එකොලොස්වන දිගහැරුම~

155 28 5
                                    

"මට ඇත්තම කියපන් අයියේ!! උබ ආවෙ මාව හොයාගෙන නේද???"

අයියගේ ඇස් මට බොරු නොකියනකොට,මෙච්චර වෙලා අමතක උන මගේ හැකියාවම මම උපරිමේට ප්‍රයෝජනයට අරන් ඒ ඇස් කියෙව්වා!!මූ යකාගේ මිනිහෙක්,මොනාද මූ මේ හිතන්නේ??

හෙට ෆයිල් එක යවන්නේ කා අතේද??

අයියෝ ශිට්...මේ රෙද්ද අදම කැඩුනනේ??

ටේනුක් අයියා ස්ට්‍රින්වීල් එකට පාරක් ගහනකොට වැරදිලා හෝන් එක තදවෙලා ආපු සද්දෙට මම විතරක් නෙවෙයි අයියත් බය උනා,හහ් මහ ලොකු ඔත්තුකාරයා මොකද බයවෙලා!!

සිරාවටම මූ හරියට මගුලක් හිතන්නැති තැන මට මෙහෙම්ම ඉදං මේකට පයිං පාරක් කෙළලා අරින්ඩ හිතුනත් මම නෙවෙයි මොකුත් කරේ ඇයි ආයුක් කියන මහා පගයගේ කට ලොක්නේ!!

අනේ උබර්ගෙත් කට විතරයි ආයුක්!! ශේ ශේ ශේ...මම මේ මටම නේත බැන්ගන්නේ කියලා හිතනගමන් ඔලුවට එකක් ගැහුවට,අයියා එක්ක කතාවක් දාන්නත් මට දැන් ඕන වගේ මූ හරියට බලන්නෙත් නෑ මට හිත කියෝගන්න,එක ඇහැක් බලලා මොනා කරන්නදා,මේකා ආසාවට බලන්නෑනේ,

හයියෝ හයියෝ මෙච්චර ලස්සන මල්ලෙ කෙනෙක් ඉද්දි අයියා කොහෙත බලන් ඉන්නේ ඈ,මොනාත මේ මම කියන්නේ මේ!! ආයුක් උබ හෙට උදේම ගිහින් මේ පිස්සු මනුස්සයා හින්දා හැදිච්ච අමාරුවට බෙහෙතක් ගන්ඩෝනි!!

"අයියේ මේ"

"ඕ?? කියන්න??"

මූ මූන දිහා බලන්නෑ ආසාවට,චැක්!! පොඩ්ඩක් හිටපන් ආයුක්!! උබමනේත මුල් කාලේ ටේනුක් අයියා ගාගෙන වැලලුනේ ඈහ්?? ඇත්තටම රවීනයා කීවා වගේ මම ලෝයර්කාරයාට ලව්වත්ද??

කෙලවුණා හම්නිදා!!

අයියට නම් එහෙම එකක් නෑ- හෝව්!! එහෙනම් මූට මොන අමාරුවකටද මාව හැපුවේ ඈ?? ශික් ශික් ආයුක්!! වලකුළු බැම්මේ ඉදන් එනකොට ආව රෝමියෝ නෙවෙයිනේ මේ!!උබර්ගේ සාහිත්‍යය සීන් එක වලපල්ලට බැස්සත??

"අයියා එදා දීපු නම්බර් එකමද තාම පාවිච්චි කරන්නේ??"

මම දැක්කා අයියා පුදුමෙන් මම දිහා බලනවා!! මොකක්ද මිනිහෝ ඒ කියපු අන්ඩර දෙමළේ?? එව්වා ආදි කාලේ නම්බර්නේ!! සිරාවටම මෙහෙම හරි අයියව හම්බුන එක හොදයි,නැත්තම් ඉතින් මම ගොංකමට අර මගුලට ගන්ඩනේ හිටියේ කෝලක්!!

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now