05.Sweet & lovely bogum

1.2K 272 28
                                    

සෙක්‍රට්රි එක්කම ලිෆ්ට් එකෙත් ගිහින් ටේ ආවේ ජන්ග්කුක්ගෙ ඔෆිස් රූම් එක ළඟට.

සෙක්‍රට්රි ටේට රූම් එකේ දොර ඇරලා දුන්නට පස්සේ ටේ හිමින් හිමින් ඇතුළට ගියේ මේකට මෙච්චර උස දොරක් හදලා තියෙන්නේ රූම් එක ඇතුළට ජිරාෆ්ලත් එනවද කියලා හිත හිතමයි.

"හායි ටේ... ඇයි බය වෙලා වගෙ.. ඉඳගන්න.."

දොර දිහා බලාගෙන ඉස්සරහට එන ටේ ජන්ග්කුක් දිහා බැලුවේ සෝෆා එකේ ඉඳන් හිටිය ජන්ග්කුක්ගෙ කටහඬටමයි.

"අපිට බොන්න මොනව හරි ගේන්න.."

ටේ ජන්ග්කුක්ගෙ පැත්තකින් තිබුණු සෝෆා එකේ ඉඳගත්දී ජන්ග්කුක් දොර ළඟ හිටපු සෙක්‍රට්රිට එහෙම කිව්වම ටේත් ආයෙමත් සෙක්‍රට්රි දිහා බැලුවා.

"ඉතින් ටේ ඔයා දන්නවද... මං මුලින්ම ඔයාගේ ෆයිල් එක බලද්දි මට හිතුණ දේ.. ඇයි මේ වගේ ඩිසයින්ස් මට මීට කලින් හම්බවුණේ නැත්තේ කියලා.. එතනින් මගේ හිත වැඩිපුරම ඇදිලා ගියපු ඩිසයින් එක ගැන තමා ඉස්සල්ලා මිස් මින්ග් ඔයාට කිව්වේ "

"මට ගොඩක් සතුටු හිතුණා අලුතින් ආපු අය මෙච්චර දක්ෂයි කියලා දැනගත්තම. දන්නවද.. මුළු ෆයිල් එකම බැලුවට පස්සේ තමා මං දැක්කේ ඒක ඔයාගේ කියලා..."

ජන්ග්කුක් සතුටින් කියවගෙන කියවගෙන යන කොට ටේගෙ මූණෙත් දන්නෙම නැතුව හිනාවක් මැවුණේ ජන්ග්කුක් එයාව අගය කරද්දි එයාටත් කියා ගන්න බැරි සතුටක් දැනුණ හින්දයි.

"ඔයා ගොඩක් දක්ෂයි ටේ.. මෙහෙම ගියොත් ඔයාට ඉක්මනටම ප්‍රමෝෂන් එකක් ලැබෙන්නත් පුළුවන්."

ජන්ග්කුක් ආයෙමත් පාරක් කියද්දි ටේට සතුටු කදුළුත් පනින්න ආවා.

ටේ ජොබ් එකට ගිහිල්ලත් දවස් දෙකයි. එයාට ලැබුණේ ලොකුම තනතුරක් නොවුණත් ටේ හිටියේ පුදුමාකාර සතුටකින්. දැන් ටේට ඊටත් වඩා හොඳ තනතුරක් හම්බවෙන්නත් පුළුවන් කිව්වම ටේ කොහොමද සතුට දරාගන්නේ.

අනික ජන්ග්කුක්ගෙන්ම. මුළු ලෝකෙම ප්‍රසිද්ධ ජොන්ස් ෆැෂන් එකේ බොස් ටේගේ නිර්මාණ අගය කරා කිව්වම ටේට හිතාගන්නත් බැරි වුණා.

You'll also like

          

ඒ වගේම ටේට සතුටු වෙන්න තවත් කාරණයක් තිබුණා.

ඒ තමා ජන්ග්කුක් කොච්චර හොඳද කියන එක.

එයා මේ රටේ කොච්චර ලොකු,වැදගත් කෙනෙක් වුණත් ටේගේ නිර්මාණ අගය කරන්න තරම් නිහතමානී වුණා. අලුත් ඩිසයිනර්ස්ලව ධෛර්යමත් කරන්න තරම් හොඳ කෙනෙක් වුණා.

ඒ නිසා ටේගේ සතුට දෙගුණ තෙගුණ මිලියන ගුණයකින් වැඩි වුණා.

"තැන්ක්යූ ජන්ග්- නෑ තැන්ක්යූ බොස්..."

ටේ ඉක්මනට සෝෆාවෙන් නැඟිටලා ජන්ග්කුක්ට ඔළුව නවලා එයාගේ ඇහින් වැටුණ සතුටු කඳුලක් පිහදගත්තා.

එතකොට ජන්ග්කුක් ටේට හිනා වුණාම ටේත් ජන්ග්කුක්ට හිනා වෙලා ආපහු සෝෆාවෙන් ඉඳගත්තා.

ටේටයි ජන්ග්කුක්ටයි බොන්න ගේන්න ගියපු මිස් මිනුත් ඔරෙන්ජ් ජූස් දෙකකුත් එක්ක ට්‍රේ එකක් උස්සන් මේ දෙන්න අතරට ආවේ ඒ වෙලාවෙමයි.

ඊට පස්සේ එයාලා ටේගේ ඩිසයින් එක එළි දක්වන විදිහ ගැන කතා කරගත්තේ ටේට මුළු සතියෙම කරන්න ලොකු වැඩ තොගයකුත් භාර දීලයි.

ජන්ග්කුක් කිව්වා ටේ මේ සතියෙම මහන්සි වෙලා වැඩ කලොත්, එයාගේ ඩිසයින් එක ජනප්‍රිය වුණොත් අනිවාර්යයෙන්ම ටේට ප්‍රමෝෂන් ලැබෙනවා කියලා.

"ගුඩ් ලක් ටේහ්‍යුන්"

ටේ ජන්ග්කුක්ගෙ රූම් එකෙන් එළියට එන කොටම තමන්ගෙ ටේබල් එකට ගියපු ජන්ග්කුක් අන්තිම කිව්වේ එහෙමයි.

"ගුඩ් ලක් ටේහ්‍යුන්"

මිස් මිනුත් ටේගේ උරහිස උඩ අත තියලා එහෙම කිව්වම ටේ ජන්ග්කුක්ටයි මිස් මින්ටයි දෙන්නටම හිනාවෙලා රූම් එකෙන් එළියට ආවා.

ටේ හිතා ගත්තා මේ සතිය ඇතුලත තමන්ට පුළුවන් උපරිම විදියට වැඩ කරනවා කියලා.

ටේ තමන්ව හිතෙන් ධෛර්යමත් කර ගන්න ගමන් එයාලගේ බ්‍රාන්ච් එකට ආවාම ඒ හැමෝමත් ටේට අත්පුඩි ගහලා ටේට සුභ පැතුවා.

"කන්ග්‍රැජුලේෂන් ටේ.."

ටේ තමන්ගෙ පුටුවෙන් ඉඳගන්න කොට එයාට එහා පැත්තේ පුටුවේ ඉඳන් හිටපු බෝගම් කිව්වෙත් හිනා වෙලා.

First Kiss ॥ Taekook & Yoonmin ✓Where stories live. Discover now