Part 11🔱

559 109 50
                                    

Author P.O.V.

කාලය සාමාන්‍ය විදිහටම ගෙවිලා ගියේ කට්ටිය තම තමන්ගෙ වැඩත් එක්ක busy වෙද්දි. ජන්කුක්ගෙ අප්පා එයාගෙ හැම බිස්නස් එකක්ම ජන්කුක්ට බාර දීලා පැත්තකට වෙලා හිටියා. ජන්කුක් යූරව අමතක කරන්න කොච්චර උත්සහ කළත් අමතක කරන්න බැරි විදිහට ජන්කුක්ගෙ පළවෙනි ආදරේ සහ එකම ආදරේ විදිහට තාමත් යූරා ජන්කුක්ගෙ හදවතේ ජීවත් වෙනවා.

යූරා ලේසියෙන් ජන්කුක්ව අමතක කරලා ජොලියෙන් ඉන්නවා කියලද හිතන්නෙ ? නෑ... කෙල්ලට කොල්ලව ගොඩක් මතක් වුණා. ඒත් කෙල්ලට ඒවා ගැන හිතන්න කාලයක් තිබ්බෙ නෑ. යූරට ජන්කුක්ගෙ වෙඩින් එක ගැන දැන ගන්න තිබ්බ හැම අවස්ථාවක්ම වගේ ටේ නැති කරලා දැම්මා. කෙල්ලට සෝශල් මීඩියා පාවිච්චි කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ. යුනිවර්සිටි එකේ එක්සෑම් ළග හින්දා පන දාගෙන කෙල්ල පාඩම් කරනවා.

සූමින්.... සූමින් ගැන කියනවනම් ටේ හිතුවා වගේම ජන්කුක්ට හොද බිරිඳක් වෙන්න සූමින්ට පුළුවන් වුණා. හැමතිස්සෙම ජන්කුක් ගැන හොයලා බැලුවා, කෑම හදලා දුන්නා. බිරිඳක් වශයෙන් සැමියට වෙන්න ඕන යුතුකම් සේරම ටික කළා.

ජන්කුක් වුණත් සූමින්ට තමන්ගෙ වයිෆ්ගෙ තැන දුන්නා. ජන්කුක්ගෙ හිතේ සූමින් ගැන ආදරයක් ඇති වුණේ නෑ. ඒ වුණාට හොද සැමියෙක් විදිහට සූමින්ට ඕන කරන ආරක්ෂාව, රැකවරණය, ගෞරවය අඩුවක් නැතුව දුන්නා. ජන්කුක්ට සූමින්ට දෙන්න බැරි වුන එකම දේ තමයි ජන්කුක්ගෙ හදවත.

ජන්කුක්ගෙ හිතෙ සූමින් ගැන හැගීමක තිබ්බා. ජන්කුක් සූමින්ව පිළිගත්තෙ එයාගෙ හොදම යාළුවා, එයාගෙ වයිෆ්, එයාගෙ දරුවගෙ ඔම්මා කියන සීමාවෙ ඉදන්. ජන්කුක් සූමින්ට එයාගෙ හදවතේ ඉඩක් දෙන්න කොච්චර උත්සහ කළත් ඒවා උත්සාහයන් විතරක්ම වුණා. මොකද ජන්කුක් ඒ වෙනකොටත් වෙන කෙනෙක්ට එයාගෙ හදවතේ ඉඩ දීලා ඉවරයි.

ටේත් යූරා ඇත්ත දැන ගන්න එක නවත්තන්න පුළුවන් තරම් දේවල් කළා. ටේ හිතුවෙ යූරට මේ දේවල් exam එකෙන් පස්සෙ කියන්න.

🧔-"පුතා, ඔයාලගෙ exam ඉවර වෙන්නෙ කවදද ?"

🐯-"ලබන සතියෙ අප්පා."

🔥💖✨️⚡JUST FOR YOU⚡✨️💖🔥  [Completed ✔️]Where stories live. Discover now