💮හතරවන කොටස💮

404 81 55
                                    

ඇඟටවත් නොදැනී මාස දෙකක්ම ගෙවිලා ගියා... 😌😌

*******************************

" මගේ අහසේ අඳුර බිඳින සඳවතී
අම්මේ ඔබ හැරෙන්න කවුරුද ලෝකේ
හිරු සේ මගේ ජීවිතයම එළි කළේ
පියාණනේ සෙනෙහස පිටාර ගැලුවේ
අත් දෙක අල්ලන් මගේ ඉස්සර වාගේ
පාර කියන තරු කැට යුවල
නින්ද නැතුව මට මඟ කියන "

සෙනසුරාදා දවසේ ආතල් එකේ සින්දුවක් කියාගෙන ගෙදරට වෙලා ඉන්නවා තරම් ප්‍රීතියක් වෙන කොහෙවත් තියෙනවද බ්‍රෝ.... 😅😅

හැබැයි ඉතින් අර පණු පැටියා යන අන්වර්ථ නාමයෙන් මං හඳුන්වන පාප සහෝදරයා නැත්තන්...

ඔයාලා අහලා තියේද මෙහෙම සින්දුවක් 👇👇👇👇

" මුළු ගෙදරම සුවඳින් නාවා
මගේ මල් වත්තම පාට වෙලා
පවුලේ හැමටම සතුට බෙදා දුන්
මගේ සුදු මල්ලී මලක් වගේ "

දැන් බලන්න අනේ ඔය සින්දුව ලියපු ඒ උත්තමයා කොච්චර ලොකු ටොම් පචයක්ද කෙළලා තියෙන්නේ කියලා.... 😅😅

පළවෙනි එක තමා කොල්ලෙක් ඉපදුණු පලියට කොහොමද අප්පා ගෙයක් සුවඳ වෙන්නේ... ගෙයක් සුවඳ කරන්න නම් අනිවාරෙන් ඒ ගෙදර කෙල්ලෙක් ඉන්න ඕනි.. 😌😌

ඊළඟ එක මල්ලි කෙනෙක් ඉන්න හැම අක්කටම මල් වත්තක් තියෙනවයෑ... උදාහරණයක් විදිහට මාව ගන්නකෝ... මල් වත්තක් තියා මගේ කියලා කියන්න පුළුවන් එක මල් ගහක් අපේ වත්තේ නෑ. සේරම අම්මගේ 😛😛

අනිත් එක තමා අපේ මල්ලි ඉපදුණු දවසේ එයා ගෙදර හැමෝටම සතුට බෙදුවට වෙද පප්පා ජිම් පප්පට අරිශ්ටෙ නොදී මග ඇරියා වගේ කුරිරු විදිහට මට සතුට නොදී මාව මග ඇරියා. ඒකනේ අදටත් දුටු තැන මරාගන්න සීන් එකේ ඉන්නේ... ( මෙහෙමයි ඉතින්... පණු පැටියා ඉපදෙද්දි මං අවුරුදු 7ක පොඩි බට්ටෙක්... මගේ ඔළුවේ තිබ්බේ හත්තිලව්වේ අද ඉඳන් එක චොකලට් එක දෙකට බෙදන්න වෙනවා නේද කියන එක විතරයි සාන්ත )

අන්තිම එක.......

පොඩ්ඩක් ඉන්න ළමායී... මට කෝල් එකක්. ඒක ආන්සර් කරලා ඇවිල්ලා මං අන්තිම එක පැහැදිලි කරන්නම් 😆😆

ආ..... 💛JK💛

" හෙලෝ කියන්න JK... "

" ජෙනී.... මට ඔයාගෙන් උදව්වක් ඕනා.... "

Sweet  bonding (✅COMPLETE ✅)Where stories live. Discover now