"පරිස්සමෙන් මිමී... හියොන්ග් හැමදාම කෝල් කරන්නම් " ජින් කිව්වේ එක බෑග් එක කරට දාගෙන තවමත් නිදි ඉන්සුව පපුවට තුරුළු කරගත්ත ජිමින් දිහා බලලා. ජිමින් ඉක්මනින් ඔලුව දෙපැත්ත ගැස්සුවා උනත් එයා දන්නවා ජින් හියොන්ගෙන් ආත්මෙට දුරකථන ඇමතුමක් නොඑන වග. අනික එයාට කේලම් ඔක්කොම අහගන්න ජන්ග්කුක් ඉන්නවනේ.
ජිමින් තට්ටු නිවාස සංකීර්ණය ඇතුලට එනකොටම වගේ හැමදාම ජිමින්ට පුංචි විහිළුවක් කරලා පිළිගන්න security මිනාශිශි කට අරින්න හදනකොටම ජිමින් තමන්ගෙ අතේ ඉන්න ඉන්සුව පෙන්නුවා. මිනාශි සද්දේ වහලා රහසින් වගේ ජිමින්ගෙන් ඇහුවේ එක දෙයයි.
" මේ පාර කොච්චර දවස් ඉන්නවද "
" සතියක් වගේ " ජිමින් ඒ තාලෙටම උත්තර දුන්නා. මිනාශි අමුතු හිනාවක් දාලා ජිමින්ට ෆිට් එකක් දික් කරා. ජිමින් දන්නවා ඔය හිනාව පස්සෙ සැගවුනු රහස. මිනාශි කියන්නෙ හොද බාබෙද්දෙක් ( බේබද්දෙක් ) . මනුස්සයාගේ හිතේ ඇති මේ පාරත් ජිමින් එක්ක සෝජු පාටියක් දාන්න. එකපාරක් ඔව්වා කරන්න ගිහින් වෙච්ච කලබගැනි මදිවට. ඒ ගැන මම පස්සෙ කියන්නම්.
ජිමින් ජන්ග්කුක්ගේ අපාට්මන්ට් එකේ රහස්‍ය අංකය ඇතුලත් කරලා පලවෙනියටම හම්බෙන අමුත්තන්ගේ කාමරෙන් ඉන්සුව නිදි කරා. ඊළගට එයා හිමිට ඇවිදගෙන ගියේ විසිත්ත කාමරය පැත්තට. රාත්‍රිය උදාවෙන්න පැය කිහිපයක්ම තිබුණා උනත් පරිසරය ගත්ත අදුරු පැහැය නිසා ලා විදුලි බුබුළු ආලෝකයත් එක්ක ස්විටරයක් ඔලුව ඉදන් වහගෙන විශාල වීදුරු කවුළුවෙන් පිටත බලන් ඉන්න ජන්ග්කුක්ව දැක්කම ජිමින්ට අමුත්තක් දැනුනා උනත් එයා තමන්ගේ හිතට ආපු පලවෙනි දේ ක්‍රියාත්මක කරන්න පසුබට උනේ නැ.
YOU ARE READING
Mყ Bҽʅσʋҽԃ Sƚαɾɾყ Nιɠԋƚ ( VɱIɳ ) ONHOLD
Fanfiction" මම තරු දිහා බලනකොට මම අපිව දැක්කා . ඔයා තරුවක්. මම තමයි ඒ අදුරු අහස " ඔයා කිව්වා... " අදුරු අහසක් නැතිව ඔයාට තරු බලන්න බෑ ටේයොන්ග් " " හහ්..... මම දැනන් හිටියා මම ප්රයෝජනවත් කෙනෙක් කියලා " " ඔයාව මට හැම මොහොතකම ඕනේ ටේයොන්ග් " මම කිව්වා.... අපි...