මේ වෙලාවේ චාන් නංගිව ගෙදර එක්ක නොයා යීබෝත් අරගෙනම ගෙදර යන්න කුවාන්ගේ ගෙදරට ඇවිත් තිබුනා.
"දැන් නම් ගෙදර යන්න ඕනි....අම්මා කන්නෙත් නැතුව බලන් ඉන්නවා ඇති" යීබෝ කිව්වා.
"අනිත් දවසේ එනකොට අම්මාවත් එක්කගෙන එන්න ...තව කන්නකෝ ලමයෝ"
කුවාන්ගේ අම්මා නංගිව ලඟින් වාඩිකරවගෙන තව කෑම බෙදුවා.
ටික වෙලාවකට පසුව යීබෝ සහ නංගි චාන්ගේ කාරයට නැග ගෙදර යන්න පිටත් වුනා.
"මේ මොනවද මේ පාර්සලේ ගොඩක්.ඔයාලා කොහෙද ගියේ" යීබෝ කාරයේ පිටුපස අසුන දෙස බලා ඇහුවා.
"මගේ....මේ ඔක්කොම මට චාන් අයියා තෑගි දීපුවා." නංගි ඇස් උඩදමමින් කිව්වා.
"අනේ ඇත්තමයි ඔයා නම්..." යීබෝ එසේ කියද්දී චාන් සිනාසුනා.
ටිකවෙලාවකට පසුව චාන් යීබෝගේ ගෙදරට හැරෙන පාරට වාහනේ හැරෙව්වා.
"ඇයි මේ මෙච්චර පාරේ සෙනග ?" තම ගෙදරට හැරෙන පාරේ වෙනදාට වඩා සිටි සෙනඟ දැක යීබෝ ඇහුවා.
"අයියේ අපේ ගේ....ඒක ගිනිගන්නවා"
"අම්මා..."
ඔවුන් එතනට යනවිට ගෙදර සහමුලින්ම අළු වෙලා ගිහින් තිබුනා.ඒත් එක්කම ගේ ඇතුලේ හිටපු යීබෝගේ අම්මත් නැවත නොඑන්නම අළු අතරේ සැඟවුනා.
යීබෝ නංගිත් එක්ක එතන දෙවනත් වෙන්න කෑගහලා ඇඬුවා.චාන්ගේ දුරකතන ඇමතුමක් නිසා කුවාන්ගේ පවුලේ අයත් එතනට ආවා.
.
.
.
.
"මොකද්ද කියන්නේ....යීබෝ මැරිලා නැද්ද ? උගේ අම්මා විතරද මැරුනේ?තමුන්ලාගෙන් වැඩක් තියෙද" යුන්මී බලාපොරොත්තු සුන් වීමෙන් වියරු වැටිලයි හිටියේ."මැඩම් අපි කියපු විදිහට කලා...එයාලා ගෙදර ඉඳලා නෑනේ....සොරි මැඩම්"
"කමක් නෑ..ඌට දැන් යන එනමක් නෑනේ..මට ආසයි ඌ පාරේ නිදාගන්න හැටි බලන්න."
.
.
.
යීබෝගේ අම්මට අවසන් ගෞරව දැක්වීමෙන් පසු යීබෝ සහ නංගි අසරණව එතනට වෙලා බලන් හිටියා.මේ හැමදෙයක්ම අවසන් වෙනකම් චාන් වගේම කුවාන්ගේ පවුලෙ අයත් හිටියා.
YOU ARE READING
I Want To See You 💮☘️(Completed)
Fanfictionනටඹුන් වූ ආදරයක් නැවත දෛවය විසින් එකතුකරාවිද .....❤💚💛