💓ඔබ මගෙ මුරපදේ 💓

346 70 27
                                    

'ආ...' ටේගෙ කාමරේට ඇවිත් ජිමින් මොකක්දෝ කොලයක් ටේගෙ අත උඩින් තිබ්බා.ටේ කෝලෙ දිග අරින ගමන් ජිමින්ගෙ මූන බැලුවා.

'මොකක්ද?.කවුද දුන්නේ'

'උබට ආයෙත් මරණ තර්ජන එන්න අරන්....කවුද කියලනම් දන්නෙ නැ..ඒත් දැක්කම ආස හිතුනා ඒක කියවලා බලන්න...බලලා කියපන්කෝ ඕකෙ මොකක්ද ලියලා තියෙන්නෙ කියලා' ජිමිනුත් ටේගෙ කොලේ දිහාවට ඔලුව නමාගෙන බලාගෙන හිටියෙ ලියලා තියෙන දේ දැනගන්න.ටේ හිමීට ඒ අකුරු කියවන්න ගත්තා.අකුරු නම් ගැනු ලමයෙක්ගෙ වගේ ලස්සනයි.

KTH වෙත,

ඇත්තටම ඔයා ලොකූ කෙනෙක් කියලා මං දන්නවා.ඔයා ඉතින් BTS member කෙනෙක්නෙ.ඒත් ඔයාට ඕනි තරම් කෙල්ලො ඇති.ඒත් මං ඒ කෙල්ලො ගොඩ අතරෙ ඔයා ගැන වැඩි අවදානයක් තියාගෙන ඉන්න කෙනෙක්..අන්න ඒක මතක තියාගන්න.අනික ඔය එහෙ මෙහෙ යන කෙල්ලො දිහා බලලා තිබ්බොත් බලාගමු.මං අතාරිනවා ලොකු බොම්බයක් ඔය චූටි මූන අලු වෙලා යන්න.

මීට no name.

'හරි ස්වීට් මරන තර්ජනයක්නේ..' ටේට හිනා යන්න ආවත් සීරියස් මූනක් මවාගෙන ජිමින් දිහාවට හැරුනා.

'හරි බොලද ලමයි...' ටේ ෆෝන් එකත් අරගෙන පඩි පල දිගේ බැහැලා අර කොලෙත් කුනු කූඩෙට දාලා එලියට යන්න හැදුවා විතරයි..,

'ඒයි ටේ කොහෙද ඔය යන්නෙ?' ජින් කුස්සියෙ ඉදන් කැගැහුවෙ සුගාවත් ඇහැරවන ගමන්.

'ම්ම් ගමනක්'

'කොහෙ ගියත් කමක් නැ...අර පොඩි එකාවත් එක්කගෙන පලයන්..හොදද?මට උබව ශුවර් නැ..උබ මොන දීපංකරේක යයිද දන්නෙ නැනේ'

'ඕනි..නැ..මං වැදගත් වැඩකට යන්නෙ...' ටේ ජින් කියපු එක ගනන් ගන්නැතුව එලියට ගියා.

'ජින්...එයාට යන්න දෙන්න..ඔය සෙමට්‍රි එකට යන්නෙ.මතක නැද්ද අද december 13නේ'

'ආ...හ්ම්ම් '

ටේ කා එකත් අරගෙන පාරට ආවා. දෙසැම්බර් මාසෙ නිසා මුලු පාරම හිමෙන් වැහිලා ගිහිල්ලා.ඊට වඩා ලස්සනයි හුලගත් එක්ක හැඩවුනු සෝල් අහස. හවස නිසා මුලු පාර දෙපැත්තෙම ලයිට් දාලා .ටේ පාර දෙපැත්ත බල බල ඩ්‍රයිව් කරා.

You'll also like

          

'හෙලෝ' ටේ කෝල් එකට ආන්සර් කරන්න පාර අයිනෙන් කා එක නවත්තලා එලියට ආවා.

'හෙලෝ...කොහොමද බෝලෙ..' ටේගෙ මුලු මූනම හිනාවෙන් පිරිලා ගියෙ මිශ්ටිගෙ කටහඩ ඇහිලා.

'මං හොදින් ඉන්නවා ඔප්පා..ඔයා සෙමට්‍රි එකට ගියාද?'

'නැ මැනික මේ යන ගමන් ඉන්නේ...ඉතින් ඉතින් ඔයා මොකද කරන්නෙ'

'මංද?මං මේ කෝල් එකක ඉන්නෙ'

'කපටි කෙල්ල අක්කා වගේමයි...හුම් '

'ඉතින් මං අක්කගෙම නංගිනේ..හලි හලි ඔයා ගිහින් එන්නකෝ.. ආ මං අක්කව මතක් කරා කියන්න...බායි ලව් ‍යූ '

' හා මං කියන්නම්..උම්මා...බායි' ටේ කෝල් එක කට් කරලා ආපහු කා එක ස්ටර්ට් කරගෙන සෙමට්‍රි එකට ගියා.

ටේ එතනට යනකොටත් මුලු සෙමට්‍රී එක පිරෙන්නම මිනිස්සු ඇවිත් හිටියා.ටේව දැක්කහම එයාලගෙ මැලවෙච්ච මුනු වලට හිනාවක් ආවෙ ඉබේටමයි.

'ටේහ්‍යුන්ග් මහත්තයා....'

'කොහොමද ඉතින්..ආ මේ චූටික්කිත් ඇවිත් ඉන්නෙ...'ටේගෙ අතට ඒ පොඩි ලමයා මල් අත්තක් දීලා හිනා වුනා. ටේත් ඉතින් පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයිනෙ.ටෙ එයාව වඩාගෙන චුට්ටක් හුරතල් කලා.

'මං යන්නම් එහෙනම් නැත්තන් මං විතරක් පරක්කු උනේ ඇයි කියලා බලයි....'

'ඔව් ඔව් එයා කොහොමත් බලාගෙන ඉන්නෙ ඔයා එනකන් තමා.....'

ටේ හිමෙන් පිරිලා තිබ්බ සුදුම සුදු සොහොන් කොත ගාව මල් ඉත්ත තියලා දනගහගත්තා.

'ම්ම්ම් කාලෙකින්....හරි ඉතින් කොහොමද ඔයාට...' ටේ වට පිට බල බල සොහොනට කතාකරන්න ගත්තා.

'ඔයාට ඉස්සර වගේ දැන් කච කච ගාන්න බැරි නිසා හොදයි...නැත්තන් ඔයාව බලන්න ආපු හැමෝම ආපු අතක් බලාගෙන දුවයි'ටේ හිනා වෙවී තනියම කතාකරනවා හැමෝම බලාගෙන හිටියෙ දුකින්. ඒත් එතන සතුටින්ම හිටියෙ ටේ විතරයි.

'ඔයා මට බොරු පොරොන්දු දීලා දාලා ගිහින් අදට අවුරුදු 2ක් වෙනවා...ශොක් නේ...ඔයා දැන් ඔච්චර බොරුවට නටන්න එපා..මං දන්නවා ඔයාට කොහොමත් පොරොන්දු රකින්න බැ කියලා...ඔයාටනම් මොකද හැමදේම විහිලුනේ...ඒ.ඔයා අහගෙන නේද ඉන්නෙ..සුලී?'

ඔබ මගේ මුරපදේ  🔐💓(𝚘𝚗𝚎𝚜𝚑𝚘𝚝✔)Where stories live. Discover now