🩸Help 25🩸

78 14 9
                                    

අරාව මැද ඉන්න නූවාගේ අත් දෙකේම ජීවන් කරපු කලු පාට නූල් ගැටගහපු එක භික්ෂුවක් නූවාගේ ඇඟ වටේට මිනී අලුව වලින් රේඛාවක් ඇන්දා..
ඒ අතරේ පන්සලේ ප්‍රධාන භික්ෂුව යාගය පටන් ගත්තා..

මන්තර ගුරුකම් කවුරුත් විස්වාස නොකලත් අපි හැමෝටම නොපෙනන බලවේග මේ විශ්වයේ හැම තැනකම සැරිසරන්න පුලුවන්.
ජීවත් වෙලා ඉන්නකොට අකාලයේ මිය යන කෙනෙක් තමන්ගේ ආසාවල් ඉශ්ට කර ගන්නකම් නැවත ආත්මයක් ලබන්නෙ නෑ..
එයාලා තමයි අමනුස්සයෝ ප්‍රේතයෝ වේශයෙන් මිනිස්සු අතර සැරිසරන නොපෙනෙන බලවේග..

තාරූට මතක් වුනේ එයාගේ ආත්තම්මා දවසක් කියපු දෙයක්...
එරමිනිය ගොතාගෙන බිම වාඩි වෙලා නූවා දිහා බලාගෙන ඉන්න තාරූ..

"අත්‍තම්මා..ඔයත් ආත්මයක්නම් මගේ නූවා බේරලා දෙන්න."

තාරූ තමන් එක්කම තනියම කතා කර කර උදව් ඉල්ලන්න පුලුවන් හැම කෙනාගෙන්ම උදව් ඉල්ලුවා..

අරාව ඇතුලේ ඇස් පියාගෙන ඉන්න නූවා තවමත් හිටියේ නිසොල්මනේ..
දිගටම හාමුදුරුවෝ ජප කරන්න පටන් ගත්තා..
අතට ගත්තු මිනී අලු වලට මතුරන ගමන් හාමුදුරුවෝ ඒවා නූවාගේ ඇඟ වටේට ඉස්සා...

පූර්ණ චන්ද්‍රයා මෝදු වීගෙන එමින් තිබුනේ...
පරිසරය ක්ශනයෙන් වෙනස් වෙන්න ගත්තේ පන්සලේ හිටපු හැමෝම බිය ගන්වමින්..
හිරිකඩ වැස්සක් එක්ක ගස් ඇඹරෙමින් කුනාටුවට පෙර නිමිති මතු වෙද්දී...
පන්සලේ එල්ලලා තිබුන තිර රෙදි හැම එකක්ම හුලඟට වැනෙන්න ගත්තා..

පන්සල දසතින් දෝංකාර දෙන ගැණියකගේ විලාප හඬ එක්ක නූවාගේ ඇස් දෙක එක පාරටම ඇහැරුනේ සුදු ඉගිරියාවක් නොපෙනන තරමට කලු කරලා..

පණ නැතිව හිටපු නූවා එක වරම නැගිටලා තාරූ දිහා බලද්දී තාරූ ගැස්සිලා පස්සට ගියේ නූවා බලන්න බැරි තරම් බය හිතෙන ස්වරූපයෙන් හිටපු නිසයි..

චන්ද්‍රයාගේ එලිය ටික ටික අරාව ඇතුලට වැටෙනකොට නූවාගේ ඇටකටු බිඳගෙන අමනුස්ස ආත්මය නූවාගේ ඇඟට ඇතුල් වුනා..
නූවාගේ බෙල්ල වටයක්ම කැරකිලා ආපහු තිබුන විදිහට තියෙද්දී..
ඔහුගේ කකුල් ඇඹරිලා ගිහින් අත පය අනිත් පැත්තට ඇඹරුනා..

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now