-Chapter 1-

3.9K 315 46
                                    

"පල යන්න කාලකන්නියා මගේ දෑහට නොපෙනී..." මිස්ටර් ජෙයොන් කෑ ගැහුවේ වැරදීමකින් අත ඇරුන වීදුරු කෝප්පයේ කටු අහුල අහුල අඩන ජන්කුක්ටයි... නෑ ජන්කුක් අඩන්නේ එයාගේ අප්පා එයාට බැනපු එකට නෙවෙයි මොකද එයාට ඒක පුරුදුයි ඒ අහිංසකයාගේ ඇහැට කදුලු ඉනුවේ ඒ සිනිදු අත් දෙක වීදුරු කටු වලට කැපුන නිසයි...

"උබ වගේ තිරිසනෙක් අරකිට මොකට ලැබුනද මංදා... ඉන්නකං මාව කාලා දැන් මේකවත් මගේ ඇගේ ගහලා යන්න ගියා තූ නොදකින්..." ජන්කුක්ගේ අප්පා, මිස්ටර් ජෙයොන් ජන්කුක්ට පයින් පාරක් ගැහුවේ ජන්කුක්ගේ දණිහිසත් ඒ වීදුරු කටු වලට කැපෙද්දී...

"මොකද ජන් කෑ ගහන්නේ? මං අනේ පුතා එක්ක කෝල් එකකනේ ඉන්නේ අනේ" යූනා, ජන්කුක්ගේ අප්පගේ දෙවනි කසාදේ වයිෆ් ඒ විදිහට කෑ ගැහුවාම මෙච්චර වෙලා යක්ෂාවේස වෙලා උන්න ජන්කුක්ගේ අප්පා මූණට බොරු හිනාවක් අරගෙන,

"සොරි හනී... මූ බල්ලා අදත් වීදුරුවක් විනාස කලා" කියලා නැවතත් ජන්කුක්ට පයින් පාරක් දීගෙනම උඩ තට්ටුවට ගියේ එයාගේ දයාබර බිරිදවත්, තමන්ගේ නොවන පුතාවත් දැක ගන්නයි...

ජන්කුක් මිස්ටර් ජෙයොන් ගියාට පස්සේ හුග වෙලාවක් යනකං බිම දන ගහගෙනම උන්නා... වැඩ කරන සේවකයෙක්වත් ජන්කුක් දිහා බැලුවේ නැත්තේ එහෙම කරලා ජොබ් එකවත්, ජීවිතයවත් නැති කරගන්න ඕන නැති නිසා... ඔව් ජන්කුක් තනිවෙලා, අසරණ වෙලා එයාට කාත් කවුරුත්ම නෑ... කකුලෙන් ලේ ගලාගෙන ගියත් අතේ ඇගිලි කැපිලා ලේ පාරවල් ගල් වෙනකනුත් ජන්කුක් හීනි ඉකියක් විතරක් පිට කරන ගමන් එහෙම්මම ඉදන් බලාගෙන උන්නා... කැඩුනු වීදුරුවෙන් එයාට පෙනුනේ කැඩුනු එයාගෙම රූපය, හරියට දැන් එයාගේ ජීවිතය වගේ කැඩිලා ගියපු විනාස වෙලා ගියපු තනි වෙලා ගියපු ජයන්කුක්ගේ ජීවිතය...

පැයක් විතර බිම දණ ගහගෙන ඉකි ගැහුව ජන්කුක් හෙමීට නැගිටින් උත්සාහ කලා... එකම විදිහට දණගහගෙන ඉදලා එයාගේ දණහිස් හිරි වැටිලා, තුවාල වලින් ඕනාවටත් වඩා වේදනාවක් ගෙනාවා... නැගිටිද්දී ආපහු ඇදගෙන වැටුන ජන්කුක් ආපහු තුවාල උණ දණහිසම බිම ඇණ ගත්තා... ජන්කුක්ට වේදනාව පුරුදු වෙන්න තිබ්බා එයාගේ හම ඕනාවටත් වඩා සියුම් සංවේදී හමක් නොවුනා නම්... ජන්කුක්ට තියෙන රෝස-සුදු පාට ඇග පුරාම කැලැල් නොතිබුනේ ඒ කැලැල් ඒ හමෙන් ඉක්මනට මැකිලා යන නිසා මිසක් ජන්කුක් ඒ තරම් වාසනාවන්ත නිසා නෙවෙයි... සතියකට සැරයක්වත් මිස්ටර් ජෙයොන්ගේ බෙල්ට් පාරක් කන ජන්කුක්ගේ හම ඇයි මෙච්චර සියුමැලි උනේ? ඒක වේදනා දෙනවා වැඩී...

You'll also like

          

ජන්කුක් නැගිටලා බිම් මහලේ කාමරයට ඇවිදගෙන ගියා නෙවෙයි බඩගෑවා එහෙමත් නැත්නම් දෙයක් වැරු කරගෙන ගියා කියන්න පුලුවන්... කිසිම පහසුකමක් නැති ඒ බිම් මහලේ කාමරය ජන්කුක් අතින් ලස්සන වෙලා හැඩ වෙලා පිරිසිදුව තිබුනා... ජන්කුක් අබලං උන මෙට්ටය මතින් ඉදගෙන සුසුමක් හෙලුවා...

"ඔම්මා ඔයා ගියපු තැන මීට වඩා හොදද ඔම්මා? ඔම්මා සතුටින්ද? හම්ම් අනිවාර්යයෙන්ම මෙහෙට වඩා සතුටින් ඇති ඒකනේ ඔම්මා ආපහු නාවේ... ඔයාගේ කුකීට හරිම මහන්සී ඔම්මා මේවා දැකලා අහලා මගේ ඔලුව රිදෙනවා... අප්පා කියනවා මං කාලකන්නියෙක්ලු ඒක එහෙමද ඔම්මා? ඔයාටත් එහෙම හිතෙනවද? කුකී කාලකන්නියෙක්, මූසලයෙක්, බල්ලෙක් වගේ කියලා ඔම්මටත් හිතෙනවද? ඒකද තනියම යන්න ගියේ? සොරි ඔම්මා ඔයාට කතා කරලා කරදර කරාට කුකී නිදාගන්න යනවා... ගුඩ් නයිට් ඔම්මා"

තුවාල උනා කියලා ජන්කුක්ට ඒවට දාන්න බෙහෙත් තිබුනේ නැති කමටම ජන්කුක් එහෙම්මම ඇදේ ඇල උනා... තවමත් කකුලෙන් ලේ ගලන එක නතර වෙලා නැති උනත් ඒවා එයාගේ එකම බෙඩ්ශීට් එක තෙමනවා උනත්, පිරිසිදුව ඉන්න කැමති ජන්කුක්ට මේ මොහොතේ ඒ ගැන හිතන්න ඕන උනේ නැ... අඩලම රතු උන ඇස් එක්ක ජන්කුක් හෙමීට ඇස් පියාගත්තා ඒ හෙට දවසවත් මීට වඩා ලස්සන වෙන්න කියලා හැමදාම කරන ප්‍රාර්ථනාව කරන ගමන් නමුත් හැමදාම ඊයෙට වඩා කරදරය වැඩි වෙන දවසක් ගැන හීන මවමින්...

><

උදේම ගැස්සිලා වගේ ඇහැරුණ ජන්කුක් හෙමීට ඇදේ වාඩි උනා... තොල් වේලිලා සුදු වෙලා ගිහින්, ඇස් වටේ කලු වෙලා, මුලු මූණම සුදුමැලි වෙලා ගිහින් තිබුණත් තමන්ට තියෙන එකම සැනසීම වෙනුවෙන් ජන්කුක් නැගිට්ටේ වෙන ඇදුමක් දාගෙන යුනිවර්සිටි එකට යන්න... බැලන්ස් නැතුව ඇදගෙන වැටෙන්න ගියේ ඊයේ ලේ ගලපු හැබැයි මේ වෙද්දී ලේ ගලන එක නතර වෙලා තිබුණු තුවාලයෙන් කැක්කුමක් දැනුන නිසයි... ඒත් හිත ශක්තිමත් ජන්කුක් කොහොමින් හරි උදේ එයාගේ වැඩ ටික කරගෙන කකුල් වලට වඩා ගොඩක් ලොකු දිග ඩෙනිම් කලිසමකුත්, ඕවර් සයිස් ටී ෂර්ට් එකකුත් ඇදගෙන සුදු පාට ජැකට් එකකුත් දාගෙන ඉක්මනට එලියට බැස්සේ යුනිවර්සිටි එකට යන්න... කොර ගගහාම ජන්කුක් යුනිවර්සිටි එකට පයින්ම ගෑටුවා...

MY TOPS|VMK|✔Where stories live. Discover now