❤️ Chapter 11❤️

360 80 63
                                    

Diya's pro

ගෙදර එනකොට යුවීට හොදටම නින්ද ගිහින් තිබ්බ හින්දා මම යුවීවත් එක්කගෙන මගෙ රූම් එකට ගියා.මන් යුවීව ඇද උඩින් තියලා මගෙ ඒන්ජලෙගෙ එහාපැත්තෙන්ම වැතිරුනේ මගෙ ඒන්ජල් තනියෙන් නිදාගන්න බය හින්දා.මේ පුංචි කෙල්ල නැතුව දැන් මට එක මොහොතක්වත් ඉන්න එපා.කියාගන්න බැරි තරම් ආදරයක් මට යුවී ගැන දැනෙනවා.යුවී නිසා මට යුන්ගිව මතක් වෙනවා.යුවීගෙ හැසිරීම් වෙලාවකට යුන්ගිගෙ වගේමයි .නිදාගත්තම කෙල්ල යුන්ගි වගේමයි.යුන්ගිගෙ හැසිරීම් කොහොමද යුවීට එන්නෙ.මට තේරෙන්නෙ නෑ.
මට ඒ මොනවත් ඕනේ නෑ.යුවී මන් ගාව හිටියොත් ඇති .
ඒ වෙලාවෙ මගෙ ඇස් ගියෙ යුවීගෙ අතේ තිබ්බ මන් දුන්න බේස්ලන්ට් එක ගැන.

ඔයා මට ආදරේ කරේ නැත්තන් ඇයි මට මේ විදිහෙ දේවල් දුන්නෙ යුන්ගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයා මට ආදරේ කරේ නැත්තන් ඇයි මට මේ විදිහෙ දේවල් දුන්නෙ යුන්ගි .ඇයි ?මට අද වගෙ මතකයි ඔයා මට මේ බේස්ලන්ට් එක දුන්න දවස.🥲🥲🥲🥲.

Before 5 years

හරියට මීට අවුරුදු පහකට කලින් මේ දේවල් මේ විදිහට තිබ්බෙ නෑ.දියා කියන්නෙ එතකොට යුනිවර්සිටි එකේ ෆයිනල් year student කෙනෙක් .දියා සාරා වොල් කියන්නෙ එකටම හිටිය අය.එතකොට දියාගෙ හොදම යාලුවා වුනේ වොල්.මේ තුන්දෙනාම අද රෙජිස්ට්‍රාර් කාර්යාලට ආවෙ පොඩි වැඩකට.පොඩි කිව්වට ඒක පොඩිමත් නෑ.කෙල්ලො තුන්දෙනා බලන් හිටියෙ කට්ටියක් එනකන්.කෙල්ලො තුන්දෙනාම ලස්සන ෆ්‍රොක් තුනක් ඇදන් හිටියෙ .

"කෝ අනේ මේ  මනුස්සයො ටික.ෆාදර් ඇවිල්ලත් ඉවරයි."

සාරා එහෙම කිව්වෙ තමන්ගෙ අතේ තිබ්බ වොච් එකෙන් වෙලාව බලන ගමන්.

"අර එන්නෙ."

වොල් එහෙම කියලා අත දික් කරද්දි.කෙල්ලො සෙට් එක දැක්කෙ කොල්ලො තුන්දෙනෙක් තව කොල්ලෙක්ව උස්සන් එනවා.උස්සන් එන කොල්ලව කොල්ලො සෙට් එක බිමින් තිබ්බෙ කෙල්ල තුන්දෙනා ලගට ආවට පස්සෙ.ඒත් එක්කම වගේ රෙජිස්ට්‍රාර් ඇවිත් පුටුවෙන් ඉදගත්තා .

You'll also like

          

"මෙයාද මනමාලයා ? "

රෙජිස්ට්‍රාර් එහෙම කියලා තමන්ගෙ අත දික් කරේ අර උස්සන් ආව කොල්ල දිහාට.ඒ කොල්ල මොනවත් කියන්න කලින් පිටිපස්සෙන් හිටිය කොල්ලගෙ යාලුවෙක් පැනලා උත්තර දුන්නා.

"ඔව් .මේ ඉන්නෙ මනමාලයා.අපි තමා අත්සන් කරන්නෙ සාක්කිකාරයො විදිහට .ෆාදර් හෝසොක් වෙනුවෙන් අත්සන් කරනවා.එතකොට මම තමා මනමාලිගෙ අයිය විදිහට අත්සන් කරන්න.දැන් පටන් ගන්න මැරේජ් එක.දියා ඔයා ගිහින් මින්හාව එක්කන් එන්නකෝ."

"හරි යුන්ගි "

ඒ හිටියෙ යුන්ගි .දියාගෙ එකම වගේම පලවෙනි ආදරේ .යුන්ගි දියාට යාලුවෙක් වගේ සැලකුවත් දියාගෙ හිතේ යුන්ගි ගැන තිබ්බෙ ආදරයක්.ඒක දැනන් හිටියෙ දියා විතරයි .යුන්ගි එහෙම කිව්වට පස්සෙ දියා සාරා එක්ක ගිහින් යුන්ගිගෙ නංගිව එක්කන් ආවා.හෝසොක් ඒ කිව්වෙ මනාලයනම් පැනලා යන්න වගේ හිටියෙ .ඒක දැක්ක ගමන් රෙජිස්ට්‍රාර් දෙයක් ඇහුවා.

"මනමාලයා මැරේජ් එකට කැමති නැද්ද ? මූනේන් පේන්නෙ එහෙම තමා."

රෙජිස්ට්‍රාර් එහෙම ඇහුවට පස්සෙ හෝසොක් උත්තර දෙන්න හැදුවත් යුන්ගි එක්ක හිටියෙ නම්ජුන් රෙජිස්ට්‍රාර් ලගට ගිහින් රෙජිස්ට්‍රාර්ට රහස් කිව්වා.

"මෙයා මේ කන්ෆියුස් වෙලා ඉන්නෙ.කන්ෆියුස් වුනාම මෙයාගෙ වයර් ශෝට් .කියන දේවල් ගණන් ගන්න එපා.මැරේජ් එකට එකපයින් කොල්ල කැමතියි .
තව ප්‍රශ්නයක් තියෙනවනේ අන්කල් "

"අන්කල්."

නම්ජුන් රෙජිස්ට්‍රාර්ගෙ කරටත් අත දාන් එහෙම කියද්දි රෙජිස්ට්‍රාර් කන්න වගේ නම්ජුන් දිහා බැලුවා.

"මටත් ඉන්නවා ඔයා වගේම අන්කල් කෙනෙක් අනේ.ඒකයි එහෙම කිව්වෙ.ප්‍රශ්නෙ මොකක්ද කියනවනම් මේ මැරේජ් එක අපි ගාණෙ වියදම් කරලනේ කරන්නෙ.ඉතින් හෝසොක් කැමති නෑ අපි එයා වෙනුවෙන් වියදම් කරනවට ඒකයි ඔය."

"ආ එහෙමත් එකක්ද ? මේ වගේ යාලුවො ලබන්න පින් කරන්න ඕනේ.කෝ අපි දැන් මැරේජ් එක කරමු."

රෙජිස්ට්‍රාර් එහෙම කිව්වට පස්සෙ හෝසොක් ආයෙ මොනවත් කියන්න ගියත් යුන්ගි කරේ හෝසොක්ට කතා කරන් බැරි වෙන්න හෝසොක්ගෙ කම්මුල් වලින් තමන්ගෙ අත් දෙක තියලා අත කරපු එක

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Where stories live. Discover now