4. CAN'T TAKE MY EYES OFF YOU - Part I

377 105 53
                                    

මට බයයි මම ගොළු වෙලා යයි කියලා . කතා කරගන්න බැරිවෙයි කියලා . මාව හිරවෙලා ගිහින්. මේ වේදනාව තවත් දරාගන්න බෑ. මනුස්සයෙක්ට හැමදේම තිබිලත් සතුටු වෙන්න හේතුවක් ජීවත් වෙන්න ජීවිතයක් නැති උනාම තවදුරටත් හුස්ම ගන්නවා කියන දේ විතරක් එයාව පණ ගැහෙන හදවතක් බවට පත් කරන්නේ නෑ...

මට සුවිසයිඩ් කර ගන්න ඕනේ නෑ.

මම සුවිසයිඩ් කර ගත්තා කියලා මට ලැබෙන්න දෙයක් ඉතුරු වෙලාත් නැ නැතිවෙන්නෙත් නෑ. මට ඕනේ ජීවත් වෙන්න හේතුවක්. ඒ හින්දමයි මම තීරණය කරේ මං වෙනුවෙන් නැතත් වෙන කෙනෙක් වෙනුවෙන් හරි ජීවිතේ ඉතුරු හරිය ගැට ගහගන්න.

පපා නැතිවෙච්ච දවසේ ඉදලා මට මං ගැන තනියම බලාගන්න උනා. මමාට තිබුණා ලොකු පවුලක්. ඒත් කවදාවත් ඒ කවුරුත් මට බලපෑම් කරන්න ආවේ නැ. එයා පපාට බය උනා. මමා නැතිවෙලා තිබුනේ මම ඉපදුනු දවසෙමයි. මමාගේ ලොකු පවුල මාවත් ඒ වෙනකොට කිසිම දෙයක් නොතිබ්බ මගේ පපාවයි අතැරලා දැම්මා කුණු ගොඩක් වගේ.

මම නොසැහෙන්න පුංචි කාලේ වේදනා දුක් නපුරු කතා අහගෙන තියනවා. පපා පුදුම මනුස්සයෙක් . එයා මාව තනියම හැදුවා. මට ඉ⁣ගැන්නුවා. එයා පුංචි ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් පටන්ගන්නකොට මට වයස දහතුනයි. එයා ලොකු ව්‍යාපාරිකයෙක් වෙනකම්ම අපි ගැන බලන්න කවුරුවත්ම හිටියේ නැ. එයා නැගී එන ව්‍යාපාරිකයා සම්මානයට නොමිනේට් උනාට පස්සෙ හැමදේම වෙනස් උනා. මගේ පපා කියන්නේ කොහොමත් හරිම අහිංසක මනුස්සයෙක් . අන්කල් කිම් නොහිටින්න එයාට මේ ව්‍යාපාරික ලෝකේ ඉස්සරහා ගමනක් නැ. පපාට බෑ නපුරු දේවල් දරාගන්නවත්. ඒත් මං සම්බන්ධ දේ වලදි එයා හරිම දැඩි උනා. මමාගේ පවුලෙ අය පපාගේ සල්ලි නිසා අප⁣ට කිට්ටු වෙන්න එනකොට එයා ඒ හැමදේම ගැන බලාගත්තා. මට තවදුරටත් නෑයොන්ගෙන් වැඩක් තිබුනේ නැ. ඒත් ඒ පවුල් වල දරුවොන්ට සලකන එක පපා කවදත් කරා. අදටත් එහෙමයි. ජොන් කෝපරේෂන් එකේ ශිශ්‍යාධාර වලින් ඉගෙන ගන්න දහසකුත් දරුවෝ අතරේ මමාගේ නෑයෝ වගේම පපාගේ දුර ඥාතිනුත් බොහොමයක් ඉන්නවා .

පපා නැති උනාට පස්සෙ මම බිස්නස් වල වගකීම සම්පුර්ණයෙන්ම බාර ගත්තා. මම කොහෙත්ම සමාජශිලී පුද්ගලයෙක් නොවෙන නිසා මට දේවල් ලේසි උනේ නෑ. සොක්ජින් හියොන්ග් , කිම් අන්කල් පපාට උදව් කරා වගේම කිම් අන්කල්ගේ දෙවනි පුතා ටෙයොන්ග් මගේ පස්සෙන් හිටිය නිසා පපා රැකගත්ත ව්‍යාපාරය ඉස්සරහට දියුණු කරන්න මට පුළුවන් උනා.

wINd fRoM ThE wESt  하늬바람 | Jikook Kookmin |Where stories live. Discover now