🧚‍♂️✨🥀 04 🥀✨🧚‍♂️

10 2 0
                                    



මමයි මගේ ටේයි ආදරය කරන්න අරන් දැනට මාස තුනකටත් ලගයි. ලගයි කිවුවට තව එක දවසයි මාස තුන සම්පූර්ණ වෙන්න තියෙන්නේ.

හෙට දවසට අපි දෙන්නා ආදරය කරන්න පටන් අරන් මාස තුනක් සම්පූර්ණ වෙනවා.

මං මේ ගැන මගේ හියුනග්ටයි නම්ජුන් හියුන්ග්ටයිත් කිවුවා. එයාලා මුලින් විශ්වාස නොකලත් ඒක දවසක් මගේ පස්සෙන් හොරෙන් ඇවිත් බලන් ඉදලා. එදායින් පස්සෙ එයාලා මේ ගැන විශ්වාස කරනවා.

හියුන්ග්ලාගෙන් වත් ඒ ගැන කිසිම අකැමැත්තක් නැහැ.

ඒත් මගේ හිතේ කොනක මොකද්දෝ අමතු දුකක් තියෙනවා .
ඒ වෙන කිසි දෙයක් ගැන නෙමෙයි මගේ ටේව හැමදාම ඔය විදියටම මට තියන් ඉන්න වෙයි කියලා.
අපි දෙන්නා මෙ ගැන කොච්චර හෙවුවත් ඒ ගැන අපි දෙන්නාටම හොයා ගන්න බැරි වුනා.

මං අදත් ටේ ව හම්බවෙන්න ගිහිල්ලා ඇවිල්ල පුස්තකාලෙටත් ගියා මේ ගැන මොකක් හරි විස්තරයක් තියෙනවාද කියලා බලන්න. ඒත් කිසිම දෙයක් මට හම්බ වුනේ නැහැ.




Next day evening

මම අදත් මගේ වැඩ ඉවර කරලා මේ යන්න ලැස්ති වෙන්නේ මගේ සුරදූතයාව බලන්න. අද අපි දෙන්නාගේ ආදරයට මාස තුනක් සම්පූර්ණ වෙනවා.

මං අදුර වැට⁣ිලා ටිකක් වෙලාවක් යන කොට මං පොකුණ ලගට ගියා.

මගේ මැණික එහෙ මෙහෙ පියාඹ පියාඹ ඉන්නවා .

මං ආපු එතනට ගියප ගමන් මගෙ කම්මුල් වලට හාදුවක් දුන්නා. මෙයා මේ විදියට ඉදන් මට හාදු දෙන කොට ඇත්තටම මට හිනා යනවා. ඒ මට කිති කැවෙන නිසා.

මධ්‍යම රාත්‍රිය උදා වුනා. මගේ චූටි සුරදූතයා දැන් ⁣එයාගේ පෙනුම වෙනස් කර ගත්තා.

හරි පෙනුමට ආපු ගමන් මගේ බෙල්ල වටේ අත් දෙක දා ගෙනම මාව හාදුවකට නැඔුරු කර ගත්තා.

ඒ හාදුවෙන් ඇත් වුන අපි දෙන්නා. ,

" කුකී ඔයාට අද දවස මතකද?"

" ම්ම් අද ඇයි ටේ අද මොකද්ද . එහෙම මතක තියා ගන්න විශේස දිනයක් ද අද? "

මං ඉතින් චුට්ටක් මගේ මැනිකව අවුස්සන්න හදන්නේ...

" ඇත්තටම ඔයාට මතක නැද්ද කුකී"

🧚‍♂️✨🥀 My little angel 🥀✨🧚‍♂️Where stories live. Discover now