03 කොටස

199 31 3
                                    

" දියනෙත උදාවත සිය කිරණින් මහරු...!!!!! "

" අනේ නවත්තගනින් බල්ලෝ...දැන් උදේ ඉදන් ඇහෙන්නේ ඕක..හාමුදුරුවෝ එළියට දැම්මොත් මන් නම් එළියට යනවා..මේ මගුල කරන්න බෑ.. "

විභාන් ගේ මගුලේ කවිය අහන් ඉදලා මට මළ පැනලා හිටියේ.අර චානු කියන මොට්ට පූසා උදේ මාත් එක්ක රන්ඩු උනා.මන් අහවල් බාලිකාවේ කෙල්ලෙක්ව ටෝක් කරලලු.කරා නම් තමා එත් ඉතින් ඌට මොකද? මන් ඒ කෙල්ල එක්ක පාර මැද කට කෑවා වගේ ලයින් එකක්නේ අරූ මට දෙන්නේ.ඒ අස්සෙ සිංහල ලිට් පිරීයඩ් එකෙ සුභාෂිතයේ 6වෙනි කවිය පාඩම් ගන්නවයි කියලා උදේ පාන්දර එකොළහේ හාමුදුරුවන්ගෙ පන්තියෙ කොල්ලෙක් පණිවිඩේ දීලා ගියා.

දැන් ඉතින් අපේ ක්ලාස් එකෙ ලිට් කරන උන් ඔක්කොගෙම කටවල් වල "දියනෙත උදාවත සිය කිරණින් මහරු" තමා...චානු පෙරේදා ඇවිත් මගෙන් මුල් කවි දහයම තේරුම එක්ක කටපාඩම් අරන් ගියපු නිසා මට නම් ශේප් එකෙ හිටියැහැකි.හැබැයි හාමුදුරුවන්ව දැක්කම සුභාෂිතේ කෙසෙ වෙතත් ජනකවි කියවෙන්නේ..

" නැණැති දනන් හට මද ගුණයක් කලද... "

" ඕක හයවෙනි කවිය නෙමෙයි පගෝ..ඔය එකොලොස් වෙනි එක....උබ ගල් කාලාක් ගහලා නේද ආවේ?.. "

ජිවීතේට පොතක් අල්ලන්නේ නැති තාරුශත් අත පොතක් දිග ඇරන් කවියක් කියෝනවා.හැබැයි පොරට කවියේ නම්බරේ වැරදිලා විභාන් කොස්ස අතට ගත්තා.මේ ඉන්නේ අපේ පන්‍ති නායකයා.අපිට දැන් පළවෙනි කාණ්ඩේ විෂයන් තිබ්බේ.පන්තියේ ඉතුරුවෙලා හිටියේ පුරවැසි කරන උන් විතරයි.අනිත් උන් ඔක්කොම උන්ගෙ විෂයන් වලට ගිහින්..උන්ට අද පුරවැසි නැහැයි කියලා කලින්ම කියලා.හැබැයි මෙතන ඉන්න එකම කොමස් එකා මන්.මට සුමිත් සර්ගෙ අහවල් කෙරුවාව අහන් ඉන්න බැරිකමට මන් අද පිරීයඩ් එකට ගියේ නැහැ.අද නම් සර් හොයන්න ආවේත් නැහැ.සුමිත් සර් චානුලගෙ පන්ති භාර සර්.

" මේ මන් ගිහින් අර සෙක්ශන් වැඩ්ඩව හම්බෙලා එන්නම්... "

" උබ උන්ගේ පන්තිය පැත්තේ කැරකෙනවා වැඩී කියලා සුමිත් සර් ජෙනිකා මැඩම්ට කියලා හොදේ....සුමිතා ඉන්නවා නම් පරිස්සමෙන්..ඕකාට තියෙන්නේ හොමොපොබික් හාටුවක් නේ.. "

සොදුරු සිත්තමක් |BLजहाँ कहानियाँ रहती हैं। अभी खोजें