දොළොස්වන දිගහැරුම : අපූරු සටන

89 22 15
                                    

යනුවෙන් සිනාවුනේ තවමත් මග දිගට එක දිගට කියවමින් රණ්ඩු කරගනිමින් යන අයියා නගෝ දැකලා....
.
.
.
.
.
.
.
~ පසුදා ~

අද මේඝවර්ණ මාලිගයට තවත් විශේෂ දවසක්. තවත් අමුත්තෙක් අද මාලිගයට පැමිණෙනවා. සියලු දෙනාම සූදානම් වූයේ එයට.

" අයියන්ඩි..."

" කියන්න සංඝා... "

" කව්රුන්ද අද පැමිණෙනවා කිව්වේ. තවත් රජ කෙනෙක්ද ? "

" එසේ නොවේ... රාජ කුමාරයෙක්. ඔබගේ සිත සසල කරන්න පුළුවන් ප්‍රේම රාජයෙක්... "

කියමින් ගජබාහු සිනාසෙන්නට වූවා.

" කුමක්.... මාව සරදමකට ගත්තද? "

ගජබාහු හට තම දෑත් ගුලි කරමින් පහර දෙන අතරදී සංඝා විමසුවා ය.

" සිටින්නකෝ.... මා ඔබේ පුත්‍රයාව ඔබට විරුද්ධව පොළඹවනවා."

" කුමක්.... හහ් හා. ඔහු මගේ පුත්‍රයා මිසක් ඔබේ නොවේ. කවදා හෝ ඔබේ පුත්‍රයාව මට විරුද්ධව පොළඹවන්න. හොඳද "

" තවමත් සිනා සෙනවා නේ.. කුමක් වුවත් මෙය දැනගන්න අයියන්ඩි. මාගේ සිත සසල කිරීමට මොන රාජ කුමාරයෙකුටවත් බැහැ..... වැටහුනාද?"

" හ්ම්.... හ්ම්... වැටහුනා. මා හට හොදින් වැටහුනා. "

" කුමක්ද දැන් වැටහුනේ "

" ඔබගේ සිත කාටවත්ම සසල කිරීමට නොහැකියි..... කිමද කීර්ති දැනටමත් ඔබේ හදවත සසල කර හමාර නිසා.. "

" හ්ම්.... ඔය හොදින් වැට- කුමක් !!!!! "

සංඝාට එය තේරුම් ගැනීමට මද වේලාවක් ගත වූවා. ගජබාහු තනියම සිනාසුනේ ඔහුට තවත් ඉවසා සිටීමට නොහැකි නිසා. එය බලා සිටි සංඝාට කේන්ති ගිය නිසා ඇය ගජබාහු පිටුපස දුවන්නට වූවා...

" ඔහොම සිටින්න ගජබාහු !!!! "

" කුමක්ද? .... ගජබාහු. මම ඔබේ අයියන්ඩි. නපුරී...... "

" නවතින්න අයියන්ඩි. මම පැවසුවා."

දෙදෙනා දිව යන දර්ශනය අතරමග සිටි සියළු දෙනාටම ඉතාමත් සුන්දර දර්ශනයක් වූවා. ඒ අතර මග සිටි ලීලා ගේ අලුතින්ම නෙලා ගත් අඹ ගෙඩියද සොරකම් කරගෙන දිව ගිය ගජබාහු පිටුපස සංඝා තවමත් ලුහුබදින්නේ, ව්‍යග්‍රයෙකු තම ගොදුර ලුහුබඳින්නාක් මෙනි.

දේශයේ දියණිය [ Completed ]Where stories live. Discover now