අද මගේ කැම්පස් ජීවිතේ පලවෙනි දවස.. ලොකු සතුටක් වගේම පුංචි බයකුත් මගේ හිතේ නොතිබුණ නෙමෙයි. දෙමවුපියන්ගේ වෙන්වීම දාරගන්න බැරුව අඩලා අඩලාම රතු උන ඇස් දෙක තදින් පියාගෙම වතුර බෝතලෙන් වතුර ටිකක් අරන් මං මූණෙ තවර ගත්තා..
තැනින් තැන තැනින් තැන දෙතුන් දෙනා එකට එකතු වෙලා කතා කර කර හිටියා.. එයාලත් අලුත් වෙන්න ඇති.. මං මටම මුමුණ ගන්න ගමන් මං හොස්ටල් එක තියන තැන හොයාගන්න එහෙටත් මෙහෙටත් බෙල්ල හරවන්න ගත්තා..
විනාඩි දහයක් විතර එකම තැන ඉදන් කල්පනා කරද්දී බෑග් දෙකක් උස්සන් මාව පහු කරන් යන්න හදපු කොල්ලෙක් නැවතිලා මගේ මූණ දිහා බලන් හිටියා.. ඒ බැල්ම අපහසු උන නිසා මං ටික වෙලාවකින් මූණ බිමට බර කරගද්දී එයා කතා කරා..
එක්ස්කියුස් මී.. ඔයා අලුත් කෙනෙක්ද.. ඒ කොල්ලා අහද්දී මං හෙමින් මගේ ඔලුව වැනුවා.. පපුවටත් අතක් තියාගත්ත ඒ කොල්ලා හොද හුස්මක් අරන් මට අත දික් කරා..
මං ජිමින් පාර්ක් ජිමින්.. අනේ දෙයියෝ ඔයාව හම්බුණ එක නම් ලොකු දෙයක්.. මට යාලුවෙක් නෑ.. ඔයා දන්නවද මට පේන්න බැරි වැඩක් ඒක.. යාලුවෙක් නැතුව තනියම ඉන්න එක.. ඉතින් හොද කොල්ලා වගේ මගේ යාලුවෙක් වෙන්න.. හාද හාද හාද.. ජිමින් ටේගෙ මූණ දිහා බලන් ඔලුව දෙපැත්තට වනන ගමන් අහද්දී ටේ ලස්සනට හිනාවෙලා ඔලුව වැනුවා...
ඔහ් ඔයා වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි වගේ නේද.. කමක් නෑ ඉතින් නමවත් කියන්නකෝ.. ජිමින් තමන්ගේ බෑග් දෙක උස්ස ගන්න ගමන් ඉදිරියට ඇදෙද්දී ටේත් ජිමින්ගේ ගානටම අඩිය තිබ්බා..
මං ටේහ්‍යුන්.. ආවේ ඩේගුවල ඉදන්..
ඔහ් ටේ කොහොමද ඒක.. ටේහ්‍යුන් ජිමින් දිහා ඇස් ලොකු කරන් බලන් හිටියා.. නම කිවුවා විතරක් නික් නේම් එකකුත් දාලා..
ඔයා ඒකට අකමැතිද.. අකමැති නම් මං__
නෑ මං කැමති මං ගොඩක් කැමති.. ටේහ්‍යුන් කියද්දි ජිමින් ලස්සනට හිනා වෙලා ඇහැක් ගැහුවා..
ජිමිනි ඔයා දන්නවද හොස්ටල් එක තියන තැන.. ටේහ්‍යුන් අහද්දි ජිමින් දන්න බව අගවන්න ඔලුව හොලවන ගමන් වටපිට බලන්න ගත්තාම..
YOU ARE READING
All Ship Stories You WaNt
Short StoryOne short.. All ships.. Birthday gift Cover by @lchi_jk