23. ~ Ding Dong ~

291 54 6
                                    

'ඩින්ග් ඩොන්ග්!!!"

බෙල් එක ආයෙමත් වැදුනා.

"කවුද ඒ??" ජින් බැලුවෙ යූන්ගිගෙ මූණ දිහා..

යූන්ගි උරහිස් හැකිළුවෙ කවුද කියලා එයාටත් හිතාගන්න බැරි නිසා.. බෙල් එක ගහනවනම් ගිහින් දොර අරින්නැතුව මේ දෙන්නා මෙතනට වෙලා මොකක් කරනවද කියලා මට හිතාගන්න බැරුව හිටියෙ..

"ඉන්න මං බලන්නම්" ජින් ඉස්සර උනා.

යූන්ගි ඒ පිටිපස්සෙන් ගියා. ඒත් එයා මගෙ අත අතෑරියෙ නෑ..

ඉතින් මමත් යූන්ගිත් එක්කම ඉස්සරහට ගියා..

ජින් දොර ඇරියෙ ඉස්සරහට නැමිලා "කවුද" කියලා අහන ගමන්..

එකපාරටම ජින්ගෙ මූණට වතුර පාරක් වැදුනා..

"යාආආආ" ජින් කෑගහනවා...

එළියෙන් කවුරුහරි හයියෙන් හිනාවෙන සද්දයක් ඇහුනා...

මම ඉස්සිලා බැලුවත් ජින් දොර හරස් කරගෙන නිසා පේන්නෑ...

"යාආආ ජන්ග්කුකාහ්..මේ පොඩි එකා තාම හැදිලා නෑ.. නවත්තනවා මේක" ජින් කෑගහන්න ගත්තෙ තව වතුර පාරක් ඇවිත් මූණෙ වදිද්දි...

"ජන්ග්කුක්???"

මට කියවුනා... ජන්ග්කුක් ඇවිත්??? මම යූන්ගිගෙ අතින් ඇද්දා..

යූන්ගි මගෙ දිහා බැලුවෙ ජින්ගෙ විකාර වලට හිනාවෙන ගමන්මයි..

"මම උඩට යන්නද??" මං ඇහුවෙ එතන එහෙම ඉන්න එක හරි නෑ කියලා හිතලා.

"පිස්සුද? ඔහොම ඉන්න. ඒ කුකී" යූන්ගි මට යන්න එපා කියලා මගෙ අත තවත් තද කරලා අල්ලගත්තා..

ජින්ව හොඳටම වතුරෙන් නෑවිලා..

ජින් හොඳටම බැන බැන ගේ ඇතුළට ආවෙ අත් වලින් එයාගෙ කොණ්ඩෙ පිහිදන ගමන්..

ඒ පිටිපස්සෙන් ජන්ග්කුක් හිනාවෙවී ආයෙ ලොකු බෑග් එකකුත් එල්ලගෙන..

අනේ හා පැටියෙක් වගේ හිනාව... මේ කොල්ලගෙ දඟවැඩ තාම නැවතිලා නෑ..

ජන්ග්කුක් එකපාරටම ඇවිදගෙන එන එක නතර කරලා ආයෙ දොර දිහා බලලා කාටද කතා කලා...

~ Crystal Snow ~ (Completed)Where stories live. Discover now