Final Chapter .. 🖤

1.3K 338 51
                                    

✳️ P A I N K I L L E R ✳️    🥀 අවසානය 🥀

     " දවසක වහී..
           ඉරිතැලිච්ච හදවත්
                    සුවපත් වෙන්න "

සෝයා වාහනේට හේත්තු වෙලා බලන් හිටියෙ හන් ගඟ පාමුල බිම ඉදගෙන ගඟ දිහා බලාගෙන ඉන්න ජිමින් දිහා.. පැයකටත් වැඩිය එතන ඉදගෙන ගඟ දිහා බලන් ඉන්න විඳිය දැක්කම සෝයාට හිතුනේ එයා කැමති වෙලාවක එයිනේ කියලා..

ටික වෙලාවකින් සෝයාට මීශාගෙන් කෝල් එකක් ආවා..

" සෝයා.. ඔයාලා කොහෙද ඉන්නේ.. "

" ජිමින් එක්ක ඉන්නේ මීශා.. එයා හන් ගඟ ගාව ඉදගෙන කල්පනා කරනවා.. "

" එයාට කතා කරන්න සෝයා.. නැත්නම් එයා දවසම ඔහොම ඉදී.. පෞ පොඩී ගිය නිසා ලොකූ ඉන්නේ දුකින්.. "

" මං එයාට කතා කරන්නම්.. ඔයා කොහෙද .. "

" අද ජන්ගුක්ගෙ ගෙදර රෑ කෑමකට කතා කලා.. මම එහෙ ගිහින් එන්නේ.. "

" හරි මීශා.. පරිස්සමෙන් "

සෝයා ෆෝන් එකත් කට් කරලා ජිමින් ගාවට ගිහින් හිට ගත්තේ එයාට කතා කරන්න.. ඒත් ජිමින් අතින් පෙන්නුවෙ එයා ගාවින් ඉදගන්න කියලා.. කරුවල වැටීගෙන ආවත් පාර පුරා තිබුන ලයිට් එළි වලින් සෝයාට පෙනුනෙ ජිමින්ගෙ දිළිසෙන ඇස් දෙක..

සෝයා එතනින් ඉදගෙන ෆෝන් එක ආයෙත් සාක්කුවට දාගන්න යද්දි සෝයාගෙ අතට අහුවුනේ අර අමුතු පෙනුමක් තිබුන කාන්තාව සෝයාට දීපු පෙට්ටිය..

" මොකද්ද ඒ.. "

සෝයා පෙට්ටිය එළියට අරගෙන කරකව කරකව බලනකොට ජිමින් ඇහුවෙ ඒ පෙට්ටිය දැකලා පුරුදුයි වගේ දැනුන නිසා..

" දන් නෑ.. අර තෑගි ගත්ත කඩේ අජුම්මා දුන්නේ.. එයා ටිකක් අමුතුයි වගේ නේද .. "

" අමුතුයි වගේ නම් ඇයි ගත්තෙ.. මොනා දාලා දුන්නද කවුද දන්නෙ.. "

" එහෙම නෙමේ.. අමුතුයි කිව්වට.. මට එහෙම සැක කරන්න තරම් දෙයක් දැනුනේ නෑ.. එයා අමුතු දෙයක් කිව්වා මේක දෙනකොට.. "

සෝයා ඒ කාන්තාව කියපු හැමදේම ජිමින්ට කියනකොට ජිමින් බලන් හිටියෙ පෙට්ටිය දිහා බලාගෙන දිගටම කියවන සෝයා දිහා.. සෝයා මේ දවස් ටිකේම පරණ දේවල් අමතක කරලා හිනා වෙලා හිටියෙ හරියට එයාගෙ නැති වෙච්ච අත්තටු ආයෙ ලැබිලා වගේ..

✳️ P A I N K I L L E R ✳️|| ᴘᴊᴍ || ✅✅Where stories live. Discover now