ඔවුන් එකිනෙකා අවසන් වරට හමුවීමෙන් පසු සතියක් හෝ දෙකක් ගතවී තිබුනි... කලු පාට මෝටර් රථයට හේත්තු උන ටේහ්‍යුන්ග් කලබලෙන් තමන්ගෙ බඩු ටික මෝටර් රථයට පටවන රියදුරු දිහාම බලාගෙන හිටියා... පිරිමි අය සාමාන්‍ය විදියට අඳින්නේ පලඳින්නේ කලාතුරකින් උනත්, ටේහ්‍යුන්ග් අද සාමාන්‍ය විදියට ඇඳලා හිටියා... කලු කලිසමක්, ඇඟට තද උනු ලා දුඹුරු පාට ශර්ට් එකක්, ඊට උඩින් ලෙදර් ජැකට් එකක් වගේම කලු පාට අව් කණ්නාඩිත් ටේහ්‍යුන්ග් පැලඳලා හිටියා... තොල් අතර රැඳිලා තිබ්බ සිගරට් එකෙන් දුම් පිට කරන ගමන් ටේහ්‍යුන්ග් කට කොනකින් හිනා උනත් හිත ඇතුලේ සතුටක් රැඳිලා තියන බව පෙනුනා...
"අද ටිකක් කම්මැලිකමෙන් වගේ... එහෙමද ජැක්සන් ?" තවමත් බඩු ටික කාරයට පටවන රියදුරාගෙන් ටේහ්‍යුන්ග් ඇහුවා... පරිසරයේ තිබ්බ සීතල ටික ටික අඩු කරමින් මේ දවල්වල හිරු එලිය තදින් වැටිලා තිබ්බා.. ටේහ්‍යුන්ග් අහපු දේත් එක්ක ටේහ්‍යුන්ග්ගෙ රියදුරු ජැක්සන් එහෙමම නතර උනා...
"සමාවෙන්න සර්..." ඔහු ඉක්මනින් ඔලුව වනනකොට ටේහ්‍යුන්ග් හිනා උනා.. මිනිස්සු තමන්ට කොච්චර බය වෙනවද බලන්න ටේහ්‍යුන්ග් ආස කරා.. ඒ දේ හැමවෙලාවෙම වගේ ටේහ්‍යුන්ග්ට සතුටක් ගෙනාවා...
"ටේහ්‍යුන්ග්...." වෙරෝනිකාගෙ කටහඬ ඇහෙනවත් එක්කම ගෙදර ඉස්සරහ දොර දිහා බලපු ටේහ්‍යුන්ග්, කලු පාට සිනිඳු රාත්‍රී ඇඳුමකුත් ඇඳගෙන ඉන්න වෙරෝනිකාව දැක්කා.. දුහුල් රාත්‍රී ඇඳුමට ඇගේ පියයුරු හොඳින් කැපී පෙනුන අතර, හේත්තු වෙලා හිටිය කාර් එකෙන් අයින් උනු ටේහ්‍යුන්ග් බොරලු පාර දිගේ ඇවිදගෙන ගිහින් ගෙදරට යන පඩිපෙල දිහාවට යන්න ගත්තා...
"ඇයි මොකද්ද ප්‍රශ්නෙ dear...?" ටේහ්‍යුන්ග් අහනකොට පාවහන් නැතුවම වෙරෝනිකා ඉස්සරහට ඇවිදගෙන ආවා...
"ඔයා යන්න හදන්නෙ කියල මට කිව්වෙ නෑනෙ..." ටේහ්‍යුන්ග් යන එක ගැන වදවෙන බව පෙන්වන විදියට වෙරෝනිකා කියනකොට ටේහ්‍යුන්ග් හිනා උනා...
"මං හිතුවේ නෑ ඔයාට ඒ දේවල් කියන්න ඕන කියලා... මොකද ඔයත් කවදාවත් එහෙම කරන්නෙ නෑනෙ.." ටේහ්‍යුන්ග් කියනකොට වෙරෝනිකා අහක බලාගත්තා...
YOU ARE READING
Somebody To Love || Taekook [ COMPLETED ]
Fanfiction1950 ගණන්වල තවත් මිනිසෙකු සමඟ ආදරයෙන් බැඳීම කිසි විටෙකත් ටේහ්‍යුන්ග් හෝ ජන්කුක් සිතූ දෙයක් නොවේ. විශේෂයෙන්ම ඔවුන් දෙදෙනාම විවාහ වී දෙදෙනාටම ලස්සන භාර්යාවන් සිටින විටකදී. නැතහොත් මෙය කිසි විටෙකත් එකිනෙකා වෙනුවෙන් සිටී යැයි අදහස් නොකළ පෙම්වතුන් දෙදෙන...