CHAPTER. 2

134 30 15
                                    

අපි ගොඩාක් වෙලා කතා කරා.. එයා එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඒ කතාව නම් ඇත්ත. මගෙන් වෙනසක් වත් අඩුවක් වත් නොවෙන්න මම මගේ යුතුකම ඉෂ්ට කරා...

"ස්තුති අද දවස මන් වෙනුවෙන් වෙන් කරාට.අපි එහෙනම් ගෙදර යමුද? මගේ පවුලේ අය බලන් ඇති. දවසක එයාලවත් මුණගැහෙන්න පුළුවන් වෙයි ඔයාට. එයාල ආසාවෙන් ඉන්නේ ඔයාව මුණගැහෙන්න."

හුම්....... ඉවසන්න ජන්කුක්. එයා මේ කිසි දෙයක් දන්නේ නෑ. මේක තමයි දැන් ඔයාගෙ ඉරණම. මේ හැමදෙයක්ම මම කරන්නේ ඔයා වෙනුවෙන් ඔයා ඒක දන්නවා නේද? පුළුවන් ඉක්මනට ආපහු එන්න. ඔයාට විතරයි මේ හැමදෙයක්ම හරිගස්සන්න පුළුවන්. මම බලන් ඉන්නවා. කරුණාකරලා ආය එන්න...

ජන්කුක් : ඔව් දැන් යමු. මම ඔයාව ගෙදරින් ඇරලවන්නම්. දැන් ගොඩක් රෑ වෙලා. මටත් වැදගත් ගමනක් යන්න තියනවා.

"නැහැ කරදර වෙන්න එපා. මගේ අප්පා මේ ළඟ ඉන්නේ මම එයාට කතා කරන්නම්. ඔයා යන්න තව පරක්කු වෙයි. සමාවෙන්න මම නිසා ඔයාට පරක්කු උනාට."

එයා හිනා වෙලා යන්න හැරුණා. එයා සතුටින්. එයාගෙ කතාවෙන් මට ඒක තේරෙනවා. මට ඕන නෑ ආත්මාර්ථකාමී වෙලා ඔයාගෙ වගේම එයාගෙ ජීවිතේ විනාස කරලා දාන්න.. ඒත් එක පාරට මට දෙයක් මතක් උනා, ඒ නිසා මම එයාට කතා කරා.

ජංකුක් : ජියා, පරිස්සමින් යන්න!

ජියා : හරි.. ඔයත් පරිස්සමින් ජංකුක්!

මම හැරිලා ආවා මගේ කාර් එකට. මට අඩන්න ඕන උනා. කෑගහලා අඩන්න ඕන උනා. කාටද මන් මේ බොරු කරන්නේ..ටිකක් වෙලා එහෙමම ඉඳලා මම යන්න පිටත් වුනා...












ජංකුක් : සමාවෙන්න ටිකක් පරක්කු වුනා. ඔයාට පුළුවන් ඕනනම් මට ගහන්න..ඔව් ඔව් හරි මම දන්නවා ඒක මම කියන්න ඕන නෑ. ඔයාගෙ හැටි මම අමුතුවෙන් දැනගන්න ඕන නෑ. පුළුවන් උනානම් ඔයා මට දැන් හොඳ පාරවල් දෙක තුනක් ගහලා.

මම එයා ළඟට ගිහින් වැඩිවෙලා එයාගෙ අතින් අල්ලගත්තා. මගෙ හිත නිවන එකම කෙනා ඔයා. ඒ වගේම මාව තෙරුන් ගන්න එකම කෙනාත් ඔයා. ඔයා ඔහොම ඉන්නවා මට බලන් ඉන්න බැ. ඉක්මනට ආපහු ගෙදර එන්න. ඔයා නැතුව එහෙ ගොඩක් පාළුවට ගිහින්.

දන්නවද ඔයා හරි. එයා ගොඩක් ලස්සනයි. ඒ කටහඩ ඔයා කිව්වා වගේමයි. එයා ඇදන් ආවෙ රෝස පාට මල් තියන ගවුමක්. ඔයා කිව්වා හරි එයා  රෝස මලක් වගේ. ඔහ්! හරි හරි මම වර්ණනා කරනවා වැඩි වගේ නේද? හරි එහෙනම් ඔයා නිදා ගන්න මමත් දැන් ගෙදර යනවා අද හරිම මහන්සියි. ඇත්තම කිව්වොත් මගේ හිතට හරි මහන්සි. පරිස්සමින් ඉන්න! මම ආය ඉක්මනින් එනවා ඔයාව බලන්න. මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ හිම බෝලේ.

ජීවිතේ කියන්නෙ මේකද? අවාසනාව කියන්නේ මේකද? ඇයි මම ම? මම මොකද්ද කරපු වරද මම ආදරේ කරන අයව මගෙන් මේ තරම් ඈත් කරන්න තරම්? කොහොමද මේ හැමදෙයක්ම මම තනියම දරා ගන්නේ? මට අඩන්න ඕන. මට මෙහෙම කරන්න එපා කියලා කෑගහලා දේවියන්ට කියන්න ඕන...

මම එතනින් එලියට ආවා. මගේ හිතට මේ දේවල් බර වැඩි. මම එච්චර ශක්තිමත් කෙනෙක් නෙමෙයි. ඔයා වගේ නිර්භීත කෙනෙකුත් නෙමෙයි. මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. කරුණාකරලා ආපහු එන්න. මේ හැමදේම හරිගස්සන්න.



















හායි!! කතාව පැහැදිලිද? තෙරුන් ගන්න අමාරුද? මේ ප්‍රශ්න ඔක්කොම ඉස්සරහට විසඳනවා.

මම කතාව ලියන ක්‍රමේ හොඳද? ඔයාලට මොකද හිතෙන්නේ? ගැඹුරු වැඩිද? මට ඕන වුනේ ටිකක් හිතට දැනෙන විදියට ලියන්න. කතා කරන භාෂාව මම භාවිතා නොකළේ එකයි.

මේක මගේ පලවෙනි කතාව මම ගොඩක් ආසාවෙන් ලියන්නේ. වැරදී
තියෙනවා නම් සමාවෙන්න. මම කතාවේ නමට පාවා ටිකක් මහන්සි උනේ ඒකට සාදාරයක් කරන්න ඕන කියලා හිතුන නිසා. මම ආසාවෙන් කියවපු කතා වල නම් ටිකක් වෙනස් අර්ථ ගත්තෙ. ඒ කිව්වේ ටිකක් ගැඹුරුයි. ඒවා ලස්සනයි.

කතාව හොඳනම් comment එකක් දාන් යන්න. එතකොට මට අදහසක් ගන්න ලේසි..









𝒩𝒾𝓃𝒾 🥀

BELAMOURWhere stories live. Discover now