"ටේ.. ඉක්මනට එන්න.. කැබ් එක ඇවිල්ලා.."
උදේ නවයට විතර අප්පා එවනව කිව්ව වෙහිකල් එක ආව නිසා ජිමින් ටේට කෑ ගහන්න පටන් ගත්තා..
" මේ එනෝ"
එහෙම කියාගෙන ටේ ඉක්මනට එයාගෙ බෑග් එකට ඇදුම් ටික ඔබාගෙන එලියට දුවගෙන ආවා.. තනියම ටේව දාල ගෙදර යන්න බැරි නිසා ජිමින් ටේවත් ගෙදර යන්න ලෑස්ති කරගත්තා.. නැත්නම් මේ පොඩි බබා ජිමින් ආපහු එද්දි ගේ අනිත් පැත්ත හරවලා තියයි..අනික ටේත් ඔම්මව බලන්න යන්න ඕන කියලා කෙදිරි ගගා හිටියෙ.. ඒ නිසා අප්පත් කෝල් කරලා ගෙදර එන්න කිව්ව හින්දා ජිමින් ටේවත් ගෙදර යමු කියලා එයා එක්ක එකතු කරගත්තා.
ටේ ආවට පස්සෙ ජිමින් ටේගෙ අතින් අල්ලලා ටේව එලියට අරගෙන අපාට්මන්ට් එකේ දොර ලොක් කලා.. දෙන්නත් එක්ක ඉක්මනට පහලට දිව්වෙ දැනටමත් පරක්කු වෙලා හින්දා..එකපාරටම පාක් එකේ එන්ට්‍රන්ස් එක ලග හිටිය මනුස්සයෙක්ගෙ ඇගේ හැප්පිලා ජිමින්ගෙ බෑග් එක බිම වැටුණා..
"ඕහ්... අයිම් සොරි"
කලබලෙන් වගේ එහෙම කිව්ව ජිමින් බෑග් එකත් අරන් ඒ කෙනාට ඔලුව නමලා ආයෙම ටේව ඇදගෙන වෙහිකල් එක ලගට ගියා..
"ඔහ්.. පාක් ජිමින්.. ඔයා ඉන්නෙ මෙහෙ...මේ සෙල්ලම තවත් ලේසි උනා එහෙනම්! "
ජිමින්ගෙ ඇගේ හැප්පුන කෙනා උරහිස පිහදාන ගමන් එහෙම හිතුවා.. ඒ මනුස්සයගෙ කට කොනකට නපුරු හිනාවක් ආවා.. හරියට එයා හොයපු දෙයක් හම්බුණා වගේ.. එහෙමත් නැත්නම් ගොදුරක් හොයාගත්ත කොටියෙක් වගේ.... ජිමින් කලබලෙන් වාහනේකට දුවගෙන ගිහින් නගින හැටි හොදට බලන් හිටපු ඒ මනුස්සයා ටික වෙලාවක් එතන ඉදලා අපාට්මන්ට් එක ඇතුලට ගියා..
ජිමින් ඒ මනුස්සයා කව්ද කියලා හරියටම නොදැක්කත් මොකද්දෝ දැකලා හුරු ගතියක් ජිමින්ට දැණුනා..ඒ වුනත් ජිමින් ඒ ගැන ඕනවට වඩා හිතන්න ගියෙ නෑ.. මේ ලෝකෙ කොච්චර එකවගේ මනුස්සයො ඉන්නවද...
.
.
.
ජිමින්ලගෙ වාහනේ සෝල් වල ඉදන් බුසාන් එද්දි ජිමින්ටයි ටේටයි වාහනේම නින්ද ගිහින්.. වාහනේ ගෙදරටත් ඇවිත් පාක් කලාට පස්සෙ තමයි දෙන්නම ඇස් පොඩි කර කර නැගිට්ටේ.. පස්සෙ දෙන්නත් එක්ක වාහනෙන් බැහැලා ඇතුලට ගියෙ මාරම බඩගින්නකින්.. දෙන්න උදේට කාලවත් නෙවෙයි ආවෙ.. ජිමින් ගෙදර ආව ගමන්ම බෑග් එක කාමරේට විසි කලා.. ටේත් ජිමින් කරපු දේමයි කලේ.. ජිමින්ගෙ රූම් එකේ ඇද උඩට බෑග් එක විසි කරලා ජිමින් පස්සෙන් පඩිපෙල බැස්සා..
YOU ARE READING
𝑰𝑫𝑶𝑳
General Fictionsecrets... still they are hidden.. truth... definitely wins.... love??? if u have to leave ur love... but... you are me.. i am you.. until we die!