2019
Seoul
KOREA" යොබොසයෝ ජින් හ්‍යුන්.."
" අද රෑ...ඇත්තටමද...පිස්සුද..මම අනිවාරෙන් එනවා...දේ..දේ...හරි හ්‍යුන්"
ප්‍රැක්ටිස් රූම් එකේ පන නෑ වගේ බිම දිගාවෙලා හිටපු ජංකුක් අකුනක් වැදුනා වගේ නැගිට්ටේ ජින්ගේ කෝල් එක නිසා....ජංකුක්ගේ වටින හැමදේකටම වඩා උඩින්ම ඉන්න ජින් හ්‍යුන්ගෙන් සති දෙකක් තිස්සෙ කෝල් එකක් මැසේජ් එකක් නැතුව බාගෙට පන නෑ වගේ හිටපු ජංකුක්ට මේ කෝල් එක ඇත්තටම හුගක් වටින කෝල් එකක් උනා..
ජංකුක් සතියෙම අප්සට් ගහලා හිටියේ ජින්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බවෙලා නිසා එයාගේ මල්ලිව අමතක වෙලා කියලා...ඒත් ජින්ට , ජංකුක් එක්ක පොඩි පාටියක් දාන්න ඕනි කිව්ව නිසාම ජංකුක් එයාගේ බෑග් එකත් අරන් ප්‍රැක්ටිස් රූම් එකෙන් එලියට දිව්වේ එයාගේ මැනේජරුත් හති දදා එයාගේ පස්සෙන් දුවන් එක එක ගනන් ගන්නේ නැතුව...
" ජංකුක්ශි ..හිමින් යමු...දුවන්න එපා.."
මැනේජර් කොච්චර කෑගැහැව්වත් ජංකුක් දුවන එක නතර කලේ කාර් පාර්ක් එක ලගට ආවම...
" සේජින් හ්‍යුන්...යමුකෝ ඉක්මනට ..ජින් හ්‍යුන්ව බලන්න යන්න ඕනි.."
" ආ...ජින්ශිගෙන් කෝල් එකක් ආව නිසාද මේ පනගහලා ඇවිත් තියෙන්නේ...යමු යමු එහෙනම් "
ජංකුක් ඉක්මනට වාහනේට නගිද්දි මැනේජර් සේජිනුත් ඉක්මනට වාහනේට නැග්ගා...
.
.
.
.
" සේජින් හ්‍යුන් ..අපිට තව ටිකක් වේගෙන් යන්න බෑද..."" අනී...ඔන්න ඕක නිසා තමයි මාත් ආවෙ ජංකුක්ශි එක්ක..නැත්තන් තියෙන හදිස්සියට කොහේහරි ගිහින් ඇනගනීවි"
මැනේජර් සේජින් සැරෙන් වගේ කිව්වම ජංකුක් සද්ද නැතුව එලිය බලාගත්තේ ආයෙ කියෙව්වොත් මීට වඩා අහගන්න වෙන නිසා...
ජංකුක්ගේ එපාර්ට්මන්ට් එකේ ඉදලා ජින්ගේ එපාර්ට්මන්ට් එකට යන්න විනාඩි තිහක් වගේ යන්නේ...ජංකුක් ඒ විනාඩි තිහෙත් කෑ ගහනවා පරක්කුයි පරක්කුයි කියලා..
" ඔන්න ජංකුක් වාහනේ කී එක..මෝඩ වැඩ එහෙම කරන්න එපා..ඔයාගේ ඇල්කොහොල් ලිමිට් එක පන්නන්න එපා..පරිස්සමට ආයෙ ගෙදර යන්න
"හරි සේජින් හ්‍යුන් මං ගැන දන්නෝනේ ඉතින්..ගුමාවො රෑ වෙලත් බෑ නොකියා එක්කගෙන ආවට..පරිස්සමින් යන්න සේජින් හ්‍යුන්"
මැනේජර් සේජින් ජංකුක්ට කාර් එකේ කී එකත් දීලා ටැක්සි එකක් ගන්න යන අතරේ ජංකුක් ලිෆ්ට් එක ලගට ගිහිනුත් ඉවරයි...තත්පර කීපයක් යද්දි ජංකුක් හිටියේ ජින්ගේ එපාර්ට්මන්ට් එකේ දොර ලග...ජංකුක් බෙල් එක ගහලා ටික වෙලාවක් යද්දි ජින් ඉක්මනට ඇවිත් දොර ඇරියා....ජින් හැන්දකුත් අරන් දොර ඇරිය විදියට ජංකුක් අඩියක් පිටිපස්සට පැන්නා...
" ජංකුකා...මොකෝ ඔහොම බලන්නේ.."
" හ්‍යුන් ඔහොම හැන්දකුත් අරන් දොර ලග ඉද්දි බය හිතුනා..හ්‍යුන් ඔය වගේ හැන්දත් අරන් දොර ලග හිටපු කීපාරක් මම ඔය හැන්දෙන් ගුටිකාලා ඇද්ද..."
" අදත් හැදි පාරක් කන්න ඕනෙ නැත්තන් ඉක්මනට ඇතුලට එන්න....අපරාදේ ඔයා කැමතිම කෑම වගයක් හැදුවේ.."
ජින් කෑම ගැන කතා කරලා ඉවර කරන්නත් කලින් ජංකුක් ඇතුලට ගිහින්.ඉවරයි....ජංකුක් කෙලින්ම ගියේ කිචන් එකට...ජංකුක් මුලින්ම බැලුවේ ජින්ගේ කිචන් එකේ දිලිසි දිලිසි ඉන්න ෆ්‍රිජ් එක දිහා...තත්පරයක්වත් පරක්කු වෙන්න කලින් ජංකුක් ෆ්‍රිජ් එක ඇරලා බැලුවේ එයාට ඕනේ දේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවද කියලා...
"ආව ගමන් පටන් ගත්තද..."
" ඕමෝ හ්‍යුන් හොද වෙලාවට බනානා මිල්ක් අරන් ඇවිත්..."
" හුගක් බොන්න එපා..මම අපි දෙන්නට සෝජු ගෙනාවා කුකී..."
ජංකුක් මොනවත් කියන්නෙ නැතුව ගිහින් කිචන් එකේ තිබ්බ ටේබල් එක ලගින් වාඩිවෙලා ජින් වැඩකරන හැටි බලන් හිටියා..එතකොට තමයි ජංකුක් ජින්ගේ ඇස් දෙක දැක්කේ....
" හ්‍යුන්...මොකද ඇස් දෙක ඉදිමිලා වගේ...හ්‍යුන් ඇඩුවද...."
" අ...අනී......ම්ම්..මම ඇඩුවෙ නෑ...මම මොකට අඩන්නද..."
ජංකුක් හිටපු තැනින් නැගිටලා ජින් ලගට ඇවිත් ඇස් දෙක දිහා බලන් කතා කරන්න ගත්තේ ජින් කියන්නේ ඇත්තද බොරුද කියලා හරියටම දැනගන්න...