" ම්ම්ම්..........කවුද මේ....."
මිමී ...... මොකද මේ වෙලාවේ 🙁
📱
Mimi : සිටි ක්ලබ් එක ලග කඩේට ~~~
උබ හොද සිහියෙන්ද ඉන්නෙ ...මේ මහ රෑ වෙලාව :Me
🙁 බලපන් කීයද කියලා
SeenMimi : කියන එක අහලා වරෙන්කො බම්ලො ~~~
හ්ම්ම් ඉදාම් ...... : Me
Seen📱
මන් මිමීට හිතින් බැන බැනම රැක් එකෙ තිබ්බ කලු හූඩියයි , මේ වෙලාවට වැඩිය මිනිස්සුත් නැති හින්දා ස්වීට් පෑන්ට එක පිටින්ම එලියට ආව. පයින් ටික දුරක් යන්න ඕනි හින්දා හෑන්ඩ් ෆ්‍රී එකත් කනේ ගහන් IU ගෙ සින්දුවකුත් ප්ලේ කරගත්තා. විනාඩි පහලවකින් විතර හන් ගග ගාව තිබ්බ සිටි ක්ලබ් එක ගාව තියෙන චූටි සෝජු කඩේ ඇතුලට ගියේ ටිකක් බයෙන්. මේක බීලද දන්නෙත් නෑනෙ. හෑන්ඩ් ෆ්‍රී දෙකත් හූඩියෙ සාක්කුවට දාන් මන් හෙමින් සැරේ මිමී හිටිය ටේබල් එක ගාවට ලන් වුනා. සෝජු බීල කියල කියන්න පුලුවන් විදියට සෝජු බෝතල් දෙකකුත් තිබ්බා.
" මිමී .... මිමී ~ "
මිමී හිටියෙ ටේබල් එකට ඔලුව ගහන්. මන් උරහිසින් අල්ලලා කතා කරල හෙමින් ඉස්සුවා.
" මේකගෙ බර .... මිමියෝ නැගිටපන් ..... ඒයි ..... "
" ඔය ලමයා දැන් පැය බාගෙක විතර ඉදන් ඔතන ඉන්නෙ .... "
කඩේ හිටිය වයසක අජුස්සී ඒම කිව්ව.
" මන් කඩේ වහන්නෙ නැති හින්දා හොදා රෑට ..... "
සිටි ක්ලබ් එක ඉස්සරහ තියෙන සෝජු කඩේ තියෙන්නෙ ලෝව් බජට් එකට සෝජු බොන්න. සල්ලිකාරයෝ ක්ලබ් එකට යද්දි සාමාන්‍ය මිනිස්සු මෙතනට ඇවිත් සෝජු බීල යනවා.අපි දෙන්නත් ගොඩ කාලෙක ඉදන් මෙතනට ඇවිත් සෝජු වීදුරුවක් බීල යන්න පුරුදු වෙලා හිටියෙ.
මන් මිමීවත් වත්තම් කරන් කඩෙන් එලියට ඇවිත් හන් ගග ගාව බෙන්ච් එකකින් වාඩි උනා. ඊටපස්සෙ පාර පැනලා කඩේකට දුවල ගිහින් මිමියගෙ බෑග් එකෙන් ගත්තු සල්ලිවලින් වතුර බෝතලක් අරන් ඇවිත් මිමියට බොන්න දුන්නා.
YOU ARE READING
My Alien Queen
Fantasy"ප්ලීස් අපිත් එක්ක එන්න.අපේ එකම බලාපොරොත්තුව ඔයා විතරයි " "ඔයා මාව දාල යනවද ?" " මන් ප්‍රොමිස් වෙනවා. මන් ඔයාව බලන්න එනවා.මන් එනකන් ඉන්න ප්ලීස්." " ශ්...ශ්... අඩන්න එපා. මන් ඔයා එනකන් බලන් ඉන්නවා.ඉක්මනට එන්න.මට ඔයාව ගොඩක් මතක් වෙයි." "අන්න එයාල එන...