33

289 47 30
                                    

Jungkook's pov

ජීයුන් මගෙ අත් දෙක එයාගෙ අත් අස්සෙ ගුලි කරලා අල්ලගත්තා. මන් එයාගෙ නිල් පාට ඇස් දෙක දිහා බලලා ආයෙ අහක බලාගත්තෙ එයාගෙ ඇස් දිහා බලද්දි දැනෙන හැඟීම් නවත්තගන්න ඕනෙ නිසා.

"ජන්ග්කුක්.. මෙහෙ බලන්න මගෙ දිහා... ඔයාව මන් හරියටම කවුද කියලා අඳුරගෙන ගොඩක් කල්... ඔයා කොයිවගේ වුනත් මගෙ හැගීම් නැතිවෙන්නෑ... ඔයා ඒව ගැන හිතන්න ඕනෙත් නෑ.. හරිද.. දැන් යන්ද..."

"ඔයා මගෙ මොනාටද ඇත්තටම කැමති වුණේ....."

ජීයුන් මාව අතින් ඇදගෙන යද්දි මන් ඇහුවා.

"මුරන්ඩුකමට තමා..."

"බොරු.."

"නෑ ඇත්ත..."

"මන් ගෑනු ලමයි එක්ක සම්බන්ධ තියාගන්න හොඳ කෙනෙක් නෙවේ...මට කේන්ති යනව... මන් නොසැලකිලිමත් ... මට ඔයාව කරදරවලින් බේරන්න බෑ.. ඔක්කොටම වඩා.. මටම හියුන්ග් නැතුව මොනාත් බෑ... ඔයා ඇ-"

"අහ්.. කටවහගෙන යන්ද.."

මට තව ගොඩක් කියන්න ඕනෙ වුනත් ජීයුන් එක්ක බැරිවුනා.

"ගමුද.."

"මොනාද.."

"අයිස්ක්‍රීම්.."

"හ්ම්..."

අන්තිමට අපි දෙන්නා අයිස්ක්‍රීම් එක කකා කතා නැතුවම ටික දුරක් පාක් එකේ ඇවිදගෙන ගියා.

"මොනාහරි කියන්නකො ජන්ග්කුක් ..."

"අයිස් ක්‍රීම් එක රහයි."

මන් කිව්වම එයාට හිනා ගියා.

"ඔයාලා වෙනදට කන අයිස්ක්‍රීම් වලට වඩා.. මේ ලාබ ඒව රහයි.. හුම්.."

ඇත්ත. වෙනදට කන ගාණ වැඩි අයිස් ක්‍රීම් වලටව් අඩා අතේ තිබ්බ ගානට ගන්න පුලුවන් වුණ මේක රහයි ගොඩක්.

"එන්න අතනින් ඉඳගමු නේද.... "

මන් අයිස්ක්‍රීම් එකේ රහ හිත හිත ඉද්දි ජීයුන් බංකුවක් පෙන්නලා කිව්වා.

"අපිට තිබ්බෙ බීච් යන්න ජීයුන්..."

"දුරයිනෙ... මෙතම ළඟයිනෙ.. ඔයා ආස එහෙ යන්නද..."

"හ්ම්... හියුන්ග් මාව එක්කන් යනවා... හැමදාම නෙවේ ඉතින්.... කලාතුරකින් ... ඒත් ඒ යන දවසට මන් ආසයි........දැන් ආයෙ නම් එයාට ඒ පොඩි වෙලාවවත් මන්  වෙනුවෙන් නැති වෙයි ...."

YOU were the REASON that I Survived  ❤ |JK| Completed]Where stories live. Discover now