Chapter 11

518 155 54
                                    

සතියක් ගෙවිලා යනකන් ජන්කුක් හොස්පිටල් එකේ ඉදන් ජීමින්ගේ වැඩ සේරම බලාගත්තා. ඔය අතරෙ ගෙදරින් පැනගත්තු ටියා දවසක් දෙකක්ම වගේ ආවත් එදාට ජන්කුක් ජීමින් ලගින් හෙලවුණේ වත් නෑ. ටියාට කරන එක එක වෙනස්කම් ජීමින් දැක දැක නොදැක්කා වගේ හිනා වුණ එකයි කරේ. ජන්කුක්ගේ ඉරිසියාව ජීමින්‍ට විනෝදයක් වුණා. ඒ නිසා කොල්ලා කලේම ඒක තවත් ඇවිළුව එක.

"ඕකට ගාලික් දාලා. ඩොක්ටර් කිව්වා ජීමින්ට ගාලික් දෙන්න එපා කියලා. වෙනදත් බිව්වෙ හොස්පිටල් එකේ කැද එකනේ."

"යාහ් ජන්කුක් .. තමුන් දන්නවද මේක හදන්න මං කොච්චර මහන්සි වුණාද කියලා. මේඩ්ලා පස් දෙනෙක් එකතු වෙලා මේක හැදුවේ."

"මේඩ්ලානේ .. ඔයා නෙවෙයිනේ."

"බෑ .. මං අහනවා ඩොක්ටර්ගෙන් ජීමින්ට මේවා හොද නැද්ද කියලා."

"මං එක පාරක් කිව්වනේ ජීමින් බොන්නේ මේ කැද එක."

"ජීමිනා ... මේක අසාධාරණයි. බෝයිෆ්‍රෙන්ඩ් කියලා මෙච්චර නටන්න දෙන්න බෑ. මං තමුසෙ කලිසම තෙමාගත්තු කාලෙ ඉදන් යාලුවා. මේ ලගදි හම්බුණ ජන්කුක් නිසා එකට ඉස්කෝලෙන් පැනපු මාව හැලුවා එහෙනම්."

"මේ හලෝ .. ඔයාගේ යාලුකම් මගෙත් එක්ක පටලවන්න හදන්න එපා. ජීමින් .. වලලු නම් දාලා නෑ. අර අතේ බැදන් ඉන්න සුකුරුත්තන් ටික හරි තියනවනේ. වලලු දාපු අතෙන්ම කැද එක බීගන්න. මං යනවා යන්න."

අදත් ඒ වගේ දවසක්. ටියා බත් කැද එකක් හදන් ඇවිත් තිබුණේ. ජන්කුක් මෙච්චර වෙලා තර්ක කරේ ජීමින්ට ටියාට ලං වෙන්න දෙන්න බැරි නිසා. ටියා එක්ක කතා කරලා බේරුමක් නැති තැන අකමැත්තෙන් වුණත් ජන්කුක්ට පරාජය බාර ගන්න සිද්ධ වුණා.

"ඔහොම ඉන්නවා. මට බඩගිනි නෑ. තමුසෙලා දෙන්නම කට පියන් හිටියෙ නැත්තන් ඇත්තමයි මං මෙතනින් නැගිටලා යනවා. මොන කන්දොස්කිරියාවක්ද ? කන ලග දෙපැත්තෙ ඉදන් කච කච ගාන්නේ."

දෙන්නටම ඇහෙන්න බැනපු ජීමින් ඇස් දෙකෙන්ම ජන්කුක්ට ඉදගන්න කියලා පෙන්නලා ටියා දිහාවට හැරුණා.

"මං මේ කැද එක අනිවාරෙන්ම බොන්නම්. ඒත් දැන් බඩගිනි නෑ. අරස්සෝ... "

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now