ශීත කාලයේ ආරම්භයත් එක්කම මුලු නගරයම හිමෙන් වැසී ගිහින්...
හැමතැනම එහෙ මෙහෙ දුවමින් සෙල්ලම් කරන කුඩා ලමයින්ගේ පුංචි පුංචි කටහඩවල් නිසා තට්ටු තුනක විශාල නිවසේ වීදුරු ජනේලයක් ලග හිටගෙන ඉන්න සුන්දර තරුණයාගේ තොල් අතර ලස්සන සිනහවක් ඇදුනේ ඉබේටමයි..."ටේහ්‍යුන් සර්..දැන් ඇවිත් නිදාගන්න...ගොඩක් සීතලයි නේද??..ඔයා අසනීප වෙයි.."
සුපුරුදු ගැඹුරු කටහඩට ටේහියුන් ලස්සනට හිනාවෙලා අවධානය දුන්නා.."අදත් ඔයා ගෙදර ගියේ නැද්ද??.."
"නැහැ...ඔයාව බලාගන්න එක මගේ රස්සාව.."
"එයා අදත් තාම ආවේ නැද්ද??...මට පහලට යන්න ඕන.."
ටේහියුන්ගේ මුහුනේ හැගීම් වෙනස්වෙන දිහා ඔහු හිස් හැගීමකින් බලාගෙන හිටියා.."එයා අනිවාරෙන්ම එයි..ඒ නිසා සර් දැන් ඇදට ගිහින් නිදාගන්න..සීතල නිසා රෑ වෙනකන් ඇහැරගෙන හිටියොත් ඔයා අසනීප වෙයි.."
"ඔයා ඇයි මම ගැන මේ තරම් වදවෙන්නෙ??.."
ටේහියුන්ගේ වචන වලට හැමදාමත් ඔහු නිහඩවම හිටියා..හැමදාම වගේ පහලම තට්ටුවට යනවත් එක්කම පඩිපෙළ දිගේ ටික දුරක් යද්දි ටේහියුන්ට ඇසෙන සුපුරුදු අමුතු හඩවල් අදත් ඇහුනා..ටේහියුන් මොනතරම් මේ ගැන ඔහුගෙන් ඇහුවත් හැමදාමත් ඔහුට ලැබුනේ එකම පිලිතුරක්..
ඔහු නිහඩවම නැවතත් පඩිපෙළ දිගේ හෙමින් හෙමින් උඩට ගියේ එකම ප්‍රශ්නයකට මාස ගනනක් පිලිතුරු හොයමින්..
YOU ARE READING
Winter || TK [ Completed ✔]
FanfictionYou're the destination of my life🥀❄️ Short story...