Chapter 08 🍁

131 27 43
                                    

පෝන් එකේ ෆ්ලෑෂර් එක ඔන් කරගෙන කිචන් එක හොයාගෙන ගියේ ලයිට් ඔන් කලොත් නිදාගෙන ඉන්න අය ඇහැරෙයි කියලා බය හිතුන නිසා..

මම කිචන් එකට යද්දි කළුවරේම කවුරුහරි ෆ්‍රිජ් එක අස්සෙ රින්ඟන් ඉන්නවා දැක්කාම මට හිතුනෙ හයියෙන් කෑගහන්න.

🌹 " මේ මහ රෑ කවුද කන්න හොයන්නෙ. අඩේ හොරෙක්වත්ද? චිත්ත ධෛර්යය ගනින් යුමී. කවුරු උනත් කමක්නෑ අතට අහුවෙන එකකින් ගහපන් "

මගේම හිත මට කියද්දි මම හිමීට එතනම තිබුන පොඩි මල් වාස් එක අතට ගත්තෙ ඔළුවටම ගහනවා කියලා හිතාගෙන..

සද්ද කරන්නේ නැතුව මම හිමීට හිමීට ඒ මනුස්සයා පිටිපස්සෙන් ගිහින් හිටගෙන වාස් එක උස්සලා අල්ලද්දිම ඒ හිටපු මනුස්සයා හැරිලා මගේ අත කරකවලා මාව පැන්ට්‍රියට තද කරේ තප්පර ගානක්වත් යන්න කලින්..
මම බයටම ඇස් පියාගත්තෙ මගේ අවසානය තමයි කියලා හිතලා..

මම ඇස් පියාගෙනම කෑගහන්න හදද්දි ඒ මනුස්සයා එක අතකින් මගේ කට තද කලේ අනිත් අත මගෙ ඉන වටේ යවන ගමන් මාව ඒ ඇඟටම තද කරගනිද්දි...
ඒ අත්වලින් ගැලවෙන්න කොච්චර ට්‍රයි කලත් ඒ හයියට මට ගැ⁣ලවෙන්න බැරි වුනා...

Meanwhile Jungkook pov

ෆ්‍රිජ් එකේ කන්න මොනවද තියෙන්නේ බලන වෙලාවේ මට දැනුනෙ කවුරුහරි එනවා වගේ...
මේ මහ රෑ ගේ පුරා සක්මන් කරන්නේ කවුද කියලා හිතට සැකයක් ආපු නිසා බොරුවට ෆ්‍රිජ් එක ඇතුලටම මූණ ඔබාගෙන හිටියේ එන එකෙක් ළඟට එනකන්..

හිතුවා වගේම ආපු එකා ටිකෙන් ටික මට ළං වෙද්දි මන් දන්න වැඩ ටික දාලා ඒ මිනිහව මගේ ග්‍රහණයට ගත්තා..

හිතපු තරම් වැඩේ අමාරු වුනේ නැත්තෙ ඒ හිටියේ බටු කෙල්ලෙක් නිසා වෙන්න ඇති...

එච්චර වැඩ දාලා අල්ලගෙන තියෙන්නේ යුමීව කියලා දැක්කාම යුමීව අතාරින්න හැදුවත්, යුමී හා පැටියෙක් වගේ ඇස් දෙකත් පොඩි කරගෙන බයේ ගැහෙන විදිය දැක්කාම මට හිතුනෙම තව ටිකක් එයා දිහා බලාගෙන ඉන්න..
හඳ එලිය මූණට වැටිලා නිසා ඒ මූණත් හඳක් වගේ..
අවුරුදු ගානක ඉඳන් යුමීව දන්නවා උනත් යුමීගෙ ලස්සන මම හරියටම දැක්කෙ එදා. යුමී මොන තරම් අහිංසකයිද කියලා මේ දවස් ගානට ඕනව⁣ටත් වඩා තේරුම් ගන්න පුළුවන් වුනත් මම හිතුවටත් වඩා යුමී අහිංසකයිද කියන ප්‍රශ්නෙ මගේ ඔළුවට ආවේ යුමී මට බයේ ගැහෙන විදය දැක්කාම...

🍁 SOUL 🍁 { JJK } Completed Where stories live. Discover now