CHAPTER 03

23 6 3
                                    

හිතට ධෛර්ය අරගෙන...

කියන්න නිහාල් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ??

ඔයාලට නෙමෙයි හලෝ මූට...මූටයි  කියන්න තියෙන්නේ...

ආහ් කියන්න සුපුල්...

ඔයාගේ කකුල රිදෙනවද..?කොහොමද යන්නේ..

සුපුල් ඇහුවා..

අපෝ මෙයාගේ අයිතිකාරයා දැන් එන වෙලාව...අපිව අරගෙන යන්න...

උපුලී කියනකොට අර මුහුණ හැකිළුණා..

ඇත්තටම  අපි අපි...ඔහු ගොත ගැසුවා..

වරෙන් අන්න Car එක ඇවිත්...

එතකොටම උපුලිගේ තාත්තා වාහනය ප්‍රධාන ගේටීටුව අසල  නැවත්තුවා....

අපි යන්නම්....

මම  සෙමින් දෙදෙනාටම පොදුවේ කිව්වා...

හරි හරි බායි බා....

නිහාල් ගේ මිතුරුකම පෙනුනා..

හෙටත් එනවද..

අහිංසකයා අහිංසක විදියට රහසින් ඇහුවා....

අපෝ නැහැ...ආයෙ එන්නෙම නැහැ.....

උපුලී නපුරු විදියට කිව්වා...

වරෙන් යමු...

මාවත් ඇදගෙන ඈ පෙරමුණ ගත්තා...

මට පිරිමි ළමයෙක් ගැන දුක හිතුණේ මං හිතෙන්නේ ජීවිතේ පළවෙනි පාරට...

මං ආපසු හැරුණා අර අහිසංක මුහුණ  හිනාව දකින්න...

ඒත් බොඳවෙච්ච රූපයක් විතරයි මට පෙනුණේ...Car එකේ ජනෙල් වීදුරුවත් මාත් එක්ක සෙල්ලං කරනවද කොහෙද??

Car එකේ ජනෙල් වීදුරුවත් මාත් එක්ක සෙල්ලං කරනවද කොහෙද??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යකෝ මොනවාද කිව්වේ බං... එ කොල්ලා මට උදව්කරා.... පව් බං.... බලාන ඉන්නවා....

මං උපුලිට දොස් පැවරුවා... 

කෝ එවලේ ඔය කට...මට බනින්න විතරයිනේ කට තියෙන්නෙ... උඔව නම්..අදහන්නම වටිනවා...

යකෝ උගේ පාට දැක්කද? කට්ට කළුවෙක්නේ බං... දික් දණ්ඩෙක් වගේ.... අනික අර අනිත් සුදු එකා... ඌ නම් කමක් නැහැ හැබැයි ඌව උ⁣⁣ස කරන්න දෙපැත්තට අදින්න වෙයි බං..උඹේ ලස්සන හැටියට ඔය එකෙක්වත් හරියන්නෑ...ගාමිණී ෆොන්සේකා වගේ ඇරෙන්න...

අම්මේ කියන දේවල්.... මේ වෙලාවට තමයි කන් නැත්නම් කියලා හිතෙන්නේ.....මං තනිවම හිතමින් වාහනයට නැග්ගා

පුතා ⁣අපේ ගෙදර යනවද  කොහොම ?

නැහැ අන්කල් මං වැටිලා ගෙදර යන්න ඕනා....

ආ කීයක් ඇහින්ද?...

ඔව් ලොකු ගාානක් ඩඩා... ශබ්ද නැත්තේ ඒකයි...හා හා..

උපුලී මට රිදවන්න කිව්වා...

නිවස ළගම බැස්ස මං බායි කියා ඉක්මණටම ගෙදරට දිව්වා...අද හරිම අපූරු දවසක්...වතුර  මලට හිස අල්ලන ගමන් හිතුවා...

මොකද්දෝ වේදනාවක් එකපාරටම මගේ හිතට වැදුනා..ඒ තුවාල වෙච්ච කකුල ද??නැත්තං උපුලි කියපු දේවල් ද??..ඒත් ඔහුව මතක් වෙද්දි මගේ හිත කීරි ගැහුණා...

හවස අක්කා එක්ක හිතත් සැහැල්ලු වෙන්න කියල හිතාගෙන මම පන්සලට යන්න ලෑස්ති වුණා...සුදු ඩෙනිමත් ඇඳගත්ත මම අම්මගෙනුයි අක්කගෙනුයි බැනුම් අහගෙන පන්සල් යන්න පිටත් වුණා....

තමුසේ ඇයි කලිසම්ම අඳින්නේ..

මං කැමති හින්දා

තමුසෙ එක්ක මම කොහෙවත් යන්න කැමති නෑ...

ඇයි ඒ...?

තමුසෙ එක්ක යනකොට මං දිහා කොල්ලෙක්වත් හැරිලා බලන්නෑ...

හාහාා.ඇයි අක්කෙ ඒ...

හැමෝම හිතන්නේ තමුසේ මගේ කොල්ල කියලා...

අනේ අනේ යනවා යන්න...අම්මට කියන්නකො මං මේ රත්තරන් කතාව...

කියලා අහුවෙයන්කෝ....

අපි කතා කර කථා කරකර පන්සලේ පඩිය නැග්ගා...එවිටම ඈත....කලු පාට...උස...

දෙයියනේ...ඒ අර...අර...

සුපුල්????

.....TO BE COUNTINUED....✌

✌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Dec 31, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Love is not OVER❤ [ONHOLD]Where stories live. Discover now