සුමුදුට පසු ගිය දින කිහිපයේම හරිහැටි නින්දක් නොවිය. නින්ද ගිය විට ඔහුට සිහින පෙනීම නිසා බය වි අවදි වෙන්නේ ය. නොදන්නා කෙනෙක්ගේ හඩ හා තමන්ගේම හඩ ඔහුගේ හිස තුල දෝංකාර දෙමින් හිසේ රුදාව හදන්නෙ ය. රෑ නින්දක් නැති නිසා සුමුදු හැමවිටම කුකුල් නින්දට වැටුනේ ය.
" සුමුදු " යමෙක් කතා කල හඩ නිසා සුමුදු ගැස්සි ඇහැරුනේ ය.
" ඕඕ... " මුණ පිහදමමින් ඔහු ඇහුවේ ය.
" ඇයි නිදි? "
" අ..,අය්යේ, නැ අනේ ඔලුව ඩිංගක් රිදෙන හින්ද නින්ද යන්නේ නැ රෑට.." ඔහු බොරුවක් නොවන බොරුවක් කිවේ ය.
" සමාවෙන්න "
" ම්..? "
" සමාවෙන්න ඔයාව එදා ඇල්ලුවට..!"
" ආ.. එක මොකද්ද.. ඔයා ඕන තරම් අය මාව අල්ලන්නේ, " සුමුදු හිනා වෙමින් කිවේ ය.
" මන් මෙතනින් වාඩි වෙන්නද? "
" හා.. " සුමුදු එකග වෙමින් බැංකුවේ අයිනට උනේ ය.
" මෙන්න.. මේ බෙහෙත් ඔලුවේ කැක්කුමට හොදය්.. ඔලුව රිදෙනකොට බොන්න. සනීප වෙනවා.." තම සාක්කුවෙන් පොඩි කුප්පියක් ගෙන තරුණයා සුමුදුට දුන්නේ ය. " එත් හරි ගියේ නැත්තං අපේ අය්යට කියන්න.. එයා දොස්තර කෙනෙක් "
සුමුදු කිසිවක් කිවේ නැත. තමන් සමග ආදරණියව කතා කරන මේ තරුණයා ගැන සුමුදුට කුතුහලයක් දැනුනි.
" මන් අහල තියෙනවා, නගරේ අය ඉංගිරිසියෙන්ලු කතා කරන්නේ, එත්.. අය්යා එහෙම නැනේ..? " සුමුදු ඇහුවේ ය.එයට අනෙකා මදක් සිනා විය.
" ඔයා ඉංග්‍රීසි දන්නේ නැනේ, ඒකය් මන් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැත්තේ.. " ඔහු පිළිතුරු දුන්නේ ය.
" ආ..? "
" අ.. තව දෙයක්.., කෙනෙක්.. මගෙන්.. බූන්දි ඉල්ලුව, එත්.. මන් යන්න කලින් එයාට මේක දෙන්න විදිහක් නැ.. ඉතින් එයා වෙනුවට ඔයා ගන්න.." කි ඔහු තම අත තිබුන මල්ල සුමුදුට දික් කලේ ය. රතු පාටින් දිලිසෙන බූන්දි මල්ල දැක සුමුදුගෙ ඇස් දිලිසුනේ ය.
" අප්පච්චි.. බුන්-දී ගේන්-නම් කිව්වට තාම.. ආවේ න්... පු-න් චි.. මහත්තයා.. මට බූන්දි අ-අරන් දෙනව.."
" මන් ඔයාට බූන්දි ගොඩක් අරන් දෙන්නම් සුමුදු.. ඊට කලින් අපි බෙහෙත් දාමු.. "
සුමුදුට ඇහි නැහී ගියේ ය. දුකක් දැනෙද්දී ඔහු තරුණයා දෙස බැලුවේ ය . අනෙකාගේ මුහුණේ හිනාවක් තිබුනත් දෑස් වලින් පිරි තිබුනේ බිමට වැටීමට අරගල කරමින්..
" ස්තුතිය්.. " සුමුදු හිනා වෙමින් කිවේ ය.
" සුමුදු,.. මන්.. අද.. යනවා.. "
" කොහෙද? නගරෙට? "
" ම්ම්.. මන් නැතුව වැඩ ගොඩ ගැහිලා.."
" අය්යෝ.. මන් හිතුව තව ටික දවසක් ඉදියි කියලා, " සුමුදු කට උල් කර ගන්න විය.
හිනා වූ තරුණයා සුමුදුගෙ හිස අත ගෑවේ ය." තරහද යන එකට..? "" අ..? අහ්.. නැතුවා, නැතුවා... හ්ම්... " සුමුදු හිනා විය. නමුත් ඔහුට සියුම් දුකක් දැනුනි.
" ම්ම්... මන් යනවා බඩු ලෑස්ති කර... ගන්න.." නැගි සිටිමින් තරුණයා කිවේ ය.
"උදව්වක් ඕනද?" සුමුදු ඇහුවේ ය." අ.....? ආ... ම්... න්-නැ.. එපා.." හිනා වූ තරුණයා වේගයෙන් පිටව ගියේ ය.
ඔහු යන දිහා බලන් සුමුදු සුසුමක් හෙලුවේ ය. බූන්දි මල්ල දෙස බලා මුනට හිනාවක් නගා ගත් හේ නිවස කරා පිටව ගියේ සැහැල්ලු අඩියෙනි..
ගෙදරට යන්න හිතුවත් මගදී සුමුදු නැවතුනේ ය. පුරුදු ඇති තැනක මෙන් නැවතුන සුමුදු ඒ දෙස බලා ඉන්න මදක් ඇතුලට ඇවිද ගෙන ගියේ ය. රූස්ස ගස් පිරුන කැලෑව වැනි පෙදස නිසා එය මදක් කටුක උවත් ඔහු ඉදිරියට ඇදුනි.
නමුත් තවත් ඇතුලට යාමේදී ඔහුගේ දෑස පුළුල් වී ගියේ විස්මයෙනි. ගල් තලාවක් හා දොළක් ඒ මහා රූස්ස ගස් වලට වට වී තිබුනේ මනරම් දර්ශනයක් වෙමින්. මොහොතක්වත් පමා නොවී ඔහුගේ සිත ඊට ඇදී ගියේ ය.
" මෙච්චර ලස්සන තැනක්..? මේක.. මේ.. " ඔහු තමා වටා කැරකෙමින් අවට සුන්දර වින්දේ ය." බුදු අම්මෝ නයෙක්..!" සුමුදු කෑගැහුවේ ය. පපුව අල්ල ගත් ඔහු,උ දෙස මද වෙලාවක් බලාගෙන හිටියේ ය." අනේ, ඔයාව තුවාල වෙලා.., " කි ඔහු හිමිට සර්පයා ලගින් දනගහගත්තේ ය. විගසින් නැගිට්ට ඔහු වට පිට බලා බෙහෙත් පැලෑටියක් හොයාගෙන කටේ දමන් හැපුවේ ය. තලපය කටින් ඉවතට ගෙන සර්පයාගේ තුවාලය මත තබා පිබින්න විය. " ම්ම්.. ඉක්මනට හොද වේය් පැටියෝ.. "