හංසි ඊට සිනාවක් පෑවා ය."හ්ම්ම්.. ඔව් මට අය්යා මෙතන මොන කලත් වැඩක් නැ තමා.. සුමුදු ඕක දෙන්න.."කී ඇය නිවස තුලට පා තැබුවා ය.
"පු - පුංචි මහත්තය.. ඇයි ඇයි.. එහෙම කතා කලේ..?" සුමුදු ඇහුවේ ඔවුන් ඇවිදගෙන යද්දී..
"මට කැමති විදිහට මන් කතා කරන්නේ..!"පුංචි මහත්තය කෙටි පිළිතුරක් දී ඉදිරිය බලා ගත් නිසා සුමුදුගෙ කතා බහ එතනින් නැවතුණි.
මද දුරක් ඇවිදන් ගිය ඔවුන් නිවසක් ඉදිරිපිට නැවතුනේ ය.
"ස්කොලේ මහත්තය,, " සුමුදු දොරට තට්ටු කරමින් කතා කලේ ය.
මද වෙලාවකින් නිවසේ දොර විවෘත උනේ කඩවසම් තරුණයෙක් සමග.. කන්නාඩි පැළද සිටි ඔහුගේ මුනේ තිබුනේ බුද්දිමත් බවකි.."සුමුදු, මොකෝ?"ඔහු කතා කලේ ය.
"මන් මේ..හංසි මේ මල්ල දුන්නා. මේකේ එයාගේ වැඩ වගයක් තියෙනවලු.. බලන්න කියලා.. "
" ආ.. කො දෙන්න.. හ්ම්... හරි මන් බලලා දෙන්නම්.. කව්ද සුමුදු මේ.." ස්කොලේ මහත්තය ඇහුවේ පුංචි මහත්තය දෙස බලමින්..
"මේ.. අහිංසා නැන්දගේ පුතා."
"ආ.. කොහොමද? ඔයා මගේ වයසට වගේ නේද? නම මොකද්ද" ස්කොලේ මහත්තය ඇහුව.
"නන් ඔෆ් යුවර් බිස්නස්!!" තම අත් දෙක පපුවට බැද ගෙන ඔහු පිළිතුරු දුන්නේ ය.
සුමුදු ඔහු දෙස බැලුවේ ඉංග්‍රීසි නොදන්නා නිසා.
"ඔහ්.. එකට කමක් නැ. එනිවේ නයිස් ටු මිට් යු ."ස්කොලේ මහත්තයත් ඉංග්‍රීසි යෙන් පිළිතුරු දෙද්දී සුමුදු ඔහු දෙසද බැලුවේ ය.
"බට් අයි ෆීල් බැඩ් ආෆ්ටර් මිටින්ග් යු !"පුංචි මහත්තය කිවේ ය. ඔහු අනෙකාට රව්වේ ය.
"වයි ?"
"යු ඩෝන්ට් වොන්න නෝව් .. "
පුංචි මහත්තය කොපමණ නපුරු විදිහට ස්කොලේ මහත්තයට කතා කලත් ඔහු සන්සුන්ව පිළිතුරු දුන්නේ ය..පුංචි මහත්තයාගේ නපුරු මුනට වැඩිය සුමුදු ස්කොලේ මහත්තයාගේ සන්සුන් මුනට කැමති උනි..ස්කොලේ මහත්තයාගේ කඩවසම් මුහුණ දෙස බලා සිටියේ ය. ඔහුහේ කන්නාඩිය තුලින් තමන්ගේ බොදවූ ප්‍රතිභිම්භය දෙස සුමුදු බලා සිටියේ ය. තවදුරටත් සුමුදු ඔහු දෙස සන්සුන් මද හිනාවකින් බලා සිටියේ ය.. ඇරත් ඔහුට ඔවුන්ගේ සංවාදයට සම්බන්ද වීමට නොහැක..
YOU ARE READING
⭐️මගේ පුංචි තරුව ⭐️ (Completed)✔️
Romance"පුංචි මහත්තයා,මේ අහස තරු විතරක් තියෙද්දී හරි ලස්සනය්.. මටත් ඕන උනා ඒ අහසේ පුංචි තරුවක් වෙන්න." " එතකොට මන්? " " එත් පුංචි මහත්තය දන්නවද? ඒ තරු කැමති හදත් ඉන්නවට.. හරියට මන් වගේ.. මන් පුංචි තරුවක්! පුංචි මහත්තය හද!"