"දෙවියනේ මැනික ඔයා???????????"
තඩි මස්ල් පිග්ට නම් වචනත් අමතක උනා.අද දවසට උන දේවල් නම් හැම පැත්තකින්ම ඕනවට වඩා වැඩී.වැනිල සුවද එන්න එන්නම වැඩිඋනා.ජන්කුගී හිමීට එයාගෙ මැනික ලගට යන්න යද්දිම එකපාරටම අකුණක් ගැහුවෙ කරන්ට් එකත් නැති කරල! මහ වැස්සක් එකපාරටම පටන් ගත්තෙ මුළු කාමරේම සීතලෙන් නාවලා.වැහිබින්දු කාමරේට වැටෙද්දියි ජන්කුකී හරි සිහියට ආවෙ.ඇරල තිබ්බ ජනේලෙ ඉක්මනටම වහපු ජන්ග්කුකී පිටිපස්ස හැරුනෙ නොයිවසිල්ලෙන්! එයාගෙ බෙයාර් මෙහෙම ඉද්දි ඉවසන්නෙ කොහොමද! එයා හැරෙනවත් එක්කම ආයෙම අකුණක් ගැහුව!
"මැනික කෝ ඔයා??"
තත්පර ගානට පස්සෙ එයා ගාව හිටපු එයාගෙ බෙයාර් අතුරුදහන්!
………………………………………………………………………………
ඒත් ටිකකින් ජන්කුකීට ආයෙමත් දැනුන ඒ අත් වල උණුහුම.ඒත් උණුසුම් සීතලක්! හරියට ටේහ්‍යොන්ග්ගෙ හදවත වගේම!
ජන්කුකී ඉක්මනටම අනිත් පැත්ත හැරුණ.එයාට කොහොමත් ඉවසීම කියන එක අන්තිමයි නෙ! ඇතීන කියන සුන්දරත්වයට අධිපති දෙවගනත් ටේහ්‍යොන්ග් අතික්‍රමණය කරල තිබ්බ! එන්න එන්නම ඒ වැනිල සුවද දැඩි උනා.ඕන කෙනෙක් දන්නව. ලාවට එන වැනිල සුවද සෙඩක්ටිව් උනාට වැනිල සුවද ගොඩක් වැඩි උනාම නම් ඔළුව කැක්කුමයි! ඉතින් ටේහ්‍යොන්ගෙ සරාගීකම එයාගෙ ළගින් එන වැඩි වැනිල සුවද ජන්කුකීව පිස්සෙක් කරා! ඔව් ඇත්තටම පිස්සෙක්!!
YOU ARE READING
MY UNIVERSE 🚬🍓💜✨TK
Fanfiction"කිම් ටේහ්යොන්! ඔයා කොහොමද පරිපූර්ණ මනුස්සයෙක් වෙන්නෙ! " "ජියෝන් ජන්ග්කුක්! මගේ පරිපූර්ණත්වය හැමතිස්සෙම රදා පැවතුනේ ඔයා මගෙ ළග ඉන්න කාලය කියල ඔයා කොහොමද නොදැන ඉන්නෙ?"