ශුවාන්ගේ ඇගිලි අතර ජීසන්ගේ ඇගිලි පැටලී තිබුනි. දෙදෙනාම මහත් උනන්දුවෙන් සිටියි. ඔවුන් කවුරුන්හෝ හමුවීමට අපෙක්ෂා වෙන් බලා සිටින වග හොදින්ම පැහැදිලිය .
" ශුවාන් ඔයාට හොදටම විශ්වාසද ? " ජීසන් ශුවාන්ගේ ඇස් අතරට එබිනි.
" හ්ම්. ඔව් බබා . ඇයි ඔයාට විශ්වාසයක් නැද්ද ?"
" මොකද නැත්තේ "
" මට නම් හිතාගන්න බෑ " ශුවාන් ජීසනේ අත්ල සිම්බේය.
" හ්ම්......... හැමදේම හීනයක් වගේ . හැමදේම හරි ඉක්මනට වෙනස් වුනා. එදා ඔයාව පලවෙනි පාර දැක්කට පස්සේ අපේ හරි ඉක්මනින් වෙනස් වුනානේ. "
" සමහරක් ඒවා හොද අතට සමහර ඒවා නරක අතට " ජීසන්ගේ කතාවට ශුවාන්ද කොටසක් එක් කලේය.
ඔවුන් අසලට තරුනියක් පැමිනියාය. ඇය ජීසන් හා ශුවාන්ට සිනාහවකින් සංග්‍රහ කලාය. ඈගෙ අතේ අවුරුදු හතරක පමන චූටි සුරංගනාවියක් සිනහවෙමින් සිටියාය.
ජීසන් ඇය දෙසට තම අත් දිගු කලේ ඇය අසලට නොපැමිණීදෝ සැකයෙනි.
චූටි කෙල්ල හුරුබුහුටි හිනාවක් ජීසන්ට තිලින කරමින් ජීසන්ගේ අතට ආවාය.
" චුටි මැනික ඔයා ශෝක්නේ " ජීසන් පුංචි කෙල්ලගේ කම්මුලට කුඩා හාදුවක් තිබ්බෙය.
" බබාගේ නම මොකක්ද ? "
ශුවාන් චුටි සුරංගනාවිගෙ චූටි ඇගිල්ලකින් මෘදුව ඇල්ලුවා. චුට්ටක්වත් තද කරන්න ශුවාන්ට ලෝබ හිතුනේ චුටී කෙල්ලගේ අත ඒතරම්ම සුසිනිදු වූ නිසාය." අම්මිගේ සෝස මල "
පුංචි කෙල්ල හිනාවුනා. ජීසන් හා ශුවාන් තරුනිය දෙස බැලුවා." මේ බබාගේ දෙමාපියෝ ඇක්සිඩන් උනේ මේ ලගදි . බබා හුගක් චුටී එයා එයාගෙ නම දන්නේ නෑ "
තරුනිය පිලිතුරු දුනි. ඇත්තෙන්ම ශුවාන් හා ජීසන් පැමින සිටින්නේ ළමානිවාසයකටය. මේ තරුනිය එම ළමානිවාසයේ විදුහල්පතිනියයි . ඇය ඉතා කරුනාවන්ත තැනැත්තියකි.ජීසන් හා ශුවාන් දරුවා හදා ගැනීමට කැමති විය.
" බබාට අපි නමක් දාන්නද ? "ජීසන් ඇසීය.
" ඔව් ඒක සර් ලගේ කැමැත්තක් "
ජීසන් හට සැනෙකින් නමක් මතක් වුවද ශුවාන් එයට කැමති වේවිද ඔහුට සැක හිතිනි.