ඇදගත්තේ ඒකව පන්තිය ළඟින් හලල එන්න..

"මං හිච්චාව ගිහින් දාන්නම්.. අම්මා මඤ්ඤොක්කා කොල ටික ඉල්ලන් එන්න.. වැඩේ ඉවරනෙ.."

මම එහෙම කියලා ශර්ට් එක අදින ගමන් සාලෙට යද්දි අම්මා මට රවාගනම නැගිට්ටා..

"නෑ.. ඕන්නෑ.. හාමු මහත්තයගෙ ඔලුව රිදෙනවනෙ. මම ම කොල්ලව පන්තියට දාලා කොල ටිකත් අරගන එන්නම්.උබ ගෙදර ඉදපන්"

අම්මා එහෙම කියල මටත් ගස්සගන කාමරේට ගියා. මලපැනලද කොහෙද. මම තව මොනවත් කියන්නැතුව එහෙම්ම ශේප් එකේ අම්මගෙ පස්සෙන් කාමරේට ගියා. අපෙ අම්මට මලපැන්නාම කියවන්න ගන්නව ආයෙ හත් අවුරුද්දක් කන් දෙකේ අගුල් වැටෙන්න. පුපුරන්න කලින් ශේප් කරගන්න ඕන..

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now