Chapter 1

16.7K 896 240
                                    

Xiao home
°°°°°°°°°°°°°

තනිමහලේ නිවසක් වූ xiao නිවස ආදරයෙන් පිරුණු තැනකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තනිමහලේ නිවසක් වූ xiao නිවස ආදරයෙන් පිරුණු තැනකි.

සේවය කල restaurant එකෙහි night shift එක අවසන් කළ ජාන් නිවසට ආවේ අධික වෙහෙසකිනි.

" හෙලෝ බියුටිපුල් කෙල්ලේ...කෑම එක උඩට එවනවද..මහන්සි අප්පා.." ජාන් කීවේ තමා එනතුරු පුටුවක ඇල වි උන් Zhang හටය.

" wash එකක් දාගෙන පහළට එන්න කතා කරන්න දෙයක් තියෙනවා.." Jianmin කීවේ කාමරයෙන් පිටතට එමිනි.

" තමුසෙට ඒකත් ජයසිරි මංගලම් වෙන්න යන්නේ..." Zhou chen මැදින් පැන්නේ කෑම මේසයට වී පාඩම් කරමින් සිටය.

" තෝ කට වහන් පාඩම් කරපං..." ජාන් කීවේ කෝපයෙනි.

කාමරයට ගිය ජාන් ඇදුම් මාරු කරගෙන වොෂ් එකක් දාගෙන පහළට ආවේ සින්දුවක් මුමුණමිනි.

" නෙලා ගැනුමට නොහැකි වූවද
අත් හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීමය..."

" දැන් නම් උඹ හිර වෙන්න තමා යන්නේ කොල්ලෝ..." චෙන් කීවේ චිකන් කරි එකේ තිබූ චිකන් කෑල්ලක් කටේ දාගනිමිනි.

" චෙන් එළවළු භාජන වලට අත දදා කන්න එපා.." ජාන් කීවේ චෙන්ගේ අතට පාරක් ගසමිනි.

" තමුසේ අම්මා නොවී ඉන්නවකෝ.."

" පෙරේත වැඩ කරන්න එපා කියන්න ඕනි අම්මා විතරද..? "

" යැයි...යැයි...යැයි...පලයං යන්න සුදු කොකා..."

" ඇති ඇති...නවත්ත ගන්නවා දෙන්නම.." Zhang කීවේ චෙන්ට ටොක්කක් අනිමිනි.

" ඔයත් ඉතින් මටම ටොකු අනින්න අම්මා...මං දන්නේ නෑ ඔයාගේ ටොකු කාලම මං කොට වෙයිද කියලා..."

නුඹට පමණයි (Zhanyi)(21+)Where stories live. Discover now