escape (Jin)

281 66 1
                                    

දවස් තුනක්

දෙකක්

හතරක්

නැත්තන් සතියක්

අනේ මන්දා

තාමත් අර ගොලු සයිකෝ පිග් මාව තියන් ඉන්නේ.

බ්ලේඩ් එකෙන් බය කරනවා

වොශ්රූම් එක්කන් යද්දි අත තද කරලා අල්ලගන්නවා

තාම වචනයක් කතා කරලා නෑ

බෙඩ් එකේ ඉඳගෙන මගේ මූණ දිහා බලන් ඉන්නවා

මං කියන කතා අහන් ඉන්නවා

මගෙ බැනුම් අහන් ඉන්නවා

තාම හැබැයි මට එයාගේ  මූණ තමයි අඳුරගන්න බැරිවුනේ.කොයිවෙලේ බැලුවත් බ්ලැක් කිට් ගහන් මාස්ක් එක දාගෙන.අඩුම ගානෙ මොනාහරි කියද්දි හුම් කිව්වනම්.ඒත් මේ මනුස්සයා ගෝනි බිල්ලා වගේ ඉන්නවා විතරයි.මේ සයිකෝ පිග්ට වඩා හොඳට බ්ලේඩ් එකට කතා කරන්න පුළුවන්.

ඔව් ඔව් මෝඩ කතාවක් තමයි.ඒත් මට දැන් බ්ලේඩ් ලැන්ග්වේජ් එක හොඳට තේරෙනවා.පොඩ්ඩක් එහාට මෙහාට කරකවන්න විතරයි තියෙන්නේ.

දැනුත් සයිකෝ පිග් මගේ ළඟට වෙලා මං කියන කතා අහන ගමන් ඉන්නේ.මං එයාට මට මතක් වෙන එක එක කතා කියනවා.බ්ලේඩ් එකෙන් මාව බය කරාට ඇත්තටම එයා නරක කෙනෙක් වගේ මට පෙනුනේ නෑ.අනිත් අතට කටවහන් ඉන්නවා කියන එක මට කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.

"ඊටපස්සේ ජුනී සොකීට ප්‍රපෝස් කරා."

මං එයාට නම්සක් ලව් ස්ටෝරි එක ගැන කිව්වා.මට ඉතිම් වෙන කරන්න කියලා දේකුත් නෑනේ.

"මට වෙලාවකට හිතෙනවා ඒක බලන්න මගේ කුකිත් හිටියනම් කියලා"

ඒක කියනකොට මගේ ඇස් වලින් ආයේ කඳුළු ආවා.මට එයාව මතක් වෙනවා.හුඟක් මතක් වෙනවා.

"මට එයාව ගොඩක් මතක් වෙනවා.ඒත් එයා මාව දාලා ගියා"

මං සයිකෝ පිග්ට අඬනගමන් කිව්වා.ඒත් ඊළඟට වුනේ හීනෙකින්වත් හිතපු නැති දෙයක්.

එයා මගේ ළඟට ඇවිත් කඳුළු පිහිදලා මාව හග් කරා.

ඒ සුවඳ......

Found again(completed)Where stories live. Discover now